අධිරාජ්‍යවාදය
Copied
අධිරාජ්‍යවාදය ගැන ප්‍රශ්ණ සහ උත්තර ( ප්‍රශ්ණ අහන්නෙත් මම, උත්තර දෙන්නෙත් මම )
01. අධිරාජ්‍යවාදය කියන්නෙ මොකක්ද?-
අධිරාජ්‍යවාදය කියන්නෙ එක් ජාතියක් හෝ එක් රාජ්‍යයක්, තවත් රාජ්‍යයකට / ජාතියකට යුද බලය යොදා හෝ, රාජ්‍ය තාන්ත්‍රික බලය යොදා බලපෑම් කිරීම. අභිභවනය සහ පාලනය කිරීම
02. අධිරාජ්‍යවාදය නැති ලෝකයක් කවදා හෝ තිබුණාද?
මිනිසා සමාජ ජීවියෙක් වූ කාළයේ පටන්ම, හෙවත් ප්‍රයිමේට් ( වානර ) අවදියේ මුල සිටම තිබුණේ නෑ.....
03. අනාගතයේදී අධිරාජ්‍යවාදී බලපෑම් නැති ලෝකයක් බිහිවෙයිද?
කොහෙත්ම නෑ....අධිරාජ්‍යවාදය කියන්නෙ සර්වකාළීන දෙයක්....මේ විශ්වයේ මහා පිපුරුමේ සිටම එක එක වස්තූන්ට, එක් එක් ජීවිතයට, එක් එක් ප්‍රපංචයට ශක්තිය, ද්‍රව්‍ය, ආදී දේවල් ලැබී තිබෙන්නෙ වෙනස් ප්‍රමාණ වලින්.... ඉතිහාසයේ කථාව ලියැවෙද්දී, මේ ප්‍රමාණයන්, මාත්‍රාවන්, පරිමාවන් එක් එක් දේවල් වල සාර්ථකත්වය, අධි සාර්ථකත්වයට, අසාර්ථකත්වයට, අන්ත අසාර්ථකත්වයට බලපානවා.....ඒ නිසා ඒවා කිසිවක් එකිනෙකට සර්ව සම වෙන්නේ නෑ.....විශ්වයේ අන්න ඒ මූලධර්මයම තමයි මේ මහ පොළවේ ජීවිත අතර වෙනස්කම් වලට බලපාලා තියෙන්නෙ....
ධනය, බලය, සාමාජීය බලපෑම්, සංස්කෘතිය, ආගම ආදී දේවල් මත අධිරාජ්‍ය බිහිවෙනවා....එහෙම වෙන්නෙත් ඒ දේවල් සමාන ශක්තීන්ගෙන්, සමානව බෙදිලා පිහිටලා නැති නිසා.... මේක අපි තේරුම් ගන්න ඕන....
බලය, ධනය ආදී මේ හැම දෙයක්ම "අඩු " සහ "වැඩි" වශයෙන් පිහිටලා තියෙනවා....අන්න ඒ නිසා, ඒ ඒ කාලෙට මොකක් හෝ ජන සමාජයක්, මොකක් හෝ රටක් රාජ්‍යයක්, මොකක් හෝ ආගමික හෝ දේශපාලනික මතයක් "වඩා වැඩි බලයක්" හිමි කරගෙන, "අධිපතිවාදී දෙය " බවට පත්වෙනවා.....ඉන් පසුව ඒක නියෝජනය කරන අය ඒ බලයේ බලපෑම ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා... ඒක ස්වභාවික දෙයක්.....අනිත් අය එක්කො ඔවුනොවුන් එකතුවෙලා ඒකට මුහුණ දෙනවා.....නැත්තන් ඒකට යටවෙනවා.....සමහරු උපක්‍රමශීලීව ඇඟ බේරගෙන වාසය කරන්න සමත්වෙනවා.....
මේක මේ ලෝකයේ සදහටම තියෙන දෙයක්....!....කොටින්ම සියලු රාජ්‍යය අහෝසි කරලා දාලා, ලෝකය ගෝලීය පාර්ලිමේන්තුවක් මඟින් පාලනය වෙන දවසක් ආවත්, අන්න ඒ පාර්ලිමේන්තුවෙත් "බහුතර" ආසන හිමි කළාපය, ජාතිය ආදී වශයෙන් ලැබෙන අය "අධිරාජ්‍යවාදයක්" ක්‍රියාත්මක කරයි... ... මිනිසාගේ විතරක් නෙමෙයි, මේ ලෝකයේ අනෙක් සත්ව විශේෂ අතරත් මේක දකින්න තියෙනවා... ඒක සදාකාළිකයි..... මොකක් හෝ දෙයක් "අඩු" සහ "වැඩි" වශයෙන් අසමමිතිකව බෙදී තියෙන තාක් මේක තියෙයි.....
04. මේකට හේතුව ධනවාදයද?
ධනවාදය පමණක් නෙමෙයි.....මිනිස් ඉතිහාසයේ බිහිවුනු හැම අධිරාජ්‍යයක්ම ධනය, නිෂ්පාදන බලවේග වල සහ ප්‍රාග්ධනයේ අයිතිය ආදිය මත බිහිවුනු ඒවා නෙමෙයි...."මේකට හේතුව ධනවාදය" කියන්නෙ අධිරාජ්‍යවාදය කියන එක ආර්ථිකයට පමණක් ඌණනය කරගන්න අය.....
වැඩි පිරිස් බලයක් තියෙන ආගම්, අඩු පිරිස් බලයක් තියෙන ආගම් අදහන පිරිස් යටපත් කරගන්න බලනවා.....එතනදි පදනම වෙන්නේ ධනයේ විශාලත්වය පමණක් නෙමෙයි.... ගෝත්‍රය හෝ ආගම සතු පිරිස් බලය, භූමියේ විශාලත්වය, ඔය වගේ කාරණා රාශියක් බලපානවා....ගෝත්‍රවල චින්තනය අධිපතිවාදී එකක් නම්, ඒකත් බලපානවා.....හිට්ලර් අධිරාජ්‍යයක් බිහි කලේ ආර්ථිකයක් ගැන හිතල නෙමෙයි.....ඊට වඩා බිහිසුණු ගෝත්‍රික චින්තනයක් ඇතුලෙ තමන්ගේ ගෝත්‍රය අධිපති ගෝත්‍රය බවට පත් කරන්න....!
තව ඉතින් බැලුවොත් අධිරාජ්‍යවාදයේ සංස්කෘතික මුහුණුත් තියෙනවා....සමහර තැන් වල ඔය ඉහත කියපු සියල්ල එකට එනවා... සමහර තැන්වල වෙන් වෙන්ව එනවා.....!
කොටින්ම කොමියුනිස්ට් වාදී සෝවියට් සමූහාණ්ඩුවත්, දේශපාලනික න්‍යාය සහ ආර්ථික නිෂ්පාදනය අනුව නැගෙනහිර යුරෝපයේ රටවල් ගණනාවක් "වෝර්සෝ සම්මුතියට" කැඳවාගෙන, ඔවුන් මත "යකඩ දැල" නමින් බටහිර රටවල් හඳුන්වනු ලබන අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මක කළා....එතනදි බල්ගේරියානුවා, සෝවියට් වැසියාට සමානව සැලකුවේ නෑ.....!...හංගේරියාවේ සෝවියට් වරු පත් කළ පාලකයන්ට මොස්කව් ක්‍රෙම්ලිනයේ පාලකයන්ට වගේ තීරණ ගන්න ස්වාධීනත්වයක් තිබුනේ නෑ.....
ධනවාදයට විකල්පයක්ය කියන කොමියුනිස්ට් චින්තනයත් ඉතාම අධිපතිවාදී චින්තනයක්....බලවත් රටක කොමියුනිස්ට් චින්තනය රජවුනොත්, එතනින් ක්‍රියාත්මක වෙන්නෙත් අධිරාජ්‍යවාදයක් තමයි.....ඒක ව්‍යාප්ත කරන්න, ඒ ක්‍රමය නඩත්තු කරන්න සම්පත් සොයන්න, තව තව පිරිස් බලය ගොණු කරගන්න එහෙම තමයි එහි අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙන්නෙ....
05. අධිරාජ්‍යවාදී අරමුණු සහිත බලවේග කිහිපයක්ම එකිනෙකට සමාන්තරව පවතිනකොට මොකද වෙන්නෙ?
ඊට පස්සෙ වෙන්නෙ, ඒ බලවේග අතරෙ, ඒවාට මැදිවී සිටින වෙනත් අවශේෂ බලවේග -
අ ) දිනාගන්න
හෝ
ආ ) පාලනයට නතු කරගන්න
හෝ
ඇ ) නතු නොවන පාටක් තිබෙනවා නම් හෝ සතුරාගේ කඳවුරට යනවා වගේ පේනවා නම් විනාශ කර දමන්න, අවුල් කර දමන්න
දේශපාලනික ක්‍රීඩා බිහිවෙනවා.....හැම අධිරාජ්‍යවාදී අරමුණු සහිත බලවේගයක්ම, මේ මැදිවෙන අවශේෂ බලවේග කොහොම හරි, තමන්ගේ වාසියට සහ තම සතුරු අධිරාජ්‍යයේ අවාසියට යොදාගන්න උත්සාහ කරනවා.....
06. එතනදි භාවිතා කරන උපක්‍රම මොනවද?
අ ) කෙළින්ම සන්නද්ධ ක්‍රියාමාර්ගයකින් නතු කරගන්න උත්සාහ කරන්න පුලුවන්
ආ ) ලෝක මට්ටමේ තමන්ට විශාල බලයක් තියෙන ජාත්‍යන්තර ආයතන පද්ධති පාවිච්චි කරලා, අදාළ රටවල් කෙසේ හෝ නතු කරගන්න බලපෑම් කරන්න පුලුවන් - ඒවා සාමාජීය බලපෑම්, වෙළඳ බලපෑම්, වෙනත් ආර්ථික බලපෑම් ආදී ඕනම දෙයක් වෙන්න පුලුවන්
ඇ ) අදාළ රටවල තමන්ට හිත පක්ෂපාත අයගෙන් සැදුම්ලත් පාලක පැළැන්තියක්, ආණ්ඩු එහෙම බිහි කරන්න උදව් කරන්න හෝ තමන්ට අවාසි මතවාදයන් නියෝජනය කරන පාලනයන් තියෙනවා නම් ඒවා පෙරළා දමා, තමාට වාසිදායක පාලනයක් සකස් කරන්න පුලුවන්. එතනදි ඒ රටේ අභ්‍යන්තර දේශපාලනයට කෙසේ හෝ මේ බලවේග මැදිහත් වෙනවා. ඒවායේ ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු අය නම්මාගෙන, තමන්ට උවමනා වෙනස් කම් ඉටු කරගන්නවා.....එසේ ඉලක්ක වෙන රටවල් වල තියෙන ජන වාර්ගික භේද, ආගම් භේද ආදියත් අධිරාජ්‍යවාදී බලවේග තමන්ගෙ වාසියට යොදාගන්නවා.... එහෙම භේද දකින්න නැත්නම්, ඒවා හදන්න හෝ ඔවුන් ක්‍රියා කරනවා....!
ඈ ) ඒ කුඩා රටවලට ආපසු ගෙවා ඉවර කරන්න බැරි තරම් විශාල ණය මුදල්, ආර්ථික සහනාධාර, පරිත්‍යාග ආදිය ලබාදීලා, ඒවායින් කරන කියන දේවලුත් තමන්ට උවමනා පරිදි කරලා, තමන් නතු කරගන්න බලාපොරොත්තු වෙන අය ක්‍රමයෙන් පාලනයට ගන්න පුලුවන් ...ණය ගෙවන්න තරම් ප්‍රතිලාභ නොලැබෙන බව දැන දැන, ඒ රටවලට දරාගන්න බැරි විශාල ව්‍යාපෘති වලට ණය දීලා, ණය ගෙවාගන්න බැරි වෙනකොට ව්‍යාපෘති කළමණාකරණය, ව්‍යාපෘතියෙන් නිර්මාණය වෙච්ච දේ, භූමිය සහ අනෙකුත් සම්පත් පවරා ගන්න උත්සාහ කරන්න පුලුවන්.....උදා: ඇමරිකාව ෆර්ඩිනන්ඩ් මාකෝස් සමයේ පිලිපීනයට කළ දේ.....චීනය අප්‍රිකාවට කරමින් සිටින දේ..... !
ඉ ) තමන්ගේ අධිරාජ්‍යය නියෝජනය කරන දේශපාලන මතය ( උදා: සමාජවාදය, ලිබරල් වාදය ) හෝ ආගමික මතය, ඒ ඉලක්ක කරගත් රටේ පතුරුවා හැරලා, ඒක ඒ රටෙත් අධිපතිවාදී මතවාදය කරලා, ඒ රට නතු කරගන්න උත්සාහ කරන්න පුලුවන්.... සමහරවිට සංස්කෘතිකවත් වෙන්න පුලුවන්.... සමහරවිට ඔය තුනම එකට වෙන්නත් පුලුවන්....!
මේ වගේ ගොඩක් ක්‍රමවේද තියෙනවා
07) මේ වගේ තත්වයක් ලෝකයේ පවතිනකොට, ඒකෙන් තමන්ට වාසියක් සලස ගත්තු අය ඉන්නවද?
ඔව්....අධිරාජ්‍යවාදී අරමුණු තියෙන කඳවුරු දෙකක් හෝ කිහිපයක් තියෙනකොට, ඒවා සමඟ තමන්ගේ ආශ්‍රය නිසි පරිදි කළමණාකරණය කරගෙන, හිලව්වට යමක් දෙන ගමන්, ඒ හැම එකකින්ම තමන්ගේත්, රටේත් ජනතාවගේත් වාසියට යම් යම් දේ දිනාගත්තු බුද්ධිමත් නායකයන් ඉන්නවා
08 ) එහෙම බුද්ධිමත් නොවුනොත් මොකද වෙන්නෙ?
මහ විනාශයකින් කෙළවර වෙනවා.....!....රටකට වෙන්න තියෙන නරකම දේ තමයි, පාලකයන් මෝඩයන්ව සිටියදී, රට ඇතුලෙ අධිරාජ්‍යවාදී බලවේග කිහිපයක් ඔවුනොවුන් සමඟ දේශපාලන චෙස් ක්‍රීඩාවක් පටන් ගන්න එක......එතනින් පටන් ගන්නෙ කෙළවරක් නැති විනාශයන් වැළක්.....!....කොටින්ම ඒ සමාජය සහමුලින්ම පොළවට සමතලා වෙන්න පුලුවන්...
09 ) දැනට ලෝකයේ තියෙන අධිරාජ්‍යවාදී බලවේග මොනවාද?
ඉතාම සුපැහැදිලි ලෙස බලවත්ම අධිරාජ්‍යවාදී අරමුණු පෙන්නුම් කරලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය සහ මහජන චීන සමූහාණ්ඩුව. ඊට පසුබිමින් අපැහැදිලි අධිරාජ්‍යවාදී අරමුණු සහිතව, සෙමෙන් සෙමෙන් ඉලක්ක කරා යන්න උත්සාහ කරන බලවේග තමයි යුරෝපා සංගමය, රුසියාව ආදී රටවල්....
මේවායින් සමහරකට අපි "සුපිරි බලවතුන්" කියනවා... "සුපර්පවර්ස්" ... අද ඒ ඝණයේ ලා සලකන්න පුලුවන් ආර්ථික සහ මිලිටරි යන කොටස් දෙකෙන්ම ඇමරිකාව.....ආර්ථික වශයෙන් චීන සමූහාණ්ඩුව සහ මිලිටරි වශයෙන් පමණක් ගත්තොත් රුසියාවත්.....යුරෝපා සංගමය තනි ඒකකයක් ලෙස ගත්තොත් සුපිරි බලවතෙක් කියලා සලකන්න පුලුවන්.....
තව ඉන්නවා "මහ බලවත් රාජ්‍යය " ... "ග්‍රේට් පවර්ස්" කියලා කියනවා.... ඒ ගොල්ල එක් එක් කළාප වලට බලවතුන්... උදා: දකුණු ආසියාවට ඉන්දියාව.... ලතින් ඇමරිකාවට බ්‍රසීලය.....අප්‍රිකාවට දකුණු අප්‍රිකාව ... ඔය වගේ සලකන්න පුලුවන්... ඒ ගොල්ලත් ඒ ඒ කලාප වලට සීමා වෙච්ච තමන්ගේ බල ව්‍යාපෘති කරගෙන යනවා.....පුළුවන් නම් එතනින් එළියටත් ගෙනියන්න පොටක් පාදගන්න බලනවා....!
ආගම් වශයෙන් ගත්තොත් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ලබ්ධීන් දෙකේ විවිධ නිකාය ප්‍රභේද පැහැදිලි අධිරාජ්‍ය / අධිපතිවාදී අරමුණු පෙන්නුම් කරලා තියෙනවා.....අනෙකුත් ආගම් ධර්ම ප්‍රචාරය ඔස්සේ සිය ධර්මය බහුතරය අදහන දහම බවට පත් කරන්න යම් යම් උත්සාහයන් ගනිමින් ඉන්නවා.....
10 ) මේ වගේ දේශපාලනය සහ ආර්ථිකය මුල්වෙච්ච අධිරාජ්‍යයන් ලංකාවට බලපෑම් කරන්න හේතු මොනවද ?
නිශ්චිත වශයෙන් පිළිගන්න පුලුවන් ප්‍රබලම හේතුව තමයි, ශ්‍රී ලංකාවේ අද්විතීය පිහිටීම......!.....පෙර අපර දෙදිග යා කරන සමුද්‍ර මාවත අවශ්‍ය නම් පාලනයට ගන්න පුලුවන්, අවශ්‍ය නම් විසන්ධි කරන්න පුලුවන් කේන්ද්‍රයක ශ්‍රී ලංකාව තිබෙනවා....එමෙන්ම ගුවන් මාර්ග ගත්තත් ඉතාම වැදගත් පිහිටීමක් තියෙන්නෙ....ඒ නිසාම මෙහි ලැගුම් ගන්නා බලවේග වලට තමන්ට සතුරු බලවේග මනාව නිරීක්ෂණය කරන්නත්, යුද්දයක් ඇතිවුවහොත්, බරපතල හානි කරන්න පුලුවන් උපාය මාර්ගික මෙහෙයවීම් කරන්නත් පුලුවන්
11 ) ශ්‍රී ලංකාවට බලපෑම් තියෙන්නෙ කාගෙන්ද?
මේ වෙනකොට චීනය තමන්ගෙම නව යටත්විජිතවාදී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙන්නෙ... එහි ප්‍රධාන ලක්ෂණ තමයි ණය ගිවිසුම්, භූමියේ කළමණාකරණය අත්පත් කරගැනීම සහ චීන කොළණි.....
සාම්ප්‍රදායික අධිරාජ්‍යවාදී බලවේගය වන ඇමරිකාවේ බලපෑමත් තියෙනවා.... ඔවුන්ගේ බලපෑම බොහෝවිට දේශපාලනිකයි....( ආගමික මුහුණුවරකුත් ඉඳහිට පේන්න තියෙනවා )
කළාපීය බලවතා වන ඉන්දියාවේ බලපෑමත් තියෙනවා.... ඉන්දියාවට වැඩිපුරම ඕන ව්‍යාප්ත වීමට වඩා, ශ්‍රී ලංකාවේ තමන්ට ( ඉන්දියාවට ) වඩා සුවිශාල බලවේග ලැගුම්ගෙන, තමන්ට ( ඉන්දියාවට ) කළාපයේ හිමි අසමසම බලය අහෝසි වෙන එක නවත්තගන්න.....
තව ඉතින් ශ්‍රී ලංකාවේ ඉස්සර තමන්ගේ කොඩිය ගහගෙන හිටපු අයත් තමන්ගේ පැරණි කොළණිය දිහා බලාගෙන ඉන්නවා.... !.. නමුත් ඒ පැරණි අධිරාජ්‍යවලට දැන් ඉස්සර තරම්ම බලයක් නෑ.....!.....ඔවුන් සමහර තැන්වලට ගොණුවෙලා ඉන්නවා පේනවා.....!......නමුත් මේ මොහොතේ තනිව සහ සෘජුව මහ විශාල බලපෑමක් කරන්න හයියක් දැන් ඔවුන්ට නෑ.....!
12 ) ශ්‍රී ලංකාවට ඒ බලපෑම් වලින් සහමුලින්ම ගැලවෙන්න පුලුවන්ද?
හිතන්න අමාරුයි... ඔවුන් දැනටම මුල් ඇද තිබෙන විදිය අනුව අමාරුයි.... ලෝකය පවතින රටාව අනුව කොහොමත් අමාරුයි.....!.....එහෙම වෙන්න නම් ශ්‍රී ලංකාවත් දැවැන්ත බලවේගයක් බවට පත්වෙන්න ඕන....!.....
13 ) අනාගත රාජ්‍ය නායකයන් කුමක් කළ යුතුද?
මේ බලවේග තුනම කෙසේ හෝ ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කර සමබර කරගත යුතුයි.... එක පැත්තකට බර වැඩි උනොත්, අනිත් පැත්ත හෝ පැති සතුරුකම් කරන්න පටන් ගන්නවා.....ශ්‍රී ලංකාව එක් පැත්තක් සාදරයෙන් පිළිගත්තොත්, අනිත් පාර්ශව ශ්‍රී ලංකාව විනාශ කරන්න, ඒ පිළිගත් පාර්ශවය විනාශ කර තමන්ට හිතවත් පාර්ශවයක් බලයට ගේන්න, කඩාකප්පල් කාරී ක්‍රියාකරන්න පටන් ගන්නවා.....
මේකට දැන් ශ්‍රී ලංකාව මැදිවෙලා අවසන්.....කරන්න තියෙන එකම දේ, ඉතාම කල්පනාකාරීව ඔවුන් සමග සමබර සබඳතා පවත්වා ගැනීම පමණයි....16 වෙනිදාට මේ රටේ කවුරු නායකයා උනත්, ඒ නායකයා සතුව මේ විෂයෙහි තිබෙන වගකීම සුළුපටු නෑ......!....මින් ඉදිරියට සියවස් ගණනාවකට ලංකාවේ ජාතික දේශපාලනය මේ බලවේග තමන්ට හැකිතාක් වාසිදායක ලෙස තීරණය කරන්න උත්සාහ කරයි.....
14 ) චීනය, ඉන්දියාව සහ ඇමරිකාව ශ්‍රී ලංකාව මත කුළල් කාගත්තොත් ඔබ ගන්නේ කාගේ පැත්තද?
පෞද්ගලික වාසි මෙන්ම, පදිංචිවී සැපවත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව වැඩියෙන් සලසන පැත්ත ....!..... එහෙම සලසන්න පුලුවන් කාටද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.....!... උගුරට හොරා බෙහෙත් කන්නෙ මොකටද? ....ඒක මගේ පෞද්ගලික මතය....!...

හැබැයි එක දෙයක්....මේ තුන්ගොල්ලම අතීතයේදී තමන්ගේ යටත් විජිතයන්ට ඉතාම අමානුෂිකව සළකපු ඉතිහාසයන් සහිත ජාතීන්ගෙන් සැදුම්ලත් බලවේග.....ඒ නිසා "අරුන් හොඳයි, මුන් නරකයි" කියන්න බෑ....සාපේක්ෂව අඩුවැඩි හොඳ නරක තෝරගන්න එක ඔබට භාරයි.....!