පාතාලය වනාහි කපන්න කපන්න දලු ලා වැඩෙන වෘක්ෂයක් වැනිය. එකෙන් නැසෙන විට තවකෙක් හිස ඔසවන්නට පටන් ගනී. ඔවුන් සිරගතකලද නැවත ඇප ලබා වෙනත් රටකට හෝ පැන සිය සුපුරුදු පාතාල ක්‍රියාකාරකම් කරති. බොහෝ පාතාල කෙරුමන් බන්ධනාගාරය තුල සිටම සිය පාතාල වැඩ කරගෙන යති, ඒ සඳහා ඔවුන්ට නොපිරිහෙලා රාජ්‍ය අනුග්‍රහයද ලැබේ. ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිව ඇති බව ජනාධිපතිවරයාම පිලිගත්තේය.
පාතාලය මෙල්ල කල හැකිද ?
මේ, මහා රැල්ලක් ලෙස නැගුන පාතාල භීශණය මෙල්ල කොට දණ ගැස්වූ කුඩා රාජ්‍යක් ගැනය.
ඒ සැල්වදෝරයයි,
කුඩා නමුත් බෙහෙවින් අධික ඝණත්වයකින් ජනාකීර්ණ මෙම මධ්‍යම ඇමරිකානු රාජ්‍යය 2021 වන විට ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති මීහිපිට ජීවත් වීමට නුසුදුසුම රාජ්‍යක් බවට පත්ව තිබුනේය. 2022 මාර්තු මාසයේ එක සතිඅන්තයකදී පමණක් පුද්ගලයන් 87 දෙනෙක් පාතාලය විසින් බිලිගත්තේය. සෑම පුද්ගලයන් ලක්ශයකටම 137ක් පාතාලයට විසින් පරලොව යැවීමේ ඉතාම බිහිසුණු ඛේදජනක ඉරණමකට සැල්වදෝරය බිලිවෙමින් සිටියේය.
බිහිසූණුම ජාත්‍යන්තර අපරාද කල්ලියක් වන මාරා සැල්වට්‍රුචා (MS-13) සහ ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන බැරියෝ18 නමැති දරුණු වීදි පාතාල සාමාජිකයින්, පාරක් පාරක් ගානේ මිනි මරමින්, කොල්ල කමින්, මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ ගණිකා ජාවාරමේ යෙදිමින් ලොව භයානකම රාජ්‍යක් ලෙස සැල්වදෝරය ඉදිරියේ කලු පැල්ලමක් තවරා තිබිණ.
සැල්වදෝර ජනාධිපතිවරණයෙන් 85%ක චන්ද ප්‍රතිශතයක් ගෙන විශිෂ්ඨ ජයක් ''නයිබ් බුකෙල්" ට පැවරුනේ ප්‍රමුඛතම රාජකාරිය වූයේ දශක ගණනාවක කල්ලි ප්‍රචණ්ඩත්වයෙන් සැල්වදෝරය මුදවා ගැනීමටය.
ජනාධිපති බුකෙල්
මේ තරුණ ජනපතිවරයා ගැන අසීමිත විශ්වාසයක් සැල්වදෝර ජනතාවට තිබිණ.පාතාල මැඩලීම සඳහා ඔහු දැඩි ප්‍රතිපත්ති අනුගමනය කලේය. 2022 මාර්තු මාසයේ රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින්, ආරක්ෂක හමුදා කල්ලි පාලනය සහ ප්‍රචණ්ඩත්වය නිරන්තරයෙන් පැවති ප්‍රදේශ වටලා පාතාල සාමාජිකයින් 80,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තේය. එය එරට වැඩිහිටි ජනගහනයෙන් 2%කි.
සැල්වදෝර පාතාල කල්ලි වලට සම්බන්ධ සියල්ලෝ තම කල්ලියේ නම ශරීරයේ පච්චා කොටාගෙන සිටීම සම්ප්‍රදායකි. එවන් ලාංචන පච්චා කොටා ඇති සියලු දෙනාම ආරක්ශක අංශ ග්‍රහණයට හසුවිය. ඉතාම කෙටි නඩු විමසීමකින් බොහෝ පාතාල කෙරුමන්ට වසර 20 ඉක්මවූ සිර දඬුවම් එසේත් නොමැති නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
මෙම අත් අඩංගුවට ගැනීම්, දඩුවම් නියම කිරිම් කෙතරම් ප්‍රචණ්ඩ වූයේද යත්, මානව හිමිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු කොමිසම, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සහ එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයාගෙන් පවා මේ සඳහා දැඩි විවේචන එල්ල විය.
නමුත් ජනාධිපති බුකෙල් ඒවා තුට්ටුවකට මායිම් නොකර දැක්වූ සෘජු ප්‍රතිචාරය වූයේ
"අපි අපේ නිවස පිරිසිදු කරනවා... ඒක ඔබේ වැඩක් නෙවෙයි" ( We're cleaning our house... it's none of your business.") යනුවෙනි.
මේ ආකාරයට දඬුවම් නියම වූ සියල්ලෝ රැඳවීමට බන්ධනාගාර වල ඉඩකඩ සීමා සහිත විය.
CECOT බන්ධනාගාරය (Terrorism Confinement Center) ගැන කතාව ඇරඹෙන්නේ එතැනින්ය. ස්පාඤ්ඤ බසින් Centro de Confinamiento del Terrorismo යෙදුම සහිත මේ මෙගා බන්ධාගාරය එල් සැල්වදෝර ජනාධිපති බුකෙල් ඉදි කලේ මිහිපිට සිටින භයානකම මිනිසුන් පිරිස රඳවා තැබීමටය. ධාරිතාවයෙන් ලොව විශාලතම බන්ධනාගාරය මෙයයි.
CECOT බන්ධනාගාරය ඉදිකරන තුරුත් ඉදිකර වසර දෙකක් ගතවන තුරුත් පිටස්තර කිසිදු පුද්ගලයෙකු එය දැක තිබුනේ නැත.පසුගිය පෙබරවාරි මාසයේ පලමු වතාවට ලෝකයේ අන් දෙසින් පැමිණි 40කට ආසන්න මාධ්‍ය කණ්ඩායමකට එම බන්ධනාගාරය නිරීක්ශණයට ජනපතිගෙන් අවසර ලැබිණි.
අක්කර 400ක විශාල භූමියක පැතිරීඇති මෙම බන්ධනාගාරය පරිශ්‍ර අටකින් සමන්විතය. සෑම පරිශ්‍රයක්ම මීටර් 3 ක උස බිත්ති දෙකකින් වට කර ඇත. සම්පූර්ණ බන්ධානාගාරය මීටර් 9 ක උසකින් යුත් බිත්තියකින් වට වී ඇත. වෝල්ට් 15,000 ක් රැගෙන යන විදුලි වැටක් සහ වොච්ටවර් ( මුරකුලුණු) 19කින් සහතික කෙරෙන්නේ මෙයින් කිසිවකුට පැනයාමට නම් නොහැකි බවයි. සැබැවින්ම මෙම බන්ධනාගාරයට ඇතුළු වන රැදවියෙකුට කිසි විටෙකත් ජීවතුන් අතර සිටින තුරු නැවත ලෝකය දැකීමට නොහැකිය. ඔහු අවසන් වරට හිරු එලිය පවා දකින්නේ, මෙහි ඇතලුවන අවසන් මොහොතෙ පමණි.
බන්ධානාගාරය අවට කිලෝමීටර් 2 ක අරයක් තුළ සියලුම දුරකතන සංඥා අවහිර කරමින් ජෑමර්ස් ක්‍රියාත්මකය. සොල්දාදුවන් 600 කට වැඩි පිරිසක් 27/7 ආරක්ශණ කටුයුතුවල නිරත වෙති. බන්ධනාගාරයට ඇතුළු වන සියල්ලන් දැඩි පරීක්ශාවකට ලක් කරමින් ඉහළ ධාරිතාවයකින් යුත් එක්ස්-රේ ස්කෑනරයක් හරහා ගමන් කරවයි. එයින් පුද්ගලය්කුගේ අස්ථි සහ අභ්‍යන්තර අවයව පවා පෙන්වයි. සිරකරුවන්ට මෙහි ඇතුළු වීමට පෙර ඔවුන්ගේ ශරීරය තුල කිසිවක් සඟවා ගෙන පැමිණීමට අවස්තාවක් නැත.
ඉඳිකටුවක්වත් අරන් යන්න බෑ
බන්ධානාගාර නිලධාරීන් සියලුම දෙනා මුහුණු ආවරණය කරගෙන සිටිති. ඔවුන් හඳුනාගැනීමට කිසිදු සිරකරුවෙකුට අවකාශයක් නැත. ලෝකයේ අවදානම් සහගතම රැකියාවක නිරතවෙන ඔවුන් නිතර T65 රයිෆලයකින් හෝ ගේජ් 12 ෂොට්ගන් එකකින් සන්නද්ධව සිටී.
ආරක්ශකයින්
බන්ධානාගාර පරිශ්‍රය තුලට හිරු එලිය ගලා එන්නෙ නැත. සෑම විටකම එහි විදුලු බුබුළු දැල්වේ. විදුලිය බිඳ වැටීමක් සිදුවුහොත් සතියකට පමණ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීම සඳහා අධිබලැති විදුලි ජනක යන්ත්‍ර තිබේ. මෙහි කිසිදු නඩත්තු කටයුත්තකට පිටස්තර පුද්ගලයෙකුගේ සහය ලබාගන්නේ නැත. ඒ තරමටම මේ සිරකඳවුර ලෝකයෙන් හුදකලා කර තිබේ.
ලෝකෙම ලයිට්.ගියත් එහේ තියෙනවා
රැඳවියන්ගේ පවුලේ සාමාජිකයින්ට හෝ කිසිවෙකුට කිසි දිනෙක ඔවුන්ව බැලීමට අවකාශයක් නැත. කොටින්ම visit තහනම් ය. ඇතමුන්ගේ පවුල්වලට ඔවුන් සිටින්නේ කොහේද යන්න හෝ ඔවුන් තවමත් ජීවතුන් අතර සිටීද යන්න පිළිබඳ කිසිදු අදහසක් නොමැත.
බන්ධානාගාරය තුල සිටින සියළුම සිරකරුවන්
සුදු කමිස සහ සුදු කොට කලිසම හැද සිටිය යුතුය. හිස සම්පූර්ණයෙන් මුඩු කර සිටිය යුතුය. රවුල් වැවීම තහනම් වේ. තමාගේ ඇදුම් දෙක තුවාය, සෙරප්පු දෙක හැර වෙනත් කිසිවක් ඔවුන්ට භාවිතා කිරීමට නොලැබේ. සිරකරුවන් ඔවුන්ගේ මුළු දවසම ගත කරන්නේ ඔවුන්ගේ තට්ටු ඇඳන් මතය. සතියකට පැයක් පමණක් ඔවුන්ට ව්‍යායාම් කිරීමටද, බයිබල් පාඩම සඳහාද කුටියෙන් එලියට පැමිණිමට හැකිය.
නිදාගන්න තියෙන රාක්ක ඇඳවල්
එසේ පිටතට පැම්ණෙන කිසිදු මොහොතක ඔවුට කෙලින් සිටගැනීම තහනම් ය. කොන්දෙන් නැමී වේගයෙන් ගමන් කල යුතුය.
කොන්ද කෙලින් කලහොත් කශේරුකාව හරහා යක්ඩ මුගුරු පහරක් ලැබේ. මේ වනතුරු කිසිදු සිරකරුවෙක් බන්ධානාගාර නියාමක වරයෙකුගේ අණට විරුද්ධ වීමට එඩිතර වී නැත.
බල්ලො වගේ
එක කුටියක සිරකරුවන් 80ක් පමණ රඳවා සිටී. ඔවුන්ට නිදගැනීමට ඇත්තේ වර්ග මීටර් .5 ක පුද්ගලික ඉඩක් පමණි. එහි මෙට්ට ඇතිරිලි කිසිවක් නැත. සිරකරුවන් 80කටම ඇත්තේ ආවරණය නොකරන ලද එක් වැසිකිලියක් පමණ. වතුර බීමට කුඩා ජල ටැංකියක් ඇත. කිසිදු සිරකරුවෙකුටම පිරිසිදු වාතාශ්‍ර අයිතියක් හෝ නැති තරම් ය. තම කුටියෙන් පිටතට ඇවිදීමට හැකියාවක් නැත.. ඔවුන් කිසි විටෙකත් හිරු එළිය දකින්නේ නැත. මෙහි සිටින සෑම සිරකරුවෙකුටම ජීවිතයේ සිතාගත නොහැකි හැකි දීර්ඝතම දඬුවම් විඳින්නෝ වෙති. වෙනස් නොවන එකම දෙය නම් මේ කිසිදු සිරකරුවකු ජීවත්වන තුරු කිසි විටෙකතත් මෙම ගොඩනැගිල්ලෙන් පිටතට නොයන බවයි. ඇතුළට සහ පිටතට යාමට අවසර ඇති එකම පුද්ගලයින් වන්නේ කාර්ය මණ්ඩලය පමණි.
Cecot හි රැඳවියන්ට ආහාර වේල් තුනක් ලැබේ. ඔවුන්ට සුදු බත් සහ පැස්ටා, බෝන්චි සග ටෝටිල්ලා නමැති ආහාරය ලැබේ. මාලු, මස් වැනි පෝෂ්‍යදායී ආහාර නොමැත. ආහාර මෙනුව සෑම දිනකම එක හා සමානය. සිරකරුවන් සිර කුටිය තුල සිටම ආහාර ගත යුතු අතර තමාගේ පුද්ගලික පිඟානක් හෝ කෝප්පයක් නොමැත. එහි බොහෝ සිරකරුවන් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව මාධ්‍යවේදීහු නිරීක්ශණය කලහ.
කෙනෙකු හුදකලා වූ විට, ඔවුන්ගේ මනස නිරවුල්ව තබා ගැනීමට ඔවුන්ට පොතක්, පත්තරයක්, රූපවාහිනියක්, අඩු ගණනේ කැරම් බෝඩ් එකක් හෝ ඕනෑම දෙයක් තිබීම අවශ්‍ය වේ, නමුත් cecot හි ඒ කිසිවක් ලබා ගත නොහැක, අඩු තරමේ ඔවුන්ගේ කැමැත්තෙන් පියවර කිහිපයක් සක්මන් කිරීම පවා තහනම් ය.
අපරාධකරුවා කෙතරම් දැඩි වුවත්, මේ ආකාරයේ හුදකලාව විසින් මානසිකව බිඳ වට්ටවා මේ චන්ඩින්ගේ ආත්මය හිස් තැනක් බවට පත් කර හමාරය.
වසර ගණනාවක් සැල්වදෝරියානුවන්ට විශාල දුක් වේදනා ඇති කරමින් ප්‍රතිවාදී කල්ලි දෙකක සාමාජිකයින් එකම කුටියක එකම ආකාරයට ජීවත් වෙති. පිටතදී එකිනෙකාගේ ප්‍රදේශයට ඇතුළු වීම පවා තහනම් වූ පාතාල කෙරුමන් කිසිදු කෝලාහලයෙකින් තොරව සිය අවසන් හුස්ම හෙළන තුරු දෙපැත්තට වී මුහුනට මුහුණ බලා සිටිති. සිර මැදිරි තුල කැරළි ගැසීම හෝ කල්ලි අතර ගැටුම් සපුරා තහනම් ය. එවන් අවස්තාවක් උදා වුව හොත් එම පුද්ගලයන්ට සිදුවන්නේ කලුවර ගුහාවක් වැනි කිසිදු ආලෝකයක් නැති කුටියක් තුල ඉතුරු ජීවිත කාලය ගෙවන්නට ය.
පුලුල් cctv කැමරා පද්ධතියකින් 24/7 සිරකරුවන් නිරීක්ශණය කෙරේ. එහෙන්ම සිරමැදිරියට උඩ පිහිටි ස්ථානයක සිට නිලධාරීන්ද නිරන්තරයන් සිරකරුවන් දෙස බලා සිටී. සැක සහිත දෙයක් සිදුවුවහොත් ඔවුන් මැදිහත් වනු ඇත. සිර මැදිරි කුකුලු කූඩු මෙන් සෑමවිටම විදුලි බල්බ වලින් ආලොකමත් කර ඇත.
කෙසේ නමුත් මෙහි සිටින රැඳවියන් අහිංසක මිනිසුන්ගේ ජීවිත දහස් ගණනකට වගකියා අවසන් ය. ඒ වෙනුවෙන් ඔවුන් කිව නොහැකි තරම් දරූණු දඬුවමක් විඳිමින් සිටිති. ඔවුන්ට තව දුරටත් ලෝකයක් නැත. පවුලක් නැත, ආදරණීයයන් නැත, ඔවුන් මෙතෙක් කල් හඹා ගිය කිසිවක් නැත. ඇත්තේ හිස් ආත්මය සහ ඔවුන්ගේ සිතුවිලි පමණය.
ජීවත් වන්නේ කවුද සහ ජීවත් නොවන්නේ කවුද යන්න තීරණය කරමින් දෙවියන් ලෙස රඟපෑ මේ නොමිනිසුන් හට සැල්වදෝර රජය කිසිසේත්ම අනුකම්පාව පෙන්වන්නේ නැත, ඔවුන්‍ට සමාව ඉල්ලා සිටිය හැක්කේ දෙවියන්ගෙන් පමණි, ඔවුන්ට සමාව දෙන්නේත් දෙවියන් වහන්සේම පමණි..
සැල්වදෝර රජයේ මෙම ක්‍රම වේද මානව හිමිකම් අතින් මතභේදාත්මක වුවද, අද වන විට එහි කල්ලි ක්‍රියාකාරකම් නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 100,000 කට 2.4 දක්වා ලෙස පහත වැටී ඇත. ලොව අන්තුරුදායකම රටවල් ලැයිස්තුවෙන් ඔවුන් පිටතට පැමින ඇත.
කොටින්ම දැන් එල් සැල්වදෝර වැසියන්ට මහමගදී වීදියකදී මූනිස්සමකින්, ඇසිඩ්, කඩු, පොල් පහරකින් අනපේක්ශිත මරණයක් උරුම නැත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නයිබ් බුකෙල්ගේ මෙම දැඩි උපක්‍රම ප්‍රශංසා කර ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවලට අනුව, අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා එල් සැල්වදෝරය "ආරක්ෂිත රටක්" ලෙස නම් කිරීම ගැන සලකා බලමින් සිටී.
මෙය කල් පවතින විසඳුමක් ද?නැතහොත් තාවකාලික විසඳුමක් පමණක්ද?
අපි වගේ රටකට මේක අත් හදා බලන්න බැරිද?
- ගෙහාන් සචින්ද ජයසිංහ

Attachments
Last edited: