අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,615
    113
    ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව එම සංගමය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ හෙට දින දුම්රියන් ධාවනය නො වන බැවින් දුම්රිය භාවිත නොකරන ලෙසටයි.

    ඔවුන් මෙලෙස සංකේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමක මහත්වරුන් හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයේ කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිවයි.

    ඒ අනුව ඔවුන් පවසන්නේ දුම්රිය මඟීන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව සෘජුව ම සම්බන්ධ වන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.

    ආසාදිතයින් වාර්තා වූ ඇතැම් දුම්රිය ස්ථානවල ආසාදිත සේවකයා ඉවත් කර ඉතිරි ආශ්‍රිත සේවකයින් යොදාගෙන සේවය පවත්වාගෙන යාමට ද ඇතැම් අවස්ථාවල දී උපදෙස් ලැබී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

    මේ වන විටත් ආසාදිතයින් 93ක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම විනා අදාළ තොරතුරු පවා දෙපාර්තමේන්තුව සතු ව නො මැති බවටද එම සංගමය චෝදනා කර සිටිනවා.

    ‘නිවෙස් නිරෝධායනය’ රජයෙන් අනුමත කර ඇති තත්ත්වයක් යටතේ ඌණ උපයෝජිත සම්පත් උපයෝජනය කරගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නො මැති බව යි ඔවුන් පවසන්නේ.

    මේ අතර දෙපාර්තමේන්තුව සතු ව ඇති දුම්රිය විවේක කාමර සහ නිවාඩු නිකේතනවල එක් වරකට රෝගීන් 200කට පමණ පහසුවෙන් නවාතැන් ලබාදිය හැකි බව ද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

    මේ හරහා අවසානයේ සිදුවන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා එහි කාර්‍යමණ්ඩලය ආසාදනය වීමත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස මඟීන් කොරෝනා බෙදාහරින රෝග වාහකයින් බවටත් පත්වීමයි.

    Source
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    fist-bump-fist-pump.gif
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගූඑන්පී ගොන්බඩු ටිකයි, ජෙප්පෝ ටිකයි ස්ට්‍රයික් කරාට රටට ආදරේ පොහොට්ටුවේ දුම්රිය වෘත්තීය සමිති හෙට වැඩ කරයි.
     
    • Haha
    Reactions: Walter White

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Dan ithin Hama Office ekama Ehema thamai.. Office eke ekekta corona Haduna Kiyala dan Office ekama Vahanne na... Haduna ekata gedara inna kiyala anith un wadata yanna one... Issara wage neme dan... Too normal....Ehema Corona haduna office wahanna gaththot colombo tiyena okkoma ewa wahanna wenawa
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ගූඑන්පී ගොන්බඩු ටිකයි, ජෙප්පෝ ටිකයි ස්ට්‍රයික් කරාට රටට ආදරේ පොහොට්ටුවේ දුම්රිය වෘත්තීය සමිති හෙට වැඩ කරයි.
    ආතල් ඕයි..