බාටා සෙරෙප්පු දෙකකුයි ඉරිච්ච ෂර්ට් එකකුයි කොට කලිසමකුයි බීඩියකුත් උර උර මොරටුවෙන් නැග්ගෙ. මිනිහා ලී වලින් හදපු ටවල් රැක් ටිකක් දා ගෙන ගිහින් පස්සෙ දෙහිවලින් බැස්සා. හිටපු ගෑනු කෙනෙක් උදව් කරා ඒ ටික බා ගන්න. පින්කි නන්ගි වෙන්න ඇති. මම ඒකිගෙ මූණ දැකල නෑ. මට කතා කරන්නත් හිතුණා ආහ් ඉන්දරේ කියල. පස්සෙ ඕන නෑ කියල හිතුණා. 

