අද වැරැද්ද? - Daily Thread

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    අපේ ජිවිත විවිධාකාරයි.

    සමහර අය සාමාන්‍ය ජිවිතයක් ගෙවන අය, තවත් සමහරක් සුඛෝපබෝගී ජිවිතයක් ගෙවන අය, තවත් සමහරු දිළිඳු ජිවිතයක් ගෙවන අය, මේ ඔක්කොම එකම ලෝකයේ විවිධ තැන්වල ඉන්න අය.

    ජිවිතයේ අපි විවිධාකාර දේවල්වලට මුහුණ දෙනවා. හොඳ සහ නරක මේ දේවල්වලට මුහුණ දෙනවා.

    සමහරු කිසිම වැරද්දක් වෙන්නේ නැතුව උපරිමයෙන් ජීවත්වෙනවා.
    තවත් සමහරු නිතරම වැරැද්දෙන් ජීවත්වෙනවා.

    අපි අපේ වැරැද්දට වඩා මුලින්ම දකින්නේ වෙන කෙනෙකුගේ වැරද්දක්.
    අපි අපේ වැරැද්ද හදාගන්න කලින් අනිත් කෙනාගේ වැරැද්ද හදන්න පෙළඹෙනවා.

    මිනිස්සු කියන්නේ වානරයෙක්. අනිත් වනරයින්ගෙන් වෙනස්වෙන්නේ දියුණු මොළයත්, ඇඟේ ලෝම නැතිකමත් නිසා. නේකඩ් එප්ස් කියල මිනිස්සුන්ට කියන්නේ.

    හිතන්න පුළුවන් බුද්ධිය නිසා මුළු ලෝකෙම දක්ෂම සතා තමයි මිනිසා.


    අපි අපේ වැරැද්ද දකින්න පුලුවන්නම් ඒ වැරැද්ද හදාගන්න හිත පොළඹවන්න පුළුවන්.

    ඉතින් මේ ත්‍රෙඩ් එකේ අපි අපේ වැරදි දකිමු. (කරුණාකර දේශපාලන දේවල් මේ ත්‍රෙඩ් එකට එකතු නොකරන්න)

    ඔබ හැමදාම වැරද්දක් කලොත් මේ ත්‍රෙඩ් එකේ ඒක ලියන්න. වෙන කෙනෙකුගේ වැරැද්ද නොවේ, ඔබ කල වැරැද්ද පමණයි.

    එළකිරි සාමාජිකයින් සාවදානව ඒක දැකල පුළුවන් විදිහට වැරැද්ද නිවැරදි වෙන්න පිළිතුරු දෙමු.
    වැරැද්දට බනින එක මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ නැහැ. වැරැද්ද හදන ක්‍රම විතරයි.

    තවත් සාමාජිකයෙක් කරපු වැරැද්දකට හිනා නොවී, අපි අපෙනුත් ඒ වැරැද්ද නොවෙන්නත්, වැරැද්ද දාපු කෙනා අපහසුතාවයට ලක් නොවෙනලෙසත් පුංචි වචනයකින් උපදෙසක් දෙමු.

    මේ ත්‍රෙඩ් එක එළකිරි එක තියෙනතාක් පවත්වාගෙන යමු.

    දිනපතා උඩට එන්න ඕන නිසා හැමදාම කෙනෙක් අඩු තරමින් 'ආයුබෝවන්' කියලවත් දාමු.

    stress-man-holding-head-Excel.jpg





     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    කවුරුත් වැරද්දක් කියන්න බයයි වගේ නේද?

    කවුද මුලින්ම දවසේ කරපු වැරැද්ද දාන්නේ?
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Adanam mukuth na. Eth bahutharayak minissu thaman waradak kara kiyala pili aragena eka hada ganna tharam nihathamani na machan.
     
    • Like
    Reactions: kinkon