අනතුරකදී යතුරුපැදියක් ගිනිගෙන වැනසෙන්න&#

JILL_PUK

Active member
  • Oct 24, 2017
    315
    191
    43
    අනතුරකදී යතුරුපැදියක් ගිනිගෙන වැනසෙන්න&#

    යතුරුපැදියට අලුතෙන් එක්කරන ඩෙකරේෂන් සඳහා අමතරව අදින විදුලි රැහැන් නිසා යතුරුපැදි ගිනිගත හැකියි.


    ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම දිනෙන් දින ඉහළ යමින් පවතින රිය අනතුරු සංඛ්‍යාව අතිමහත්ය. ඒ අතර බහුලවම වාර්තා වන්නේ යතුරුපැදි මගින් සිදුවන අනතුරුය.


    යතුරුපැදිකරුවා රිය ධාවනයේදි නිරතුරුවම හිස්වැසුම් සහ ජැකට් වැනි ආරක්‍ෂක මෙවලම් පැළඳිය යුත්තේ අනෙක් වාහනවලට වඩා යතුරුපැදිය ඉතා අවම ආරක්‍ෂාවක් සහිත අවදානම් වාහනයක් බැවිනි. ඇතැම් රිය අනතුරුවලදී යතුරුපැදි ගිනිගත් අවස්ථාද වාර්තාවේ. එවැනි අවස්ථාවල ආරක්‍ෂක මෙවලම් පැළඳ සිටියද රියැදුරාට දරුණු හානි පමුණුවමින් පිපුරුම් සහිත ගිනිගැනීම්ද වාර්තා වී තිබේ.


    මෙතෙක් යතුරුපැදි ගිනි ගැනීම සම්බන්ධව පරීක්‍ෂණ සිදුකළ විවිධ විද්වතුන්ගේ සහ මෝටර් කාර්මික ඉංජිනේරුවරුන්ගේ අදහස් ලංකාවේ සහ විවිධ රටවලින් නොයෙකුත් මාධ්‍යයන් ඔස්සේ සන්න දකින්න ලැබේ. ඒ අනුව යතුරුපැදි ධාවනයේදී එන්ජිමේ සහ තෙල් ටැංකියේ ඇතිවන තාපය ඉහළ යාම වක්‍රාකාරයෙන් හෝ බලපා ඇති අවස්ථා සඳහන් වේ.


    රිය අනතුරකදී තෙල් ටැංකියට හානි වී ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් තාපය නිසා ගිනි ගැනීමක් සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බව විද්වතුන්ගේ මතයයි. ඇතැම් අවස්ථාවන්හිදී ගින්න අතරතුර තෙල් ටැංකිය තුළ අභ්‍යන්තර තාප පීඩනය ඉහළ යෑමෙන් ටැංකිය පුපුරා යාමටද ඉඩකඩ ඇති බව වැඩිදුරටත් අනාවරණය කරයි. එවැනි අවස්ථාවලදී ධාවකයාට බරපතළ හානි සිදුවේ. මෙම තත්ත්වය රිය අනතුරක් මඟින් අැති නොවුණත් තෙල් ටැංකියේ කාන්දුවීමක් අැති වුවහොත් රිය ධාවනය අතරතුරදී පවා ගිනි ගැනීමට හැකිය.
    මේ පිළිබඳව තවත් පෙන්වාදිය හැකි කරුණක් වන්නේ යතුරුපැදිය සුදුසු කල නිසි ලෙස නඩත්තු නොකිරීමයි. එවිට වාහන ගිනිගැනීම් ඇතිවීමට හේතුවන වායූන් පරිවර්නය, එන්ජිම උණුසුම් කිරීම සහ අවිධිමත් විදුලි රැහැන් ඇහිරීම මගින්ද ගිනි ඇතිවන අතර නිරතුරුව නඩත්තු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. යතුරුපැදියක් විවිධ දහන තරල (Combustible fluids) මත ධාවනය කෙරේ.


    එම තරල තාප මාධ්‍යයකට නිරාවරණය මඟින් ඉතා වේගයෙන් ගිනි ඇවිළීමට පුළුවන. තවත් බොහෝ අවස්ථාවල අනාවරණය වන පරිදි යතුරුපැදි අනතුරකදී තෙල් ටැංකියට නුදුරු රැහැන්වලට සිදුවන හානි නිසා විදුලිය කාන්දුවීමෙන් (Electric leakage/Electric short) ගින්ක් හට ගැනීමට බොහෝ ඉඩකඩ ඇති බව පරීක්‍ෂණ මගින් හෙළිවී තිබේ.
    පසුගිය වසරවල බොහෝ රටවල්වලින් යතුරුපැදියට ඉන්ධන පුරවන අවස්ථාවන්හිදී ගිනි ඇතිවීම් සමාජ මාධ්‍යය ජාලායන් ඔස්සේ පළවිය. එම වාර්තා පිරික්සීමේදී අනාවරණය වන කරුණක් නම් ඉන්ධන පිරවීමේදී ඩිස්පෙන්සර් නොසලය (Dispenser nozzle) ටැංකියේ මුඛයත් සමග සම්බන්ධ නොවීම නිසා ඉන්ධන ගලායාමේදී ස්ථිතික ආරෝපණයක් ඇතිවීමෙන් නිසැක ලෙස ගිනි ගැනීමට හැකි බව හෙළිදරව් කෙරේ. එනිසා ඉන්ධන පිරවීමේදී නිසි පුහුණුවක්ද තිබිය යුතුය.


    මෙවැනි වැඩි අවධානයක් යොමු නොවන සුළු හේතූන් නිසා සිදුවන අනතුරු නිසි අවබෝධයක් සහ විමසිල්ලෙන් කටයුතු නොකිරීම නිසා සිදුවේ. සුදුසු කල නඩත්තු කර ඉතා විමසිල්ලෙන් මාර්ග නීති රීති පිළිපදිමින් විනයානුකූලව රිය ධාවනය කරන්නේ නම් අනතුරු මගහරවා ගත හැකිය.


    Source http://www.lankadeepa.lk
     
    Last edited:
    • Like
    Reactions: Amila M and ElaBaba

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඉතා විමසිල්ලෙන් මාර්ග නීති රීති පිළිපදිමින් විනයානුකූලව රිය ධාවනය කරන්නේ නම් අනතුරු මගහරවා ගත හැකිය.