අධිකරණයෙන් විනාශ කරන්න දුන් විස්කි කහට තේ වතුර වෙලා..........maru ratak on meka

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අධිකරණයට ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තේ වතුර බවට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරේ
    නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට

    සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ විස්කි තේ කහට බවට පත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය පරිදි අධිකරණ නිලධාරින් ඉදිරියේ විනාශ කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ පල් වතුර සහ තේ වතුර බවට පත්ව ඇති බව වාර්තා වේ. අධිකරණ නිලධාරීන් විසින් මත්පැන් බෝතල් 17 ක් කඩා බැලීමේදී මෙම විසමතාවය අනාවරණය වී ඇත.
    මෙම සිද්ධිය අනාවරණය වීමත් සමඟ අදාළ බෝතල් සියල්ල සිල් තබා අධිකරණ භාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. තවද, එසේ අත් අඩංගුවට ගන්නා ලද මත්පැන් බෝතල් තේ වතුර බවට පත් වීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණ රෙජිස්ටර්වරයා විසින් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් වැඩ බලන පොලිස්පතීවරයාට ද දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු කෙසෙල්වත්ත පොලිසිය විසින් සිදු කෙරෙනු ඇත.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    කොහෙද ඕවා ගබඩා කරලා තිබිලා තියෙන්නේ? අධිකරණ නඩු භාණ්ඩ කාමරේද නැත්නම් පොලිසියේද?
     

    Similar threads