ඇය ශ්‍රී ලාංකේය ගීත කලාවේ යශෝ රාවයයි.
නන්දා අදීන නිර්මාණ ශිල්පිනියක වන්නේ, පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්‍රශස්ති ගායනාවන් නොකළ නිසාවෙනි. සමාජ අසධාරණය හමුවේ නොබිය ව ගීතය අවියක් කර ගත් නිසාවෙනි. ගීතයෙන් සමාජයක් නින්දෙන් අවදි කළ නිසාවෙනි.
සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ ඊට එරෙහිවීම නිසා ගුවන් විදුලියේ දොරගුළු වැසුණු ගායක ගායිකාවන් කීප දෙනා අතර නන්දා ද පෙරමුණේ සිටියා ය. ඇතැමෙක් රාජ්‍ය මර්දනය හමුවේ පසු බසිද්දී නන්දා තම මතය වෙනුවෙන් නොබියවම අඛණ්ඩව පෙනී සිටියා ය.
විජය අසාධාරණ ලෙස අත් අඩංගුවට ගත් මොහොතේ රාජ්‍ය ත්‍රස්තවාදයට බියේ බොහෝ කලාකරුවන් නිහඬ වද්දී නන්දා නොබියව විජය වෙනුවෙන් පෙරට ආවා ය. නිතර රොස්මිඩ් නිවසට පැමිණි ඇය මට මහත් ශක්තියක් වූවා ය.
සමාජ අසාධාරණය හමුවේ සමාජය ම නිර්වින්දය වෙද්දී නන්දා නොබියව පෙරට පැමිණ ජීවිත තර්ජන නොතකා යුක්තිය වෙනුවෙන් හඬ නැගුවාය.
ඇය කිසිදු විටෙක සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. ඉතාමත් සරල දිවියක් ගත කළ ඇය ඕනෑම අභියෝගයක් මධ්‍යයේ නැගී සිටින මහා පෞරුෂයකට, නිර්භීතකමකට සහ ආත්ම ශක්තියකට උරුමකම් කියන්නී ය.
පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් වන්දි බට්ටකම් කරන කලාකරුවන්ට වඩා නන්දා මාලිනිය කෙරේ මා හදවතේ ඇත්‍තේ ඉමහත් ගෞරවයකි.
ඇතැමෙක් පටු දේශපාලන දුෂ්ඨීන්ට යට වී ඇයට පහර ගැසුවද , ඇයගේ කීර්තිය දශමයක් හෝ අඩු නොවන බව මම දනිමි. නන්දාගේ දේශපාලන දුෂ්ටිය සහ භාවිතාව, ප්‍රතිපත්තිගරුක බව නොදැන පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ඇය ව විවේචනය කරන්නවුන්ට මම අනුකම්පා කරමි.
CBK
ආචාර්‍ය නන්දා මාලිනියනි ඔබට නිවන් සුව!
ඔබගේ නිර්මාණ භාවිතාව තවත් යුග ගණනාවකට ආලෝකයක් වනු ඇත.