අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙ&#3503

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙ&#3503

    අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

    මෙලෙස මියගොස් ඇත්තේ අංක.271/1 ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයෙ පදිංචි පත්තිනිගේ දිනූෂා ද සිල්වා (39), සහ දික්හේනවත්ත, ඌරල,වදුරඹ, ගාල්ල, ලිපිනයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ රණවක (78), යන දෙදෙනාය.

    අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ මෙම වැඩසටහන හොරොව්පොතාන මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඊයේ (07)රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ 25000කට අධික රෝගීහු සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

    මියගිය රෝගීන් දෙදෙනා සහ රෝහල් ගත කළ රෝගීන් 18 දෙනා එම වැඩසටහනට සහභාගී වීමට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම වැඩසටහන අතරතුරදී ඔවුනට වැළඳී තිබූ රෝග උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

    අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ 18 දෙනාගෙන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

    මියගිය සිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හොරොව්පොතාන නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.කෙ. දිසානායක මහතා විසින් සිදුකිරීමෙන් පසු ඥාතීන් වෙත බාරදුන් අතර හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල්, (59233)ජයසෙන,(59397) හේරත් යන නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කරති.


    Source : Link
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    වෙදා මුස්ලිම් උනානම්.. මුස්ලිම් ජාතික මෞලව්වරයෙක් විසින් සංවිදානය කල..... බ්ලා.. බ්ලා...
    ඩොකා පාස්ටර් ක්‍රිස්තියානි නම් නිවුස් එක කොහොමත් එලියට එන්නෙම නැහැ..

    වෙදා සිංහල බොදු ගොවි නම් අද්යාත්මක බලයෙන් බ්ලා... බ්ලා..
     

    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    හොදයි ඕකුන් මැරෙන එක. මීහරක් ජාන ටික ඓංහලුන්ගෙ පූල් එකෙන් විසික් වෙන්න ඕනෙ එලියට.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    සමහරු දැක්කලු අංසබාග ලෙඩ්ඩු නැගිටල යනව, ඇත්තද නැත්නම් වෙදාම දැම්ම නළුවොද මන්ද :rolleyes:


    Video nadda ban balanna.. Nagitapu ekaa digatana awidinawada danne na..


    Paw minissu ban.. Duppat minissu wenna ati..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,149
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Video nadda ban balanna.. Nagitapu ekaa digatana awidinawada danne na..


    Paw minissu ban.. Duppat minissu wenna ati..

    මිනිස්සු පව් ඉතින් ලෙඩ හොඳකරගන්ඩ එනව ඇත්තෙ,වැඩේ අවුල් උන නිසා ලෙඩ්ඩු ඇවිදින වීඩියෝ නැතුව ඇති.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    itn කලුසුද්දන් එලි බසි.යුධ ප්‍රකාශ කරයි .අද්යාත්මික ශක්තිය ප්‍රතික්ශේප කරයි .




    මෙහෙමත් තමන්ගේ ආන්ඩුවේ විරුද්ධ වාදීන්ගෙන් පලි ගන්න එක සාධාරණද ITN ?

    1) දීගොඩ කුමාර බලෙන් මිනිස්සු රැස් කරලා නැ.ලෙඩ්ඩු එන්නේ තමන්ගේ කැමෑත්තෙන් .බොහෝ අය ඉස්පිරිතාලවල් වල හොද කරන්න බැහැයි කියලා අයින් කරපු අය .එ වගේ අය මෙවන් සම්මන්ත්‍රණයකදි මිය යන එකට දීගොඩ කුමාර පලිද ? එහෙනම් ඉස්පිරිතාලවල් වල මැරෙන ඔක්කොම ලෙඩ්ඩුන් ගැන පොලිස් පරීක්ෂණ තියන්න ඔනේ දොස්තරලට විරුද්දව..මොනාද මේ දෙකයි පණහේ තර්ක ..

    2) දොස්තරලා ඉස්පිරිතාලවල් වල දීගොඩ කුමාරට ලෙඩ්ඩු හොද කරන්න අවස්තාව දුන්නනම් ඉවරයිනේ .කවුද ඒකට ඉඩ දෙන්නේ නැත්තේ ?දොස්තරලමනේ ...

    3) බුදුන්ටත් ඇතැම් අයව සසරෙන් එතෙර කරන්න බැරි උනා .එහෙමයි කියලා ගෞතම බුදුන් බුදුවරයෙක් නෙමේද ? ITN එකේ තර්ක වලට අනුවනම් බුදුවරයෙක් නෙමේ ..

    4) කෝට්ටේ පෙරහැරේ අලි කුලප්පු උනා . ඒකට වග කියන්න ඔනේ ITN තර්කවලට අනුවනම් පන්සලේ හාමුදුරුවෝ..
    ඒ හාමුදුරුවන්ට විරුද්දවත් පොලිස් පරීක්ෂණ තියනව වගේ කැකීල්ලේ තින්දු ගන්න බැරි ඇයි යහපාලනේට?:lol:

    5) හොද මිනිස්සුන්ට මෙහෙම මඩ ගහලා ලෙඩ්ඩුන්ව රවට්ටලා මතු උපදින ජාති ජාති ලෙඩ වලින් අකාලේ මැරෙන තරම් දරුණු පව්කාරකමක් ITN එක කරගන්නේ ..මෙව සෙල්ලම් වැඩ නෙමේ .. :no:

    6) දීගොඩ කුමාරගෙන් ලෙඩ හොද උන අය ඔනතරම් ඉන්නවා සාක්ෂි ඔනතරම් තියනවා . මෙවා මිත්යාව නෙමේ ..



    විනාඩි 6යි තප්පර 20 සිට























    දෙව් සුව සෙවා ආයතනය itn එකට විරුද්දව අපහාස නඩු දැමීමට වහා ක්‍රියාත්මක විය යුතුය . කලු සුද්දන්ට සහ උන්ගේ පක්ෂ වූ නිදහස් පක්ෂයට සහ ගූ.එන්.පී යට විරුද්දව ජනතාව පෙල ගැසිය යුතුය .
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බටහිර කලුසුද්දන්ගේ විද්යාව ඇස්දෙකට නොපෙනෙන දේනේ බොරුයි කියන්නේ .මේ ඇස් දෙකට පෙනෙන කන් දෙකට ඇහෙන හොද උන ලෙඩ්ඩුන්ගේ ප්‍රකාශ ගැන කලුසුද්දන්ට මොනාද කියන්න තියෙන්නේ ???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    බටහිර කලුසුද්දන්ගේ විද්යාව ඇස්දෙකට නොපෙනෙන දේනේ බොරුයි කියන්නේ .මේ ඇස් දෙකට පෙනෙන කන් දෙකට ඇහෙන හොද උන ලෙඩ්ඩුන්ගේ ප්‍රකාශ ගැන කලුසුද්දන්ට මොනාද කියන්න තියෙන්නේ ???




    දීගොඩ කුමාරය උඹද බං ? :baffled: