අනතුරක් අත ළඟ

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අනතුරක් අත ළඟ.. ‘ආකාශ වස්තුවක් සඳෙහි ගැටේ.. ග‍්‍රහක, අලූ වළල්ලකින් පෘථිවිය වැසේ.. ’ දෙනෙත් අඳ ‘බාබා වැන්ගා’ අනාගත වාක්‍ය කියයි..

    tumblr_inline_o28s53sZkh1tgknjf_1280.jpg


    2011 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයත් 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමියත්, ෆුකුෂිමා න්‍යෂ්ඨික කාන්දුව සහ අයිසිස් නම් ත‍්‍රස්තවාදී සංවිධානයක උපතත් පිළිබද ව අනාවැකි පළ කළ දෙනෙත් අඳ අනාගත වක්තෘවරියක විසින් 2016 වසරත් ඉන් ඔබ්බටත් සිදුවිය හැකි සිදුවීම් පිළිබද ව අනාවැකි පල කොට තිබෙනවා.

    මෙම අනාගත වක්තෘවරිය පිළිබද ව, 2015 දෙසැම්බර් 09 වැනි දින http://www.news.com.au/ යන ඔස්ටේ‍්‍රලියානු පුවත් වෙබ් අඩවියත්, 2016 ජනවාරි මාසයේ දී, http://www.mirror.co.uk/ යන එක්සත් ජනපද පුවත් වෙබ් අඩවියත් http://indiatoday.intoday.in/ යන ඉන්දියානු පුවත් වෙබ් අඩවියත් විස්තරාත්මක ව සංවාදයට ලක්කොට තිබුණා.

    බල්ගේරියානු සම්භවයක් ඇති මෙම අනාගත වක්තෘවරිය නමින් ‘බාබා වැන්ගා’. ඇය 85 වැනි වියේ දී, එනම් 1996 දී මෙලොවින් සමුගත්තා. ඈ පිළිබ`ද ව දන්නා බොහෝ දෙනා ඇය ව හැදින්වුයේ ‘බැල්කන් හි නොස්ට‍්‍රඩාමුස්’ යන නමින්. නොස්ට‍්‍රඩාමුස් යනු 16 වැනි සියවසේ මැද භාගයේ වාසය කළ යුරෝපීය අනාගත වක්තෘවරයෙක්. ඉතින් ‘බාබා වැන්ගා’ ලොව පුරා ප‍්‍රසිද්ධ වුනේ ඇය මෙතෙක් පළ කළ අනාවැකි සියයට 85ක ප‍්‍රතිශතයකින් සැබැ වී ඇති නිස යි. මේ නිසා ම ඇය රුසියාව සහ යුරෝපය පුරා ම යම් අසාමාන්‍ය මිනිස් හැකියාවකින් යුක්ත අයෙකු ලෙස සම්භාවනාවට ලක් වුණා.

    කීර්තිමත් අනාගත වක්තෘවරියක් වශයෙන් අඩ සියවසක් පුරාවට ඇය විසින් විටින් විට ප‍්‍රකාශ කරන ලද සිය ගණනක් වූ අනාවැකි වලින් බොහොමයක් ම දේශගුණ විපර්යාස හා සම්බන්ධ අනාවැකි වීම විශේෂ යි. 1950 වර්ෂයට පෙර ඇය විසින් පෘථිවි ධ‍්‍රැව ආසන්න අයිස් තට්ටු දිය වීම පිළිබ`දවත්, සාගර ජල මට්ටම ඉහළ යාමත් පිළිබ`ද වත් අනාවැකි පල කරද්දී එකල වාසය කළ කිසිවෙකුත් ‘ගෝලීය උණුසුම’ යන වචනය වත් හරි හැටි අසා තිබුණේ නැහැ.

    ”විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැමදෙයක් ම මහා ජල කදකින් අතුරුදහන් වී යනවා..” මේ ඇය විසින් කළකට පෙර සිදු කළ ප‍්‍රකාශයක්. ඉන් අනතුරු ව සුනාමි යන වචනය වත් හුරු නො වූ ලොවකට 2004 වසරේ අග භාගයේ දීත් ඉන් පසුවත් ඉන්දියන් සාගරයත් පැසිෆික් සාගරයත් තුළ දැවැන්ත සුනාමි තත්වයන් ඇති වී දහස් සංඛ්‍යාත ජීවිත බිළිගනිමින් ගම් නගර පිටින් අතුරුදන් වී ගියා.

    ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ලෝකයට විවිධ තර්ජන එල්ල වෙමින් පැවති යුගයක වැන්ගා විසින් සිදුකළ ‘මහා මුස්ලිම් යුද්ධය’ පිළිබද අනාවැකිය, එකළ ලෝක විනාශය පිළිබ`ද ව ලකුණු සොයමින් සිටි සියලූ දෙනා ම ඉස්ලාම් භීතිකාවකට ඇද දැම්මා. බොහෝ භෞතිකවාදීන් සහ නිරාගමිකයින් ඒ පිළිබ`ද ව අවිශ්වාසය පල කරන්නට උත්සුක වුව ද, ඒ අතරේ ම සිදු වූ ව්‍යසන නිසා ම ඇගේ අනාවැකි පිළිබ`ද ව විරුද්ධ අදහස් පල කිරීමට විද්වතුන් පවා දෙවරක් කල්පනා කළා.

    කවුද මේ බාබා වැන්ගා…?

    බාබා වැන්ගා උපත ලැබුවේ ස්ට‍්‍රමිකා කියන ගම්මානයේ. ඇගේ සැබෑ නම, වැන්ගේලියා පැන්ඬේවා දිමිත්රෝවා. ඔටෝමන් අධිරාජ්‍යයයේ පිහිටා තිබෙන ගිනික`දු යායක් පාමුල පිහිටා තිබූ ගම්මානයේ ඇය උපත ලබන විට වෙනත් දැරියන් ලෙස ම සාමාන්‍ය ස්වරූපයක් පිහිටා තිබුණා.

    ඇගේ ගම් වැසියන් පවසන්නේ ඇය 12 වසක් යන තෙක් ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවූ බව යි. දැවැන්ත වැලි කුණාටුවකට මැදි වී අත්භූත ලෙසින් දෙනෙත් අ`ද වූයේ ඉන් පසුව යි. දින කිහිපයකට පසු ව ඇය ව සොයාගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලි වලින් තුවාල වී ඇලවී ගොස් ඉතා ම අසාධ්‍ය තත්වයේ පසුවුණා. ඇගේ මා පියන් ඉතා දිළි`දු වූ බැවිනුත්, වෛද්‍ය උපකාර අවම වූ ප‍්‍රදේශයක් වූ බැවිනුත් එම අනතුර ඇය ව ජීවිතකාලයට ම අන්ධභාවයට පත් කළා.

    ඉන් පසු ව, ඇය විටින් විට අනාගතය පිළිබ`ද අනාවැකි පළ කරන්නටත්, ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නටත් වීම නිසා වැඩි කළක් නො යා ම අනුගාමිකයින් පිරිසක් ද සමගින් ඇය ‘බාබා වැන්ගා’ නමින් සුපතළ වී ගියා. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වැසියන්, අසරණ රෝගීන්, අත්භූත දෑ පසුපස යන්නන් වගේ ම ධනවත් මිනිසුන් ද, විද්‍යාඥයින් ද ඉතිහාසඥයින් ද වුනා.

    ළඟ ළඟ ම එන විපතක්…?

    බාබා වැන්ගා ගේ මරණය සිදු වුනේ 1996 දී. ඇය ජීවත්ව සිටි කාලයේ දී ප‍්‍රකාශ කළ තවත් අනාවැකියක් පිළිබද ව කාගේත් අවධානය යොමු වුණේ එය ද සත්‍ය වෙමින් පවතින නිස යි.

    ”මුස්ලිම් ජාතිකයින් විසින් යුරෝපීයයන්ට එරෙහිව රසායනික අවි භාවිතා කරනු ඇත. 2043 දී රෝමය කේන්ද්‍ර කරගත් බලවත් මුස්ලිම් රාජ්‍යයක් බිහිවනු ඇත.”

    වැන්ගාට අනුව නම්, 2016 සහ 2017 වර්ෂ වලදී යුරෝපියානු ඛේදවාචකය ඇති විය හැකි බවයි ප‍්‍රකාශ වී තිබෙන්නේ. එම ව්‍යසනයන් නිසා යුරෝපය ජීවත් වීමට නුසුදුසු භූමියක් බවට පත් වී ජන ශුන්‍ය වන බව ඇය ස`දහන් කළා.

    ”සම්පුර්ණයෙන් ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලූ ප‍්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.”

    මේ පිළිබ`ද ව තේරුම් ගැනීමට හිටපු ඒකාධිපති පාලකයෙකු වන ‘ගඩාෆි’ ගේ උපන් ගම වන ‘සිර්ට්’ නගරයේ පසුගිය කාලය පුරාවට සිදු වූ අයිසිස් ක‍්‍රියාකාරකම් පිළිබ`ද ව විමසා බැලිය හැකියි.

    සර්ට් නුවර මේ වන විට සම්පුර්ණයෙන් ම ‘ශරියා නීතිය’ ක‍්‍රියාත්මක වන ඉස්ලාමික කොලනියක්. අලූත් පාලනාධිකාරය ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවා හරිමින් ප‍්‍රසිද්ධ ඝාතන රැුසක් ද, ගණනින් නොදන්නා හිස ගසා දැමීම් සහ එල්ලා මැරීම් රැුසක් ද සිදු කරනු ලැබුවා.

    ඒ වගේ ම පසුගිය වසරේ සිදු වූ ප‍්‍රංශ ප‍්‍රහාරයෙන් පසු මිත‍්‍ර රටවල් විසින් සිරියාවේ තෝරාගත් ත‍්‍රස්ත ඉලක්කයන්ට ප‍්‍රහාර එල්ල කොට විනාශ කොට දැමූ පසුත් අයිසිස් සංවිධානය තවදුරටත් සිරියාවේ තම අණසක පැතිර වීම සිදු කරගෙන ගියා. මේ සියලූ සිදුවීම්, ළඟ ළඟ එන විනාශයක් පිළිබ`ද ව බොහෝ දෙනා තුළ භීතියක් ඇති කරවමින් වැන්ගාගේ බිහිසුණු අනාවැකි ඇස් ඉදිරිපිට ම සත්‍යයක් බවට පත් කරමින් තිබෙනවා.

    බාබා වැන්ගා ගේ සත්‍ය වූ ප‍්‍රසිද්ධ අනාවැකි කිහිපයක්….

    1950 දී ප‍්‍රකාශ කළ අනාවැකි:- ගෝලීය උණුසුම සහ 2004 සුනාමිය

    ”සීත කලාප උණුසුම් වී යාවි. ගිණික`දු අවධි වේවි. විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැමදෙයක් ම මහා ජල කදකින් අතුරුදහන් වී යාවි…”

    ”හැම දෙයක් ම උණු වී යාවි. හරියට අයිස් දියවෙනවා වගේ…”

    1989 දී ප‍්‍රකාශ කළ අනාවැකි:- 2011 සැප්තැම්බර් 11 නිව් යෝර්ක් නුවර ලෝක වෙළ`ද මධ්‍යස්ථාන ප‍්‍රහාරය සහ ජෝර්ජ් බුෂ් (බුෂ් යනු ඉංග‍්‍රීසියෙන් ’වන ලැහැබයි’) ඇමරිකානු ජනාධිපතිතුමා ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනවා.

    ”බිහිසුණුයි… බිහිසුණුයි… ඇමරිකානු සොහොයුරු යුගලක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වෘකයින් ‘වන ලැහැබක’ සැඟවී සැළසුම් කොට පළිගන්නවා. ඒ නිසා ම අහිංසක ජීවිතත් දහස් ගණනින් මිය යනවා.

    1980 දී ප‍්‍රකාශ කළ අනාවැකි:- 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස්ක්’ නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලීයාම. බැරක් ඔබාමාගේ මැතිවරණ.

    ”සියවසේ හැරවුම් ලක්ෂයේ දී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුලූ ලොව ම හ`ඩා වැලපෙද්දී මිනිසුන් සමගින් කුර්ස්ක් ජලයෙන් යට වී යනවා.”

    කුර්ස්ක් යනු රුසියානු නගරයක නමක්. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබ`ද ව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබද ව අවධානයෙන් සිටින්නට ඇති. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසු යි සියලූ දෙනාට ම සත්‍යය වැටහී ගියේ.

    එම 1980 වසරේ දී ම ඇය විසින් තවත් ආන්ෙදා්ලනාත්මක අනාවැකියක් ප‍්‍රකාශ කළා.

    ”44 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා අප‍්‍රිකානු-ඇමරිකානු සම්භවයකින් යුක්ත වේවි. මොනව වුණත් ඔහු අවසන් එක්සත් ජනපද ජනාධිපතිවරයා වනු ඇත.”

    එම අනාවැකියේ මුල් කොටස මේ වන විටත් සත්‍ය වී හමාරයි. නමුත් එහි අවසන් කොටස පිළිබ`ද ව තවමත් කිසිවෙකුට හිතාගත නොහැකියි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථාන ද්විත්ව ගොඩනැගිල්ලට ‘සොහොයුරු යුගලක්’ යැයි කී, ගුවන් යානාවන්ට ‘යකඩ කුරුල්ලන්’ යැයි කී, කුර්ස්ක් සබ්මැරිනය ‘කුර්ස්ක්’ යනුවෙන් පමණක් හැ`දින්වූ ඇය මින් අදහස් කරන සෘජු හෝ වක‍්‍රාකාර අර්ථය පැහැදිලි කරගැනීමට හෝ එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමට වැඩිකලක් නොගොස් අප සැමට අවස්ථාව උදාවනු ඇත.

    ජනපද එකතුවක ෆෙඩරල් පාලනයකින් යුතු ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සදහා බලසම්පන්න කාන්තාවක් වන ‘හිලරි ක්ලින්ටන්’ ද ඉදිරිපත් වී සිටීම විශේෂ යි. බාබා වැන්ගා මේ පවසන්නේ ඇමරිකාව ‘එක්සත් ජනපදයක්’ ව තිබිය දී බිහිවන අවසන් ජනාධිපතිවරයා අප‍්‍රිකානු-ඇමරිකානු සම්භවයකින් යුක්ත අයෙක් වීම නම් ඊළඟට බිහිවන්නේ ජනාධිපතිවරියක වීමෙන් ද වැන්ගාගේ අනාවැකිය සත්‍යයක් බවට පත් කරවනු ඇති බව ඇගේ අනුගාමිකයින් විසින් විශ්වාස කරනවා. ඇත්තෙන් ම ආර්ථික කඩා වැටීම් මත, එක්සත් ජනපදයේ ආධිපත්‍යය බිද වැටුණහොත් ජනපද වෙන් වී වෙන ම රටවල් වශයෙන් ඉදිරියට යාමට වුව ද ඉඩ තිබෙන බව පසුගියදා මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමෙන් ම පෙන්වා දී තිබෙනවා. ඉදින් බාබා වැන්ගාගේ අනාවැකි බොහෝ දෙනා විශ්වාස කිරීම අරුමයක් ද නොවේ.

    බාබා වැන්ගාගේ අනාවැකි, 2016 න් පසු…?

    2016 – 2017 : ”මුස්ලිම්වරු යුරෝපට ආක‍්‍රමණය කරනවා. එය සම්පුර්ණයෙන් ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලූ ප‍්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.”

    2023 : පෘථිවියේ කක්ෂය වෙනස් වෙනවා. (කිසිවෙකුට තවමත් මෙය සිදුවන ආකාරය තේරුම් ගත නොහැකි යි

    2025 : යුරෝපයේ ජනගහනය ‘ශුන්‍යය’ බවට පත් වෙනවා.

    2028 : මානව වර්ගයා නව ශක්ති ප‍්‍රභව සොයාගෙන ‘සිකුරු ග‍්‍රහයා’ වෙතට පිටත් වෙනවා.

    2033 : ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශ වල අයිස් දියවීම නිසා පෘථිවියේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත

    2043 : යුරෝපය සම්පුර්ණයෙන් ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකට මුස්ලිම්වරුන් අතට පත් වේ.

    2066 : රෝමය නැවත අත්පත් කරගන්නා අදහසින් සහ නැවත ක්රිස්තියානිකරණය කරන අදහසින් යුතුව, ඇමරිකානු භූමියෙන් ප‍්‍රථම වරට දේශගුණය පාලනය කළ හැකි අවියක් භාවිතා කරනු ලබයි.

    2076 : කොමියුනිස්ට්වාදය යුරෝපය ඇතුලූ ලොව පුරා නැවත පැතිරී යයි.

    2084 : ස්වභාව ධර්මය යළි ඉපදේ. (කිසිවෙකුට මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක

    2100 : කෘතිම සූර්යයෙක් පෘථිවියේ අදුරු කොටස් ආලෝකමත් කරනු ඇත. (2008 වසරේ සිට විද්යාඥයින් විසින් න්‍යෂ්ඨික බලය භාවිතා කරමින් කෘතිම සූර්යයෙක් නිපදවීමේ පර්යේශන මේ වන විටත් සිදු කරමින් සිටිති*

    2130 : පිටසක්වල ජීවීන්ගේ උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදි වේ.

    2170 : දැවැන්ත ගෝලීය නියඟයක්.

    2187 : දැවැන්ත ගිනි ක`දු දෙකක පිපිරීම සාර්ථක ලෙස වළක්වනු ඇත.

    2201 : සූර්යයාගේ තාප න්‍යෂ්ඨික ක‍්‍රියාවලි මන්දගාමී වීම නිසා උෂ්ණත්වය පහළ වැටේ.

    2262 : ග‍්‍රහලෝකයන්ගේ ධ‍්‍රැව වෙනස් වී යයි. අඟහරු ග‍්‍රහයා, ආකාශ වස්තුවක ගැටේ.

    2354 : කෘතිම සූර්යයාගේ සිදුවන අනතුරක් නිසා තව තවත් උණුසුම පහළ බසී.

    2480 : කෘතිම සූර්යයින් දෙදෙනෙකු ගැටීම නිසා අ`දුරු කලාප යලි බිහි වේ.

    3005 : අගහරු හි යුද්ධයක් නිසා එහි ගමන් මඟ වෙනස් වේ.

    3010 : ආකාශ වස්තුවක් සෙදහි ගැටේ. පෘථිවිය ග‍්‍රහක සහ අලූ වළල්ලකින් වට වී යයි.

    3797 : මානව ශිෂ්ඨාචාරය පෘථිවිය හැරදමා වෙනත් පෘථිවයක් සොයා යාමට තරම් දියුණු වී පවතී. මේ කාලය වන විට ලොකයේ ජීවත් වන සියලූ දෙනා මිය යයි. පෘථිවිය යම් කලකට මිනිසාගෙන් ශුන්‍ය වී යයි.

    සිතන්න මොහොතක්…

    බාබා වැන්ගාගේ අවසන් අනාවැකිය 3797ට අදාල වුවත් අපගේ ආයු කාලය වසර සියයකටත් වඩා අඩු ය. එබැවින්, 2100 දී කෘතිම සූර්යයා බිහි වීමටත් ප‍්‍රථම අප මෙලොවින් සමුගෙන සිටිනු ඇත. නමුත්, සියවස් 18ක් අනාගතයට සිදුවීම් පෙළගස්වා ඇති ආකාරයෙන් අප සැමට තවදුරටත් සනාතනික බුදු වදන් තුළ සිත පිහිටුවා ගත හැකියි.

    ”වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” ”සියලූ සංස්කාර නැසී වැනසී යන සුලූයි (කුසල් දහම් හි* අප‍්‍රමාදී වීම ජීවිතයට හුරු කරගන්න” යනුවෙන් අප ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය සත්‍යයක් ම බව තව තවත් තහවුරු නොවන්නේ ද? ඔබ අප දිවිගෙවන මිනිස් ලොවත්, ඔබ අපේ අනාගත පරපුර දිවි ගෙවීමට නියමිත මිනිස් ලොවත් කෙතරම් නම් භයංකර විය හැකි ද යන්න උන්වහන්සේ විසින් වසර 2552කට පෙර දේශනා කොට වදාළා.

    බාබා වැන්ගාගේ අනාවැකි සියල්ල බුදු රජාණන් වහන්සේගේ ප‍්‍රකාශ සමඟ ගලපා බැලීමට අප මෙහි දී උත්සාහ දරන්නේ නැහැ. අනාවැකි ශාස්ත‍්‍රය තිරශ්චීන විද්යාවක් මෙන් ම එය භාවිතා කරන්නා ද වීතරාගී නොවෙයි. එබැවින් ඇයට වැරදීමට ඇති ඉඩකඩ ද එමට යි.

    නමුත්, චක්කවත්තී සීහනාද සූත‍්‍රයේ දී අනාගත මිනිස් සංහාර ගැනත් සප්තසුරියුග්ගමන සූත‍්‍රයේ දී පෘථිවියේ අවසානය, මෙම සූර්යයාට අතිරේක ව තවත් සූර්යයින්ගේ පහල වීමක් සමඟින් සිදුවන බවත්, පෘථිවිය විනාශ වන සමයේ දී සත්වයා ආභස්සර නම් වූ බ‍්‍රහ්ම ලොවක උපත ලබන බවත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති බව ද අපි ඔබට සිහිපත් කොට දෙනවා. බුදුරජාණන් වහන්සේට තරම් පැහැදිලි ව අනාගතය දැකීමේ ඥනයක් ‘බාබා වැන්ගා’ ට නොතිබුණත් ඇය විසින් අන්ධ ලෝකයක් තුළ සිට හෝ ගෙනහැර පෑ අනාවැකි පිළිබ`ද තොරතුරු සියල්ල අප සැමට නුදුරු අනාගතයට බුද්ධිමත් ව සූදානම් වීම පිණිසත් වත්මන පිළිබද අවධානයෙන් සිටීම පිණිසත් උපකාර වේවා…

    http://www.news.com.au/
    http://www.mirror.co.uk/
    http://indiatoday.intoday.in/

    යන පුවත් අඩවි ඇසුරින් සකස් කරන ලදී.

    – විශ්වනාත් දේවප‍්‍රිය –

    (රීපොස්ට් නම් සොරි මචන්)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් ඔහෝම අපටත් කියන්න පුලුවන්නේ බන් තව අවු 60 කින් ලෝකේ තෙල් නැති වෙනවා නැති නැතිව ලෝක ආර්තික කඩා වැටෙනවා මැද පෙරදිග රටවල මහා නගර මිනිස්සු රහිත නගර වෙනවා චිනය ලෝකේ බලවතා වෙනවා ඔය වගේ හිතලා කියන්න පුලුවන්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    2025 දී යුරෝපය ජනශූන්ය වෙනවනම් 2043 දි රෝමය කේන්ද්‍ර කොට ගත් මුස්ලිම් රාජ්යයක් බිහි වෙන්නෙ කොහොමද ???:confused:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෙතන වැරදිච්ච ඒවා මොනවද කියලා දාලා නෑනෙ තව කොච්චර ඒවා කියලා ඇතිද. හරිගිය ඒවත් එච්චර පැහැදිලිව කියලා නැනේ. අනික 2016 පස්සේ තියෙන ගොඩක් ඒවා ඔච්චර ඉක්මනට වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි..
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    2025 දී යුරෝපය ජනශූන්ය වෙනවනම් 2043 දි රෝමය කේන්ද්‍ර කොට ගත් මුස්ලිම් රාජ්යයක් බිහි වෙන්නෙ කොහොමද ???:confused:

    Funny+Stupid+Question.jpg


    But මචන් මුස්ලිම් ආක්‍රමණයනම් දරුනුවටම වෙනව නේද?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Funny+Stupid+Question.jpg


    But මචන් මුස්ලිම් ආක්‍රමණයනම් දරුනුවටම වෙනව නේද?

    මුස්ලිම් ආක්‍රමණය වෙනම කතාවක්. මම කල්පනා කරේ ජනශූන්ය වෙච්ච විශාල මහා ද්වීපයක් අවුරුදු 18 කදි රාජ්යයක් වෙන්නෙ කොහොමද කියලා.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මෙතන වැරදිච්ච ඒවා මොනවද කියලා දාලා නෑනෙ තව කොච්චර ඒවා කියලා ඇතිද. හරිගිය ඒවත් එච්චර පැහැදිලිව කියලා නැනේ. අනික 2016 පස්සේ තියෙන ගොඩක් ඒවා ඔච්චර ඉක්මනට වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි..

    Arthur C Clark ගෙ පොත් කියවල තියෙනවද මචන්. ඒ වගෙත් අදාල වර්ෂ නිවැරදිම නොවුනත් ඒ තාක්ෂණය එමින් පවතිනව.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මුස්ලිම් ආක්‍රමණය වෙනම කතාවක්. මම කල්පනා කරේ ජනශූන්ය වෙච්ච විශාල මහා ද්වීපයක් අවුරුදු 18 කදි රාජ්යයක් වෙන්නෙ කොහොමද කියලා.

    ලොකු යුද්ධයකට පස්සෙ මුස්ලිම් වරු ඒ ප්‍රදේශය යටත් කරගන්නව. නමුත් භාවිත කල රසායනික අවි නිසා ඒ ප්‍රදේශය මිනිස් වාසයට වසර ගනනාවක් යනකන් නුසුදුසු වෙනව. වාසයට සුදුසු තත්වයට පැමිණිපසු නැවත මුස්ලිම්වරු පදින්චි වෙනව. :rolleyes:

    So it is not impossible.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ලොකු යුද්ධයකට පස්සෙ මුස්ලිම් වරු ඒ ප්‍රදේශය යටත් කරගන්නව. නමුත් භාවිත කල රසායනික අවි නිසා ඒ ප්‍රදේශය මිනිස් වාසයට වසර ගනනාවක් යනකන් නුසුදුසු වෙනව. වාසයට සුදුසු තත්වයට පැමිණිපසු නැවත මුස්ලිම්වරු පදින්චි වෙනව. :rolleyes:

    So it is not impossible.

    ඊට කලින් ඇමරිකන් කාරය nuke එකක් ගහවි මුලු ලෝකෙම ජන ශූන්ය වෙන්න!!
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2025 දී යුරෝපය ජනශූන්ය වෙනවනම් 2043 දි රෝමය කේන්ද්‍ර කොට ගත් මුස්ලිම් රාජ්යයක් බිහි වෙන්නෙ කොහොමද ???:confused:
    පුටින් සහ නේටෝ අතර යුද්ධයක් ගිහින් වෙන්න බැරිද