අද 12ට නවත්තන්නලු

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අද 12ට නවත්තන්නලු

    11233335_656317217838325_8305373815561535440_n.jpg

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (14) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත යි.
    ඉන් පසුව එළැඹෙන තෙදින තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටිය යුතු හෙයින් මැතිවරණයට අදාළ පැමිණිලි හා සිද්ධි පිළිබඳ තමන් වෙත හෝ පොලිස් / සිවිල් නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම හැර, ෆේස්බුක් සමාජජාලය හරහා කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කාර්යයන් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස ඉතා ඕනෑකමින් සහ කරුණාවෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇත.
    මැතිවරණ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව හරහා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අප සමග පැවසූවේ ෆේස්බුක් වැනි සමාජජාලයක් හරහා සිදුකෙරෙන දෑ නීතියක් මඟින් නැවැත්විය නොහැකි බැවින් මෙය සියළු දෙනාට කෙරෙන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරන බව යි.

    63a01c3410c352811afec215d7d7b642_L.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (14 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

    මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 17 වැනිදා දිනට පැය 48 කට පෙර තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු වෙයි.

    ඒ අනුව "නිහඬ කාලය" ලෙස හැඳින්වෙන මෙම දින දෙක තුළ ඡන්ද දායකයන්ට නිදහසේ තීරණ ගැනීමට ඉඩ ලබා දිය යුතු බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්‍ෂ වෙත දැනුම් දී ඇත.

    මේ අතර අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට සහාය පතා බෝධි පූජා, ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් එම දින දෙකේදී සිදු කිරීම කොමසාරිස්‌වරයා තහනම් කර ඇත. එමෙන්ම ජංගම දුරකතන මගින් අපේක්‍ෂක සහාය පතා කෙටි පණිවුඩ, කෙටි හඬ පණිවුඩ, අන්තර් ජාල ප්‍රවර්ධන ආදී ක්‍රියාකාරකම් ද සපුරා තහනම් කර ඇත.

    මේ අතර අපේක්‍ෂකයන් හා පක්‍ෂ පිළිබඳව හැඟවෙන පරිදි ප්‍රවෘත්ති හෝ දැන්වීම් මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍යවල විකාශනය කිරීමද තහනම් කර තිබේ.

    දිවයින
     

    Similar threads