අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ග&#3538

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ග&#3538

    අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ගිහින්

    දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස ආවරණය කර තිබූ කම්බි දැල් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබේ.

    අධිවේගී මාර්ගයේ දො‍ඩංගොඩ පිවිසුම් මාර්ගයේ සිට කොළඹ දෙසට වන්නට මාර්ගය දෙපස කම්බි දැල් ගලවා රැගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    මේ හේතුවෙන් මාර්ගයට සතුන් පැමිණීමේ අවදානම ඉහළ ගොස් ඇත. මෙය රථ වාහන ගමනාගමනයේ දී අනතුරුදායක තත්ත්වයකි.

    කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ගල්වලින් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පැවසීය.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සම හරකුන්ට පාරක් වත් දිරවන්නෙ නෑ වගේ..
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ටික දවසකින් මහින්ද මාමා කියයි
    "යුද්ධෙකුත් නැති එකේ, ආමි එක දාලා අධිවේගේ මුර කරමු" කියලා:baffled:
     
    • Like
    Reactions: and

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාර පොරවල් බං.. පාරක් හදන්න කියල ගල් ටිකක් වැලි ටිකක් ගෙනත් දාල ගියොත් ඒකෙන් ගල වැලි හොරකම් කරගන්නව, වැටක්, දැලක් ගැහුවොත් ඒව ගලවන් යනව, බල්බ් එකක් දැම්මොත් ඒක ගලවන් යනව. අනේ මන්ද මේ මීහරක්‌ කොහොම හදන්නද කියල
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුන් නම් මහ තිරිසන් මනුස්ස කොට්ඨාෂයක්, මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ,

    අධිවේගී මාරගයට ගල් ගහපු උන්ට, අධීවේගී මාරඟයේම තියලා ගල් ගහන්න ඕනේ මම නම් කියන්නේ,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕකුන් අල්ලලා, ඔය කම්බි එක එක *කේ යවන්න ඕනා..... රටේ දේපල කාබාසීනියා කරන පර බල්ලෝ...... :angry:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ටික දවසකින් මහින්ද මාමා කියයි
    "යුද්ධෙකුත් නැති එකේ, ආමි එක දාලා අධිවේගේ මුර කරමු" කියලා:baffled:

    ඔව් මචං එහෙම හරි සොලූෂන් එකක් දෙන්න වෙනවා මේ වගේ චාටර් පොරවල් ඉන්නකොට ලංකාවේ... :yes:
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මොනවා උනත් රටේ මිනිස්සු රටක පොදු දේපොළ හොරා කන තාක්කල් රටක් කොහේ හදන්නද? රටේ මහා එකාගේ ඉඳල මැති ඇමතිවරු කෝටි ගණන් ගහනවා. දැන් පොඩි එවුන් එදා වේල හොයාගන්නත් රටේ පොදු දේපොළ හොරා කනවා. මෙව්වා කාට කියන්නද?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඉරිසියාය අසහනය කාලකන්නි කම වෙන මොකක්ද ඉතින් කියන්න තියෙන්නෙ. ජරා සත්තු. හිරිකිතයි මේ වගේ අසමජ්ජාතියො ඉන්න රටක ඉන්න ලැබුන එක ගැන.