අද 2011.02.28 දවසේ වැරැද්ද..
කිතුල්ගල කඩයක් කොල්ලකා සිරිපා වන්දනාවේ ගිය
සිසුන් අත්අඩංගුවට
තල්දූව-අංජුල නිශාන්ත
කිතුල්ගල නගරයේ වෙළෙඳසැලකින් රු. 24,000 ක් කොල්ලකා සිරිපා වන්දනා කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කිතුල්ගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කිතුල්ගල ප්‍රදේශයේ පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි. මොවුන් රාත්‍රි කාලයේ කිතුල්ගල, මල්වත්ත මාර්ගයේ වෙළෙඳසැලක් බිඳ රු. 24,000 ක මුදල් හා සෙල්ලම්බඩු තොගයක් කොල්ලකා එම මුදල් රැගෙන එදිනම සිරිපාල වන්දනා කිරිමට ගොස් ඇත.

පසුව මෙම සිසුන් දෙදෙනා සැකකටයුතු ලෙස නල්ලතන්නිය නගරයේ බඩු භාණ්‌ඩ මිලදී ගනිමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසුන නල්ලතන්නිය පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අත්අඩංගුවට ගෙන කිතුල්ගල පොලිසියට භාරදී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා මීට පෙරද බයිසිකල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර සිසුන් රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය පිළිබඳව කිතුල්ගල පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊ. එන්. පී. ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් පරීක්‍ෂණ පවත්වති.

Code:
http://www.divaina.com/2011/02/28/provin01.html
Last edited by a moderator: