අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ගි
අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ගිහින්
දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස ආවරණය කර තිබූ කම්බි දැල් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබේ.
අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම් මාර්ගයේ සිට කොළඹ දෙසට වන්නට මාර්ගය දෙපස කම්බි දැල් ගලවා රැගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ හේතුවෙන් මාර්ගයට සතුන් පැමිණීමේ අවදානම ඉහළ ගොස් ඇත. මෙය රථ වාහන ගමනාගමනයේ දී අනතුරුදායක තත්ත්වයකි.
කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ප්රකාශ කළේය.
මේ අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ගල්වලින් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පැවසීය.