අද මරණ 5ක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
    ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
    මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.
    01. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ් වෛරසය ආසාදනය වීමය.
    02.හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් - 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මුලික රෝහල වෙත මාරු කර එවා එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් - 19 වෛරසය ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිරය වහනය වීමයි.
    03. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතකරන අවස්ථාවේ දීත් මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් 19 වෛසරය ආසාදිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.
    04. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් - 19 ආසාදනය සහිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.
    05.කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇඳුම රෝගය සහිත මෙම පුද්ගලයාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම වේ.