පිච්චෙන්න අව්ව. වැස්සක් පේන පාතක නෑ. හුලඟත් රශ්නෙයි. කාලගුණය වෙනස් වෙලා හැඩයි. ඒ විතරකැයි යුක්‍රේනයයි රුසියාවයි අතරෙ මහ යුද්ධයක්. මේ වගේ වෙලාවට ස්වාමීන්වහන්සේලාට හැර හැමෝටම වගේ මතක් වෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ. ඒකෙ නම අධම්මික සූත්‍රය. මේ සූත්‍රයෙ හැටියට බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.
"මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්‍රකුපිත වෙත්. දෙවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්."
දැන් මේකෙ තේරුම ඕන කෙනෙක්ට තේරෙනවා. සරලයි. ඊලඟට බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.
"මහණෙනි, යම් කලෙක රජදරුවෝ ධාර්මික වෙත් ද, එසමයෙහි රාජපුරුෂයෝ ද ධාර්මික වෙත්. රාජපුරුෂයන් ධාර්මික වූකල බ්‍රාහ්මණ ගෘහපතීහු ද ධාර්මික වෙත්. බ්‍රාහ්මණ ගෘහපතීන් ධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද ධාර්මික වෙත්. නිගම ජනපද වාසීන් ධාර්මික වූ කල සඳහිරු දෙදෙනා සමව පවතිත්. සම ව සඳ හිරු දෙදෙනා පවත්නා කල නක්‍ෂත්‍ර තාරකාරූපයෝ සම ව පවතිත්. සම ව නක්‍ෂත්‍ර තාරකා රූපයන් පවත්නා කල දව රෑ සමව පවතී. සම ව දව රෑ පවත්නා කල මසඩමස් සම ව පවතියි. සම ව මසඩමස් පවත්නා කල ඍතු සංවත්සර සම ව පවතී. සම ව ඍතු සංවත්සර පවත්නා කල අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සම ව හමත්. අවිෂම වූ නිසි මග ගත් වාත සම ව හමන කල දෙවතාවෝ ප්‍රකුපිත නො වෙත්. දෙවතාවන් ප්‍රකුපිත නො වූ කල වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නේ ය. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නා කල ශස්‍ය ඵලයෝ සමපාකී වෙත්. මහණෙනි, මිනිස්සු සමපාකී ශස්‍ය ඵලයන් වළඳ කරන්නාහු දීර්‍ඝායුෂ්ක ද වෙති. වර්‍ණවත් ද වෙති. බලවත් ද වෙති. අල්පාබාධත් වෙති."
මේ ටිකත් හරිම පැහැදිලියි. දැන් බුදුරජාණන්වහන්සේ මේ කතාව පැහැදිලි කරන්න උපමාවකුත් පෙන්වනවා.
"තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්."
එහෙම වෙද්දි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ "එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ." කියලා. එ වගේම දේශනා කරනවා "තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා අකුටිල ව යේ නම් නායකයා ඍජු ව යත් ම ඒ හැම ගවයෝ ඍජුව යෙත්" කියලා. මේක පැහැදිලි කරන්නෙ "එපරිදි ම මිනිසුන් කෙරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද, හෙ ද දහම් පුරා නම්, ඉතිරි ප්‍රජාව කැලම ය. රජ ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි" විදියට.
මේ සූත්‍රය අපිට වැඩිය ජනමාධ්‍යයේ ධර්ම දේශනාවලින් ඇහෙන්න ලැබෙන්නෙ නෑ. මන් හිතන්නෙ නිර්වානය ගැන පැහැදිලි සඳහනක් නැති නිසා වෙන්නැති. හැබැයි යුක්‍රේන රුසියා යුද්ධයත් එක්ක ලෝකෙ සමහරක් රටවල්වල වෙන දේවල් එක්ක බලද්දි මේ සූත්‍රයෙන් දේශනා කරලා තියෙන දේවල් කොච්චර නම් ඇත්ත ද කියලා තේරෙනවා.
http://www.thripitakaya.org/tipitakaya/Index/459?s=10210