අධිකරණයට අබසරණයි !
තමන් බලයට පත් වුවහොත් එදිනම, එනම් නොවැම්බර් 17 වනදාම "අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්" නිදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) ප්‍රකාශ කළේය.
ඒ, අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති තම මංගල ජන රැළිය අමතමිනි.
රාජපක්ෂ කඳවර මෙකී "අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්" යන විශේෂණ පදයෙන් හඳුන්වන්නේ 2015ට පෙර පැවති රාජපක්ෂ පවුල් පාලනය තුළ, එම පවුලේ වුවමනාව පරිදි මාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක්කිරීම සහ කප්පම් ගැනීම සඳහා මිනීමැරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට පත්ව සිටින නාවික හමුදා සහ යුධ හමුදා සෙබළුන් පිළිබඳවය.
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 16 වනදාය. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන්නේ සහ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ නොවැම්බර් 17 වනදාය. ගෝඨා මේ කියන්නේ තමන් දිනුවොත් දිවුරුම් දුන් වහාම තමන්ගේ පැරණි අපරාධ සහායකයින් නිදහස් කරන බවකි.
කෙසේවෙතත් විධායක ජනාධිපතිට යමෙක් සිරගත කිරීම අසාධාරණද නැද්ද යන්න තීරණය කිරීමේ බලයක් නැත. එය ඇත්තේ අධිකරනයටය. විශේෂයෙන් නඩුවකින් තීන්දුවක් නොලැබී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චූදිතයින් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට කොහෙත්ම බලයක් නැත. වැරදිකරුවන් ලෙස අධිකරණයෙන් තීන්දු කෙරී දඬුවම් නියම වූවන්ට නම් සමාව දීමේ බලයක් ඔහුට තිබේ, එහෙත් රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නීතියට අනුව නම් නැත.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ යනු නීතිය තුට්ටුවකට තකන්නෙක් නොවේ. ඔහුගේ ඉතිහාස වාර්තාවම එසේය. ඒ අනුව ඔහු මේ කියන්නේ තමන් බලයට පත්වූ වහාම අධිකරණයට ඉහළින් සිටිමින් අධිකරණ බලයත් තමන් විසින්ම ක්‍රියාත්මක කරන්නට පටන් ගන්නා බවය.
ව්‍යවස්ථාදායකය, විධායක, අධිකරණය යනුවෙන් බල ව්‍යුහයන් තුනක් වෙන වෙනම තිබෙන්නේත් ඒවා එකිනෙකට බලපෑම් කළ නොහැකි පරිද්දෙන් සකස් කර තිබෙන්නේත් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට එසේ බලය තුලනය කිරීම අත්‍යවශ්‍ය නිසාය. ගෝඨාභය රාජපක්ෂ කොතරම් විද්වත් වෙස් මුහුණු පැළඳගෙන එන්නට තැත් කළ ද බලය කෙරෙහි වන්නා වූ අසීමිත කෑදරකම මෙවන් අවස්ථාවල එළියට පනින්නේය.
වඩාත්ම සරලව කියන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ කිව්වේ තමන් හිට්ලර් වීමට සූදානමින් සිටින බවය. ගෝඨා දිනුවොත් අධිකරණය ඇතුළු නීති පද්ධතියටම අබසරණ බවය.
LNW