අධිවේගියට touch-and-go කාඩ්පත්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අධිවේගියට touch-and-go කාඩ්පත්

JICA ණය ආධාර දීමට සූදානම්

ලබන 27 වනදාට විවෘත කිරීමට නියමිත දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන්නන්ට ස්ව්‍යංක්‍රීයව මුදල් ගෙවීම සඳහා touch-and-go කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීමට ණය ආධාර ලබාදීමට ජපානය එකඟ වී තිබේ.

කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසන්නේ මෙම අධිවේගී මාර්ගය නිසා දකුණු පළාතේ සංචාරක කර්මාන්තයේ වර්ධනය, කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම්, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය යන කරුණු සාක්ෂාත් කර ගැනීමට හැකිවන බවයි.

ජපානය විසින් ස්ව්‍යංක්‍රීය මුදල් එකතු කිරීමේ පද්ධතිය සඳහා මුදල් ලබාදෙන තුරු මුල් කාලයේදී මෙම මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් අතින් මුදල් ලබාගන්නා අතර touch-and-go කාඩ්පත් ක්‍රමය හා ස්ව්‍යංක්‍රීයව මුදල් අය කිරීමේ ක්‍රමය සඳහා ණය ආධාර ලබා දෙන්නේ JICA ආයතනයයි.

මේ වනවිට, ඉදිවෙමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයේ කොටස් දෙකක් සඳහා JICA ණය ආධාර ලබාදී තිබෙන අතර කොට්ටාව මාකුඹුරේ සිට කුරුඳුගහහැතැක්ම දක්වා දකුණු අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 67 ක් ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 50 ක සහනදායී ණය JICA විසින් සපයා තිබේ.