අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්දාන්න ඇත්ත හේතුව මොකද්ද ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    ගොඩක් අය දුක් වෙනවා. අයියෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අවුරුද්දේ කරගන්න බැරි වුණා කියලා. ඇත්තටම එහෙම උනේ අර ජරා සයිට් එක හින්දද? නැහැ ඊට එහා ගිය විශාල ප්‍රශ්න තොගයක් ප්‍රතිසංස්කරණ තුළ තිබ්බා ගොඩක් අය මේ මොඩියුල කවරය දැකලා ඒකට ආදරේ කරපු එක විතරයි වුණේ. ඉතිං මොනවද තිබුණ ප්‍රශ්න

    * දැනට මොඩියුල් හදල තියෙන්නෙ පළවෙනි වාරෙට විතරයි. ඒකත් කාලෙකට කලින් හදපු ඒවා. ඒ වලත් වැරදි ගොඩයි. එතකොට දෙවැනි වාරයට සහ තුන්වෙනි වාරයට අදාළ මොඩියුල් හදන්නේ දැනුයි. ඒ වල මොන වගේ වැරදි තියේද කවුද ඒවල වගකීම ගන්නෙ. අඩුම ගානේ මොඩියුල් වල මැප් එක පිළිබඳවත් විෂය අධ්‍යක්ෂකලටවත් දැනුමක් නැහැ.

    * කාලය සම්බන්ධ ගැටළුව. ගොඩක් අය කතා කරන්නේ හය වසරේ ළමයි ගැන විතරයි. හැබැයි දැනට හත අට නමය දහය එකොළහ වසර වල ඉන්න ළමයින්ට ගෙනුම් කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. කලින් විනාඩි 40 ක් කාලච්ඡේද ය පහක් තිබුණා දැන් විනාඩි හතලිස් පහේ කාලච්ඡේද හතරයි,හය හත අට නමය වසර වල ළමයින්ට. ඒ වගේම දහය එකොළහ ළමයින්ට පීරියඩ හය පහ වෙනවා. කාට හරි තර්ක කරන්න පුළුවන් අයියෝ ඔතන මිනිත්තු විස්සක වගේ අඩුවීමක්නේ සතියකට තියෙන්නේ කියලා. ඒත් උගන්වන ගුරුවරයෙක් විදියට මම දන්නවා 45 වුණා කියලා ලොකු දෙයක් කරන්න බෑ. ඇත්තටම වෙන්නේ සතියකට එක් කාලච්ඡේදයක් හැම ශ්‍රේණියකම ළමයෙකුට අඩු වෙන එක. අනික දැන් හය ශ්‍රේණියේ ඉන්න ළමයින්ට විනාඩි පනහකට සැලසුම් කරපු කාලච්ඡේදයක් විනාඩි 45න් කරන්න කියනවා කියන එකත් විහිලුවක්.

    * ලකුණු දීමේ ක්‍රමවේදය, මොකක්ද මෙතන තියෙන ගැටලුව. මම දකින විදියට ලකුණු 70-30 සෑම විෂයකටම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගණිතය වැනි තාර්කික පදනමක් තියෙන විෂයන්වලට ලකුණු 50-50 වත් දෙන්න ඕනා. අනික මෙතන ලකුණු හැත්තෑව දෙන සම්භවන ඇගගීම් තනිකරම පුද්ගලානු බද්ධ වෙනවා. ඒ කියන්නේ ගුරුවරයාගේ අභිමතය පරිදි ලකුණු දෙන්න පුළුවන්. එතකොට වෙන්න තියෙන නරකම දේ තමයි තමන්ගේ උපකාරක පන්තියකට එන ළමයෙකුට වැඩි ලකුණක් දෙන්න ගුරුවරයෙක් නිරන්තරයෙන් පෙළඹෙන එක. විශේෂයෙන්ම ජනප්‍රිය යැයි කියා ගන්නා පාසල්වලත් පෞද්ගලික පාසල්වලත් මේ තත්ත්වය දරුණු විදියටම දකින්න පුළුවන් වෙයි. සම්පින්ඩිත ඇගයීම් පිළිබඳව මේ වනතුරුවත් හරි හමන් කතිකාවතක් නැහැ. එය අනිවාර්යයෙන්ම වාර අවසාන විභාගයක් විය යුතු යැයි මා යෝජනා කරනවා. ගණිත ගුරුවරයෙක් විදියට මම එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. හය වසරේ පළවෙනි පාඩම ගත්තොතින් ඒකෙ උගන්නන්නෙ විශාල සංඛ්‍යා ගැන. දැන් මොඩියුල ක්‍රමය නිසා එය පළවෙනි පාඩම අවසන් කෙරුවන් පසු ඉවර වෙනවා. නැවත මතක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.හැබැයි අපි දන්නවා අපේ ජීවිතයට ගොඩක් වැදගත් මේ කොටස. කලින් සිලබස් එකේදී පළවෙනි වාර අවසානයේදී දෙවන වාර අවසානයේ තුන්වැනි වාර අවසානයේ සහ විවිධ අවස්ථාවල විවිධාකාරයේ ප්‍රශ්න මේ පාඩම පිළිබඳ අපි සාකච්ඡා කරනවා. එතකොට ළමයින්ට සැලකිය යුතු දැනුමක් සැලකිය යුතු කාලයක් තුළ ලැබෙනවා. ඉතින් ඒ අඩුපාඩුව මගහරවා ගන්න අනිවාර්යයෙන්ම වාර අවසාන ්‍රශ්න පත්‍රයක් අවශ්‍ය වෙනව. මං හිතන්නේ එක සම්පින්ඩිත හැගීමක් ඇති. මොකද ගුරුවරයෙකුට මේ ඇගයීම් ක්‍රමවත්ව කරන්න පුළුවන් වෙන්නත් ඕන.

    * පන්තියක සිසුන් හතළිහක් පනහක් තියාගෙන මේ ක්‍රියාකාරකම් කරන්න බැහැ . උපරිම ගණන තිහක් තිස්පහත් අතර විය යුතුමයි. ඒ උනාට ජනප්‍රිය පාසල් බොහොමයක පන්තියක ළමයි 45 ක් 50 අතර ඉන්නවා. ඉතින් කොහොමද ගුරුවරයෙක් කාලච්ඡේදයක් තුළ සම්භවන ඇගයීමක් කරන්නේ.

    * තව ද පාසල් කාලය දීර්ඝ කරන්න අවශ්‍ය නම් ඒක පස්වරු දෙක පමණක් වෙනකම් කරල තේරුමක් නැහැ . රජයේ බලාපොරොත්තු වෙනවා නං අමතර පන්ති වලින් ළමයි මුදාගන්න පාසල් කාලය දෙක හමාර හෝ තුන වෙනකන් කරන්න ඕනා. ඒකට කලින් පාසල් තුළ යටිතල පහසුකම් විශේෂයෙන්ම වැසිකිළි සහ කැසිකිලි පහසුකම් සංවර්ධනය කරන්න ඕනා. සනීපාරක්ෂක කම්කරුවෙක් අත්‍යවශ්‍යයි. සෑම පාසලකටම. තව ත් ගුරුවරුන්ට අමතර දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ලබාදිය යුතුයි මොකද මේ රජය බලයට ආවෙම ගුරුවරුන්ට හිඟ 2/3 දෙනවා කියල.

    6 වසර මොඩියුල ක්‍රියාත්මක කිරීම කල් දැමීමට අදාළ හේතු තුනක් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. පළමුවැන්න මොඩියුල සකස් කිරීමේ ගැටළු. තවම මොඩියුල හදලා තියෙන්නේ පළමු වාරයට විතරයි. ඉතිරි වාර දෙකේ මොකක්ද උගන්වන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යංශය දන්නෙත් නෑ, ජාතික අධ්‍යාපන ආයතනය දන්නෙත් නෑ. 1 වසරේ සිට 11 වසර දක්වා එක් එක් විෂයයට අදාළ විෂය කරුණු බෙදාහරින විදිය හිතලාවත් නෑ. අනෙක ජනාධිපතිවරයාම කියන ලෙස කඩිමුඩියේ හදපු මොඩියුල් කීපයේත් ගොඩක් තාක්ෂණික දෝෂ. මොඩියුල් 14ක වැරදි 147ක් නිරීක්ෂණය වෙලා පැමිණිලි ලැබිලා තිබුණා. කොහොමත් ඒ තත්වය යටතේ මේවා ළමයින්ට දෙන්න බෑ. අළුත් ඒවා කරන්න වෙලාවත් මදි. තුන්වැනි කරුණ මේ ලියපු මොඩියුල් සියල්ලටවත් ගුරු පුහුණු කරලා නෑ. පුහුණුවක් නැතිව වැඩේ පටන් ගන්නේ කොහොමද? ඕක තමයි මුල ඉඳලා කිව්වේ කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට කාලය අරන්, සමාජ සංවාදයක් හදලා, හොඳ ප්‍රතිසංස්කරණයක් කරන්න කියලා.