පෝලන්තයෙන් හමුවූ වසර 400ක් පැරණි ‘වැම්පයර් කත’

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    2022 වසරේ දී පෝලන්තයේ පියෙන් ගම්මානය අසලින් සොයාගත් අසාමාන්‍ය භූමදානයක් පිළිබඳව විද්‍යාඥයින් මේ දිනවල නව පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ‘සොසියා’ (Zosia) ලෙස නම් කර ඇති තරුණියකට ඇයත් මේ දේහය මීට වසර 400කට පමණ පෙර භූමදානය කර ඇත්තේ ඇය ‘නැවත නැගිට ඒම’ වැළැක්වීමේ අරමුණින් බවට විශ්වාස කෙරෙන උපක්‍රම ද සහිතවයි.

    ඇයගේ ගෙල හරහා මළකඩ කෑ දෑකැත්තක් තබා තිබූ අතර, පාදයකට ඉබ්බෙකු සහිත අගුලක් සවිකර තිබුණා. පර්යේෂකයින් පවසන පරිදි, දෑකැත්ත ස්ථානගත කර තිබුණේ දේහය නැගිටීමට උත්සාහ කළහොත් ගෙල කැපී යන ආකාරයෙන්. මීට අමතර ව ඇයගේ මුඛය හෝ නාසය ආසන්නයේ තඹ සහ රත්‍රන්වලින් නිමවන ලද වස්තුවක් ද තබා තිබුණා. මෙම සියලු ම පියවරයන් ඇය යක්ෂයෙකු හෝ “වැම්පයර්” කෙනෙකු ලෙස නැවත පැමිණේවි යැ යි එකල සමාජය තුළ පැවති දැඩි බිය පිළිඹිබු කරනවා.

    නවතම පර්යේෂණ ඔස්සේ මෙම තරුණිය පිළිබඳ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට සමත් ව තිබෙනවා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 17 ත් 19 ත් අතර වන්නට ඇතැ යි සැලකෙන අතර, හිස් කබල අසලින් හමු වූ රන් සහ රිදී නූල් සහිත සේද රෙදි කැබලි මඟින් ඇය ධනවත් පවුලකට අයත් තැනැත්තියක් බවට ඉඟි සැපයෙනවා. ඇයගේ රසායනික විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ ඇය එම කලාපයේ ම හැදී වැඩුණු තරුණියක් බවයි. එහෙත්, ඇයගේ DNA අනුව ස්කැන්ඩිනේවියානු ජනගහනය සමඟ සම්බන්ධයක් තිබිය හැකි බවට ද යම් යම් සාක්ෂි මතු වී තිබෙනවා. ඇයගේ මරණයට හේතුවිය හැකි රෝගයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි මෙතෙක් සොයාගෙන නැහැ. කලින් සිදුකළ පරීක්ෂණවලින් ඇයට පපුවේ වේදනාව හෝ ඉදිමීම ඇති කළ හැකි රුධිර නාලිකා අර්බුදයක් තිබෙන්නට ඇතැ යි අනුමාන කළ ද, එය මරණයට හේතු වූ බවට පර්යේෂණ මඟින් තහවුරු වී නැහැ.

    පුරාවිද්‍යාඥයින් විසින් මෙම ස්ථානයෙන් 17 වන සියවසට අයත් තවත් සොහොන් 101ක් පමණ සොයාගනු ලැබ ඇති අතර, ඉන් බොහොමයක මුහුණ පහතට සිටින සේ වළදැමූ සිරුරු, හිස් කබල් වටා ගල් තැබීම සහ දෑකැති හෝ ඉබි යතුරු සහිතව භූමදානය කිරීම වැනි අසාමාන්‍ය ලක්ෂණ දක්නට ලැබෙනවා. ගම්මානයෙන් සහ පල්ලියෙන් බැහැර ව මෙම සුසාන භූමිය පිහිටා තිබීමෙන් හැඟවෙන්නේ, සමාජයෙන් කොන් කරන ලද හෝ මරණින් මතු පවා බියක් ඇති කළ පුද්ගලයින් සඳහා මෙය යොදාගෙන ඇති බවයි.

    Journal of Archaeological Science: Reports හි ප්‍රකාශයට පත් කර ඇති මෙම නවතම පර්යේෂණය මඟින් පෙන්වා දෙන්නේ ‘සොසියා’ කවුරුන් ද, ඇය මිය ගියේ කෙසේ ද සහ ඇයට මෙවැනි අසාමාන්‍ය භූමදානයක් ලැබුණේ ඇයි ද යන්න තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බවයි. එකල සමාජය මළවුන් සොහොන් තුළ ම රඳවා තබා ගැනීමට මෙතරම් අසාමාන්‍ය පියවර ගත්තේ ඇයි ද යන්න වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මෙම ස්ථානයේ ඇති තවත් සොහොන් පරීක්ෂා කිරීමට පර්යේෂකයන් මේ වන විට සැලසුම් කර තිබෙනවා.

    Source: vidusara.lk

    image-1787730235556.png

    woman-anti-vampire-ritual-poland-1.jpg

    woman-anti-vampire-ritual-poland-2.jpg

    woman-anti-vampire-ritual-poland-3.jpg

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    ආපහු වැම්පයර් කතාවක් බලන්න හිතුන.
    සිරා බන්. ෆිල්ම් එකක් ගැහුවා නම් හරි මේක හම්බෙලා දෑකැත්ත අයින් කරාට පස්සේ වෙන දේවල්.

    ආයේ නැගිටියි කියලා තියලා තියෙන දැකැත්තද මොකක්ද එකයි ලොක් එකයි අයින් කරලා මුන් කෙළවගන්න වගේ හදන්නේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,619

    ඉතින් බෙල්ල කපලම වළ දැම්මා නම්‍ ඉවරයිනෙ හුත්ත. නැගිට්ටොත් කැපෙන්ඩ කියල තියන්නෙ. ෂුවර් එකටම වළ දාපු එකා මාලිමා ජාතිකයෙක්. 🤣🤣
     
    Pluribus එකේ ඉන්නෙත් Zosia කියල කෙල්ලෙක් නේද? එදාමද දන් නෑ ඔය. 🤭

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,507
    14,521
    113
    35
    Spain
    ඉතින් බෙල්ල කපලම වළ දැම්මා නම්‍ ඉවරයිනෙ හුත්ත. නැගිට්ටොත් කැපෙන්ඩ කියල තියන්නෙ. ෂුවර් එකටම වළ දාපු එකා මාලිමා ජාතිකයෙක්. 🤣🤣
    කතෝලික මිනිස්සු, මුස්ලිම් මිනිස්සු ශරීරය මරණින් පසුව දෙව්ලෝ යනවා කියල හිතනවා. එක නිසා තමයි උන් කැමති නැත්තේ ආදාහනය එහෙම කරනවට.