අධිමානසික බල උපදවන හැටි.

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    අධිමානසික බල උපදවන හැටි.

    භාවනාවට නැබුරු වූ බොහෝ දෙනෙක් අධිමානසික බල ලබාගනු රිසියෙන්ම ඒ කටයුත්තේ නිරත වෙති.
    තවත් අය සත්‍ය අවබෝදය පහසු කරගැනීමට අධිමානසික බල ලබන්නට වෙහෙසෙති....
    මේ අරමුණු දෙකම යහපත්ය..අධිමානසික බල සදහා වෙහෙසීම සුදුසු කරනයක්ම බව දක්වන බුදුහු එහි ඇති ඵල ප්‍රයෝජන දීර්ඝ ලෙස විස්තර කරත්.....

    **පව් කම්හි යෙදෙන අය පරලොව දුක විදින හැටි දැන ගැනීමට..
    **පින් කම්හි නිරත වූ අය පරලොව දී සැප විදින අයුරු දැන ගැනීමට..
    **සසරෙහි බියකරු බව අත්දැකීමට..

    අධිමානසික බල ලබා ගැනීම හැර වෙනත් පැහැදිලි ක්‍රමයක් නැත..බොහෝ දෙනෙක් බුදු බණ අසා,දිවැසිවරුන් කී කතා අසා පරලොව මෙසේය.එහි ඇති දුක මෙසේය,ආදී කරුණු දැනගෙන සිතෙහි ඇති ශ්‍රද්ධාව නිසාම සැක හැර ගනිති.එවැනි තදබල ශ්‍රද්ධාවක් නැති අයගේ සිතෙහි සැක දුරු කිරීමට ධර්ම දේශනාවන් ප්‍රමාණවත් නොවේ..එබැවින් මතු උපත,අපාය,දෙව්ලොව වැනි අත්භූත දේ ගැන සැක ඇති අය ගැබුරු භාවනා ක්‍රම වල නිරත වී අධිමානසික බල උපදවා ගැනීම සුදුසුය....
    එසේ නොමැතිව "අපාය නැත",දෙව්ලොව නැත"අපාය සහ දෙව්ලොව ඇත්තේ මනුලොව තුලමය' වැනි ප්‍රකාශ කෙරීමෙන් මිතයදුෂ්ටීන් වෙත ඇද වැටී මරණින් මතු දුගතිගාමී වන තැනට වැඩ සැලසෙනු ඇත....
    continue.....