අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න ය&#3505

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ඕව දාල වැඩක් නෑ. මෝඩ බය්යො ටිකක් පහුගිය දවස් ටිකේ ශෙයා කරපු දෙයක් මේක. මුන් වගේ ගොබ්බයො ඉන්නකන් රටවල් දියුනු කරන්නෙ කොහොමද බන් :lol:

    12806244_789985454438634_5782437301385194177_n.jpg
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,472
    1,432
    113
    How can anything change in this country when politicians look for an opportunity to oppose anything that government want to change. Take in the case of poisonous fertilizer, unnecessary expenses, school uniform issue etc. Our people want to change -- but without changing? So we are at the same place
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජපානෙ දියුණු උනේ කොරියන් යුද්දෙ හින්දා, කොරියාව දියුණු උනේ වියට්නාම් යුද්දෙ හින්දා ඔය නැගෙනහිර ආසියාවේ අනිත් රටවල් ගොඩගියේ මූලිකවම ජපානෙ දියුණුව හින්ද. මේක චීනෙට ඒ තරන් අදාල නෑ. හැබැයි මැලේසියාව, තායිලන්තෙට අදාලයි.
    මොකද්ද බන් ඔය මෝඩ කතාවෙ තේරුම. වෙන රටක යුද්ධයක් හින්ද කොහොමද ජපානෙ දියුණු උනේ. මන් කියන්නෙ ජපානෙ දියුණු උනේ කාර්යක්ෂමව වැඩ කරන හින්ද කියල. ජපන් ගිය ඕන එකෙක් කියන කතාවක් ඒක. ඔය පැත්තෙ තියන අනිත් දියුණු රටවලුත් එහෙමයි. බලපන් ලංකාවෙ මිනිස්සු සාපේක්ෂව කම්මැලියිනෙ බන් ඒකයි අපි දියුණු නැත්තෙ. අපේ කෘෂිකර්මාන්තෙට යෙදෙන අය අඩුයි. ඒකයි අපි දියුණු නැත්තෙ. උඹ කියල තියන කතාවලට හිනත් යනව.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    ඉඳලා ඉඳලා අගේ ඇති කතාවක් කිවුවා. ඇත්ත. අපේ උන් කම්මැලියි. බහුතරයක් (වැඩිපුරම ආණ්ඩුවේ රස්සා කරන උන්) පඩියට හරියන්නවත් වැඩ කරන්නේ නැහැ. එත් දීමනා හරි පඩි වැඩි කරන්න ඉල්ලන්න නම් පාරට බැහැල වෙඩිත් කයි. :angry:
    උන්ගේ කම්මලිකමටයි ගොබ්බ කමටයි හරියන ගොබ්බයො ටිකක් තමා පාර්ලිමේන්තුවේත් ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, චීනය, මැලේසියාව. මේ රටවල් දියුණු වෙන්න එක එක හේතු තිබුනා. මම වැඩි විස්තර ඕනි නන් දාන්නන්. කාර්මික කරණය වීම කියන එකම නෙමේ මේ රටවල් දියුණු වෙන්න එකම හේතුව. ලන්කාවට මම නන් දකින විදියට කාර්මික කරණයයෙන් දියුණු වෙන්න බෑ. අපි ඒකට වෙන විසදුම් හොයන්න ඕනි. ඔය ඔක්කොටම කලින් ලන්කාව ආහාර අතින් ස්වයං පෝශිත වෙන්න ඕනි. ඒක නැතුව මොනා තිබ්බත් වැඩක් නෑ.

    අනිවා මචං උබ කියන එක හරි. අපිට ගොඩක් ලේබර් කෝස්ට් එක යන්නේත් ලංකාවේ ආහාර වල මිලගණන් වැඩි නිසයි.

    එංගලන්ය
    ඇමරිකව
    කැනඩාව
    ඔස්ට්‍රේලියාව
    ඉන්දියාව්
    චිනය

    මේ සියලු රටවල් කෘෂිකර්මනත්ය අත්ර්හින් පොහොසත්

    මැලේසියාව
    තායිවානය
    ඉන්දුනීසියාව
    වියට්නාමය
    බසිලය

    මෑත කාලයේ දියුණු වූ රටවල් සියල්ලම පාහේ අහාර 90 % තමරෙටේ නිපදව ගන්නේ

    අඩුම ගානේ අරාබියේ පවා රට ඉදි වවනවා. ඉරානයේ හරිතාගාර හදලා ඒවගේ වගා කරනවා

    අපි කොච්චර ප්‍රශ්න තිබ්බත් යන්තම වත් ඔලුව උස්සන්න පුළුවන් කියලා හිතන මානයක ඉන්නේ මේ රටේ තිබුන කෘෂිකාර්මික පදනම නිසයි. වී වගාව නවත්තලා ඒවගේ කොපි දුම්කොළ වවන්න කියන උන්ට මේවා තේරෙනවද මන්ද

    උබේ අදහසකට එකගවිමට ලැබීම ගැන සතුටුයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජපානෙ දියුණු උනේ කොරියන් යුද්දෙ හින්දා, කොරියාව දියුණු උනේ වියට්නාම් යුද්දෙ හින්දා ඔය නැගෙනහිර ආසියාවේ අනිත් රටවල් ගොඩගියේ මූලිකවම ජපානෙ දියුණුව හින්ද. මේක චීනෙට ඒ තරන් අදාල නෑ. හැබැයි මැලේසියාව, තායිලන්තෙට අදාලයි.

    ජපානය දියුණු වෙන්න ඒ රටවල තිබුන ප්‍රශ්න බලපෑවා කියන එක අත්තක් විදියට ගන්නත් පුළුවන්. එත් එරටවල කාර්යක්ෂමතාව වැඩි බන්. ජපානය හා දකුණු කොරියාවට ඇමරිකන් සපෝට් එක තියනවා. උතුරු කොරියාව නම් දියුණු කලේ දැන් ඉන්න එකාගේ සියා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    දකුණු කොරියාවට සැප් එක දුන්නේ ජ්මනිය බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකද්ද බන් ඔය මෝඩ කතාවෙ තේරුම. වෙන රටක යුද්ධයක් හින්ද කොහොමද ජපානෙ දියුණු උනේ. මන් කියන්නෙ ජපානෙ දියුණු උනේ කාර්යක්ෂමව වැඩ කරන හින්ද කියල. ජපන් ගිය ඕන එකෙක් කියන කතාවක් ඒක. ඔය පැත්තෙ තියන අනිත් දියුණු රටවලුත් එහෙමයි. බලපන් ලංකාවෙ මිනිස්සු සාපේක්ෂව කම්මැලියිනෙ බන් ඒකයි අපි දියුණු නැත්තෙ. අපේ කෘෂිකර්මාන්තෙට යෙදෙන අය අඩුයි. ඒකයි අපි දියුණු නැත්තෙ. උඹ කියල තියන කතාවලට හිනත් යනව.

    ජපානේ යුද්දෙන් පස්සෙ වැටිල හිටියේ නන්නත්තාර වෙන්න. ලෝක යුද්දෙ ඉවර ‍වෙනවත් එක්කම තමා කොරියන් යුද්දෙ පටන් ගත්තෙ 1950 ගනන් වල. කොරියන් යුද්දෙට ආයුද හදන්න තව අවශ්ය අමුද්රවය, කෑම හුගක්ම ජපානෙන් තමයි පැටෙව්වෙ. ඒවාට ඇමරිකාවෙන් සල්ලි පොම්ප කලා ජපානෙට. වැටුන ජපන් ආර්තිකේ පන ගහල ආවේ එහෙමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා මචං උබ කියන එක හරි. අපිට ගොඩක් ලේබර් කෝස්ට් එක යන්නේත් ලංකාවේ ආහාර වල මිලගණන් වැඩි නිසයි.

    එංගලන්ය
    ඇමරිකව
    කැනඩාව
    ඔස්ට්‍රේලියාව
    ඉන්දියාව්
    චිනය

    මේ සියලු රටවල් කෘෂිකර්මනත්ය අත්ර්හින් පොහොසත්

    මැලේසියාව
    තායිවානය
    ඉන්දුනීසියාව
    වියට්නාමය
    බසිලය

    මෑත කාලයේ දියුණු වූ රටවල් සියල්ලම පාහේ අහාර 90 % තමරෙටේ නිපදව ගන්නේ

    අඩුම ගානේ අරාබියේ පවා රට ඉදි වවනවා. ඉරානයේ හරිතාගාර හදලා ඒවගේ වගා කරනවා

    අපි කොච්චර ප්‍රශ්න තිබ්බත් යන්තම වත් ඔලුව උස්සන්න පුළුවන් කියලා හිතන මානයක ඉන්නේ මේ රටේ තිබුන කෘෂිකාර්මික පදනම නිසයි. වී වගාව නවත්තලා ඒවගේ කොපි දුම්කොළ වවන්න කියන උන්ට මේවා තේරෙනවද මන්ද

    උබේ අදහසකට එකගවිමට ලැබීම ගැන සතුටුයි

    එළ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විස්තර ලියපන්කො ,,එතකොට අපිටත් ලියන්න පුළුවන් ,ඒ රටවල දියුණු වෙන්න්න කරපු කැපවීම් මාරයි ,අපේ කමලියෝ වගේ නෙමේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපානය දියුණු වෙන්න ඒ රටවල තිබුන ප්‍රශ්න බලපෑවා කියන එක අත්තක් විදියට ගන්නත් පුළුවන්. එත් එරටවල කාර්යක්ෂමතාව වැඩි බන්. ජපානය හා දකුණු කොරියාවට ඇමරිකන් සපෝට් එක තියනවා. උතුරු කොරියාව නම් දියුණු කලේ දැන් ඉන්න එකාගේ සියා

    ඔවු. මූලිකව ඇමරිකන් සල්ලි පොම්ප කිරීමෙන් තමයි. දියුණු උනේ. අර රොකට් කිව්ව වගේ ජර්මනිය තමයි දකුණු කොරියානට සල්ලි දැම්මෙ. හැබැයි ජපානෙයි, දකුණු කොරියාවයි දෙකම පණ ගහල ආවේ ඇමරිකන් යුද්ද දෙකක් හින්දා. මුලින්ම ජපනා ගත්ත ගැන්ම ඊට පස්සෙ කොරියාව ගත්තා. එහෙමයි උන් ගොඩ ගියේ. ඔය දියුණුව කියන එක හැමදාම එක තැනක තියෙන්නෙ නෑ. තැනින් තැනට යනවා. ලන්කාවත් එහෙම දියුණු වෙමින් ආවට දැන් ඒක නැවතිලා තියෙන්නෙ. අ‍පි චානස් එක මිස් කලොත් තව එකෙක් ඒක ගනීවි. එතකොට අපි පරාදයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විස්තර ලියපන්කො ,,එතකොට අපිටත් ලියන්න පුළුවන් ,ඒ රටවල දියුණු වෙන්න්න කරපු කැපවීම් මාරයි ,අපේ කමලියෝ වගේ නෙමේ

    කැපවීම කියල අමුතු දෙයක් නෑ බන්. අවස්තාව තියෙනවනන් ඕනි මිනිහෙක් කැපවෙලා වැඩ කරනවා. ලන්කාවේ උන්ට අවස්තාව නැති එකට බැනලා වැඩක් නෑ. ලන්කාවෙ උන්ටත් සල්ලි උනන වැඩක් සෙට් උනොත් උනුත් කැපවීමෙන් වැඩ කරයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කැපවීම කියල අමුතු දෙයක් නෑ බන්. අවස්තාව තියෙනවනන් ඕනි මිනිහෙක් කැපවෙලා වැඩ කරනවා. ලන්කාවේ උන්ට අවස්තාව නැති එකට බැනලා වැඩක් නෑ. ලන්කාවෙ උන්ටත් සල්ලි උනන වැඩක් සෙට් උනොත් උනුත් කැපවීමෙන් වැඩ කරයි.
    යුද්දේ කාලේ දුන්නු සප් එක දුන්නා නම් රටම ගොඩ කොහේද රජ වෙන්න ගිහින් ගෙදර යන්න උනා නේ ,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දේ කාලේ දුන්නු සප් එක දුන්නා නම් රටම ගොඩ කොහේද රජ වෙන්න ගිහින් ගෙදර යන්න උනා නේ ,

    ඒ මොකක්ද ඒ කතාව? යුද්ද කාලේ දුන්න සප් එක? මොකක්ද බන් ඒ?

    අනික යුද්දෙයි ආර්තිකෙයි පටවල ගන්න එපා. ඒවා හාත්පසින් වෙනස් දෙකක්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ මොකක්ද ඒ කතාව? යුද්ද කාලේ දුන්න සප් එක? මොකක්ද බන් ඒ?

    අනික යුද්දෙයි ආර්තිකෙයි පටවල ගන්න එපා. ඒවා හාත්පසින් වෙනස් දෙකක්.
    මිනිස්සු සැහෙන කැප වීමක් දුන්න යුද්දේ කරන කාලේ ,රජයට ,ඒවගේ කැපවීමක් ගන්න තිබ්බ නායකයා මහින්ද කියන්නේ ,ජනයා ගරු කරන නිසා ගේමක් නැතුව වැඩ කරගන්න පුළුවන් නායකත්වය නිසා ,එකයි බන්
    මේ දෙක වෙනස් තමයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔවු. මූලිකව ඇමරිකන් සල්ලි පොම්ප කිරීමෙන් තමයි. දියුණු උනේ. අර රොකට් කිව්ව වගේ ජර්මනිය තමයි දකුණු කොරියානට සල්ලි දැම්මෙ. හැබැයි ජපානෙයි, දකුණු කොරියාවයි දෙකම පණ ගහල ආවේ ඇමරිකන් යුද්ද දෙකක් හින්දා. මුලින්ම ජපනා ගත්ත ගැන්ම ඊට පස්සෙ කොරියාව ගත්තා. එහෙමයි උන් ගොඩ ගියේ. ඔය දියුණුව කියන එක හැමදාම එක තැනක තියෙන්නෙ නෑ. තැනින් තැනට යනවා. ලන්කාවත් එහෙම දියුණු වෙමින් ආවට දැන් ඒක නැවතිලා තියෙන්නෙ. අ‍පි චානස් එක මිස් කලොත් තව එකෙක් ඒක ගනීවි. එතකොට අපි පරාදයි.
    ඇමරිකාවෙන් සල්ලි හම්බ වෙන්න ඇති. ඒත් උන් නැගිට්ටෙ උන්ගෙ උත්සහයෙන්. ලංකාවටත් කොච්චර සල්ලි හම්බ වෙනවද. උඹ කියන්නෙ නෑ කියලද? මම කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ කම්මැලිකමටයි අපි තාම මෙතන ඉන්නෙ කියල. ජපානෙ මිනිස්සුන්ගෙ ශ්‍රම බලකාය වැඩියි. ඒ හැමෝම එකා වගේ වැඩ කරලයි රට අද තියන තත්වෙට ගත්තෙ. අදටත් උන් ඒ විදිහටම වැඩ කරනව. ලංකාව බලපන් මීනිහ රස්සාව කරනකන් ගෙදර නිකන් ඉන්න ගෑනු කීයක් ඉන්නවද? ජපානෙ එහෙම නෑ. රැකියා අවස්තාවල් අඩු නැතුව තියනව යන්න තියන අකමැත්ත මිසක්. අදටත් ජපානෙ ගම්වල දුක් විදින අය හුගක් ඉන්නව. ලංකාවෙ අය ඒ වගේ වැඩ කරන්න කැමති නෑ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සු සැහෙන කැප වීමක් දුන්න යුද්දේ කරන කාලේ ,රජයට ,ඒවගේ කැපවීමක් ගන්න තිබ්බ නායකයා මහින්ද කියන්නේ ,ජනයා ගරු කරන නිසා ගේමක් නැතුව වැඩ කරගන්න පුළුවන් නායකත්වය නිසා ,එකයි බන්
    මේ දෙක වෙනස් තමයි

    මිනිස්සුන්ගෙ කැපවීම තිබුනෙ යුද්දෙ දිනාගෙන යනකොට විතරයි. යුද්දෙ පටන් ගත්ත දවස්වල හුගදෙනෙක් දෙගිඩියාවෙන් හිටියෙ. යුද්දෙ වගේ ලොකුවට සංවර්ධනේ පෙන්නෙ නෑ, දැනෙන් නෙ නෑ. ඒ නිසායි හුග දෙනෙක් රැවටුනේ යහපාලකයන්ට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවෙන් සල්ලි හම්බ වෙන්න ඇති. ඒත් උන් නැගිට්ටෙ උන්ගෙ උත්සහයෙන්. ලංකාවටත් කොච්චර සල්ලි හම්බ වෙනවද. උඹ කියන්නෙ නෑ කියලද? මම කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ කම්මැලිකමටයි අපි තාම මෙතන ඉන්නෙ කියල. ජපානෙ මිනිස්සුන්ගෙ ශ්‍රම බලකාය වැඩියි. ඒ හැමෝම එකා වගේ වැඩ කරලයි රට අද තියන තත්වෙට ගත්තෙ. අදටත් උන් ඒ විදිහටම වැඩ කරනව. ලංකාව බලපන් මීනිහ රස්සාව කරනකන් ගෙදර නිකන් ඉන්න ගෑනු කීයක් ඉන්නවද? ජපානෙ එහෙම නෑ. රැකියා අවස්තාවල් අඩු නැතුව තියනව යන්න තියන අකමැත්ත මිසක්. අදටත් ජපානෙ ගම්වල දුක් විදින අය හුගක් ඉන්නව. ලංකාවෙ අය ඒ වගේ වැඩ කරන්න කැමති නෑ.

    උත්සහය කරන්න එකට හරියන්න අවස්තා තියෙන්නෙ ඕනි. නැතුව කවුරැත් උත්සහා කරන්නෙ නෑ නේ. ජපානේ මිනිස්සුන්ගෙ මානසිකත්වය ඒ රටේ සංස්ක්රැතිය, අධයාපනය එක්ක ආපු එකක්. එ් නිසා ලන්කාවට බැනලා වැඩක් නෑ.

    අපේ මින්ස්සුත් උත්සහා කරයි හරියන රැකියා අවස්තා තියෙනවනන්. ඒවා නැති කමට පුලුවන් දෙවක් කලාට ඒ මිනිස්සු කම්මැලියන් ගානට දාන්න එපා.