අධිවේගියේ ආපදා සේවාවන්ට වැඩ වැඩිවෙයි

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    අධිවේගියේ ආපදා සේවාවන්ට වැඩ වැඩිවෙයි

    c2ae840702.jpg


    කාර්මික දෝෂ, බොයිල් කිරීම් වැනි ප්‍රශ්න දිනපතා ඉහළට

    දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන පරණ වාහන බොයිල් කිරීම ඇතුළු විවිධ කාර්මික දෝෂයන්ට වැඩිපුර ලක්වීම නිසා ආපදා සේවාවන්ට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

    “පරණ වාහන මේ මාර්ගයට ඇතුළු කිරීම මේ වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. මෙවැනි වාහන වලින් බොහෝ ප්‍රමාණයක් දිනපතා මාර්ගයේදී කාර්මික දෝෂයන්ට ලක් වෙනවා. ඒ වගේම සමහර වාහන බොයිල් කරනවා. අපි ඉල්ලා සිටිනවා. එවැනි වාහන මෙම මාර්ගයේ එනවිට වතුර කෑන් එකකුත් අරගෙන එන්න කියල. මොකද, මාර්ගයේ කිසිම තැනකින් වතුර ලබාගන්න අවස්ථාවක් නැති නිසා. මෙවැනි ආපදාවන්ට ලක්වන වාහන දිනපතා වැඩිවීම නිසා මාර්ගයේ ආපදා සේවාවල වැඩ වැඩිවී තිබෙනවා.“

    යනුවෙන් හෙතෙම කීය.

    මේ නිසා, තම වාහනය මාර්ගයට ඇතුළු කිරීමට පෙර වාහනයේ රෝදවල හුළං තත්ත්වය හා අළුත්බව, තිරිංග ක්‍රියා කිරීම, ආලෝක සංඥා හා නලාව ක්‍රියා කිරීම, වතුර හා තෙල් නිසි ලෙස යොදා තිබීම ඇතුළු වාහනයේ තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස හෙතෙම රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

    “රාත්‍රී කාලයේ ගමන් කරනවා නම් විදුලි පන්දමක්ද වාහනයේ තිබීම වැදගත්. යම් කිසි ප්‍රශ්නයක් වාහනයට සිදුවුණොත් එය ප්‍රයෝජනවත් වෙනවා.“

    යනුවෙන්ද බණ්ඩාර මහතා සඳහන් කළේය.

    දකුණු අධිවේගී මාර්ගයේ වාහනයකට යම් ආපදාවක් සිදුවුවහොත් 1969 දුරකතන අංකයට කතාකර ආපදා සේවා ගෙන්වා ගැනීමට හැකිය.​

    Source
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්සර මිනිස්සු ලැට් එකට දුවන්නෙත් වතුර බාල්දියක් උස්සගේනනේ.. මට ඒක මතක් උනා :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉස්සර මිනිස්සු ලැට් එකට දුවන්නෙත් වතුර බාල්දියක් උස්සගේනනේ.. මට ඒක මතක් උනා :lol:

    මචන් ඉස්සර ලොරි වල නම් අනිවා වතුර බාල්දියක් එල්ලගෙන තමයි කොහේ ගියත් යන්නේ. ඒක හැලෙන්නෙත් නෑ බන්. රට වටේ ගියත් බාල්දිය ෆුල්:lol: :lol:. මතකද මන්ද?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් ඉස්සර ලොරි වල නම් අනිවා වතුර බාල්දියක් එල්ලගෙන තමයි කොහේ ගියත් යන්නේ. ඒක හැලෙන්නෙත් නෑ බන්. රට වටේ ගියත් බාල්දිය ෆුල්:lol: :lol:. මතකද මන්ද?

    මතකයි මතකයි :yes: