අනතුරක දී දෙකට කැඩෙන යානයක්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    අනතුරක දී දෙකට කැඩෙන යානයක්

    අනතුරක දී දෙකට කැඩෙන යානයක්

    :yes:ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක දී එහි මගීන්ගේ දිවි බේරාගත හැක ගුවන් යානයක් පිළිබද සංකල්පයක් ලෝකයට ඉදිරිපත් කර ඇත. මේ නව සංකල්පයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානයක් හදිසි අවස්ථාවක දී කඩා වැටීමේ හෝ වෙනත් හේතුවක් නිසා විනාශ වී යාමේ අවධානමක් ඇති අවස්ථාවක දී මගීන් සිටින කොටස ගලවා ඉවත්කර පැරෂුට් ආධාරයෙන් බිමට වැටීමට සැළැස්වීමයි.
    අදහස ඉදිරිපත් කරන ඉංජිනෙරුවන් පවසන්නේ මේ සංකල්පය ගුවන් මගීන් බේරාගැනීමේ වඩාත් සාර්ථක ක්‍ර‍මයක් වනු ඇති බවයි.
    දැනට අභ්‍යාවකාශ ගමන් වල දී රොකටයකින් මගීන් සහිත යානා වෙන් කිරීමේ තාක්ෂණය මේ සදහා යොදා ගැනීමට අපේක්ෂිතය යානයේ මගීන් සිටින කොටසේ පත්ල රබර් යොදා නිෂ්පාදනය කිරීමටත් එමගින් පොළොවට පතිතවන අවස්ථාවක දී ඇතිවන කම්පනය අවමකිරීමටත් මුහුදට පතිතවන්නේ නම් මුහුදු ජලතල මත පාවීමේ හැකියාව ඇති කිරීමටත් යෝජනා කර ඇත.
    මගී මැදිරියේ ඉහළ සවිකර ඇති විශාල පැරෂුට් හදිසි අවස්ථාවක දී එම මැදිරිය වෙන්කළ විට ක්‍රියාත්කවන ආකාරයෙන් මේ සංකල්පය ඉදිරිපත් කර ඇත. ඉදිරි වසර කිහිපයේ දී මෙවැනි ගුවන් යානා නිෂ්පාදනය කර මගී ප්‍ර‍වාහනය සදහා එක්කිරීමට නියමිතය.
    සංකල්පය ඉදිරිපත් කරන ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරු ව්ලැඩිමීර් ටටරෙන්කෝ හා ලිව්ලීක් යන දෙදෙනා පවසන්නේ මෙතෙක් සිදුවූ ගුවන් අනතුරුවලින් මගීන් විශාල වශයේ මියගිය ද ඉදිරියේ දී මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමත් සමග මරණ අවමකර ගැනීමට හැකි බවයි.


    New-Plane-1.jpg


    New-Plane-2.jpg


    New-Plane-3.jpg


    New-Plane-4.jpg


    New-Plane-7.jpg


    New-Plane-8.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/377500
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ගුවන් නියමුවන්ට මැරෙන්න වෙනවා නේද මිනිස්සු බේරුනත්

    ela Rep++
     

    Similar threads