අධිවේගියේ සියයේ වේගය එපා- Sri Lanka transport experts warn of expressway safety risks

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අධිවේගියේ සියයේ වේගය එපා- Sri Lanka transport experts warn of expressway safety risks

    දකුණු අධිවේගී මාර්ගයේ සමහර මගී ආරක්ෂිත තත්ත්වයන් ජාත්‍යන්තර ප්‍රමිතියට නොමැති නිසා යම් තක්සේරුවකට පැමිණෙන තුරු පැයකට කිලෝ මීටර් සියයක වේගයෙන් ධාවනය කිරීමට අවස්ථාව නොදෙන ලෙස වරළත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනය බළධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

    ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සැදුම්ලත් මෙම ආයතනය අවධාරණය කර තිබෙන්නේ මෙවැනි වේගයකින් මෙම අධිවේගී මාර්ගයේ ගමන් කිරීම අනාරක්ෂිත විය හැකි බවයි.
    මෙම මාර්ගයේ තිබෙන සමහර අඩුපාඩුකම් පිළිබඳව වරළත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනය මාර්ග සංවර්ධන අධිකාරියට මීට පෙර අවස්ථාවක පෙන්වා දුන් බවත් එම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සමුළුවක් පැවැත්වුණු බවත් වැඩිදුරටත් අනාවරණය වේ.
    ලංකාවේ රියදුරන් තවමත් මෙවැනි අධිවේගී මාර්ගයකට නුහුරු නිසාත් මාර්ගයේ තිබෙන යම් යම් ආරක්ෂිත අඩුපාඩු නිසාත් මුලින් පැයට කිලෝ මීටර් 80 ක පමණ උපරිම වේගයකට ගමන් කිරීමට අවස්ථාව ලබාදී පසුව ඒ පිළිබඳව තක්සේරුවක් කර අනතුරු අවම නම් පැයට කිලෝ මීටර් සියයක වේගයකට ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් බළධාරීන්ගෙන් ඉල්ලා ඇත.
    මහා මාර්ග අමාත්‍යංශයේ බළධාරීන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම මාර්ගයේ උපරිම ධාවන වේගය පැයකට කිලෝ මීටර් සියයක් බවත් අවම ධාවන වේගයක් තවමත් පනවා නැති බවයි.
    ඉදිරියේදී මාර්ගයේ ධාවන කටයුතු පිළිබඳව සලකා බලා අවම ධාවන වේගයක් පනවන බව එහිදී ඔවුන් පැවසීය.
    මීට අමතරව, මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල එම මාධ්‍ය හමුවේදීම කියා සිටියේ මෙය අපේ රටේ ජනතාව මුහුණු දෙන පළමුවන අධිවේගී මාර්ග අත්දැකීම බවත් මෙහි යම් යම් අඩුපාඩු තිබේනම් ඒවා සත් භාවයෙන් පෙන්වා දෙන ලෙසයි.
    එවැනි අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට සූදානම් බව අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කීය.
    වරළත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම මාර්ගයට රියදුරන් ප්‍රවේශ වීමට පෙර ඔවුන්ට දැනුවත් වීමක් ලබාදෙන ලෙසයි.
    එසේම, යම් අවශ්‍යතාවයකදී වාහනයකට පැත්තකට කර නැවැත්වීමට ඉදිකර තිබෙන මංතීරුවේ පළල මදි බවද වරළත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනය සඳහන් කර තිබේ.
    අධිවේගී මාර්ගයක වාහනයක් පැත්තකට කර නතර කිරීමට ඉදිකරන මංතීරුව අඩුම ගණනේ මීටර් 2.2 ක පමණ පළලකින් යුක්ත බවත් මෙම අධිවේගී මාර්ගයේ එම මංතීරුවේ පළල මීටර් 1.75 ක් බවත් එම ආයතනය පවසා ඇත.
    ජාත්‍යන්තර අධිවේගී මාර්ගවල මංතීරුවක තිබෙන මීටර් 3.7 ක් වන පළල මෙම අධිවේගී මාර්ගයේ නොමැති බවත් මෙහි මංතීරුවක පළල මීටර් 3.5 ක් බවත් සඳහන්ය.
    මෙම හේතු සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගයේ මුල් කාලයේදී පැයකට කිලෝ මීටර් සියයක වේගයෙන් ගමන් කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙස එම ආයතනය අවධාරණය කර තිබේ.
    කෙසේවෙතත්, මෙම මාර්ගය නිසා කහතුඩුව, ගැලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැක්ම, නයාපාමුල, පින්නදූව ඇතුළු ප්‍රදේශවල ශීඝ්‍ර දියුණුවක් ඇතිවීම වැලැක්විය නොහැකි අතර මාර්ග පහසුකම් නොමැති වීමෙන් සංවර්ධනයේදී කොන්වූ ජනතාව නගා සිටුවීම සඳහා මෙවැනි අධිවේගී මාර්ග ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණාවකි.
    මෙම මාර්ගය හම්බන්තොට දක්වාම දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙන අතර එවිට වඩාත් වැඩි ආර්ථික ප්‍රතිලාභ දකුණු පළාතේ ජනතාවට ලැබෙනු ඇතිබව විශ්වාසයයි.





    kala warenko...77,000 millions rs (77 BILLION:shocked:) viyadam karala hadapu high way [wage] eke palayanko 80km/hr:lol::rofl:


    ekath 400rs viyadam koragena:P



    yako mama game road eke 75 ta yanawane:eek: petrol viyadama vitarai:lol:


    ha dan mona karannada api high way eke yanawooooooooooooooo kiyagena 80ta palayalla..:lol:



    ha dan ubalata me good news eka deepu nisa mata salakala palayalla:rofl:




     
    • Like
    Reactions: Java00

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ විකාර ඔය පාර් 100 යන්ඩ බැරිද,මම මේ නිකන් පාරවලත් 100 යනව :)
    ඔකේ 100 නෙමේ අවුලක් නැතුව 120-130 යන්ඩ පුලුවන් :yes::)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    nikan pare moma 100 yanne nane machan.... meke hama vahanema 100 yanna oni... eka nisa okkoma vahana 100 giyot para case nisa accident vadi venava
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලෝකෙ කොහේ හයිවේ වලත් සල්ලි ගෙවලයි යන්න ඕන.ඒක නම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ කතන්දරේ ඇහුවම යන්නත් බයයි