අනවසර ඉදිකිරීම් සදහා ක්‍රියාමාර්ග ගන්නා 

wsb

Member
May 2, 2009
62
3
0
අනවසර ඉදිකිරීම් සදහා ක්‍රියාමාර්ග ගන්නා 

මචන්ලා මගෙ අල්ලපු ගෙදර එකා මගෙ ඉඩම පැත්තට එන්න බිල්ඩිමක් ගහනව.අඩි 1.5ක් මගෙ ඉඩමට ඇවිල්ලා තියෙනවා.මන් පොලිසි ගියා ඒ කෑල්ල කඩල දෙන්න කියල.  මූ කියනව දැන් මම වැට ඇදේට ගහල කියල ඒපැත්ත උට අයිතිලු.අවුරුදු 20ක්පරණ වැටක්.උගෙ ගෑණි පොලිසියෙ. ඒ නිසා පොලිසිය ඒ කෑල්ල කඩන්න අපිට අයිතියක් නෑ කියනව.උසාවි යන්න ඕනෙලු.හදන එක නවත්තන්න කියලවත් කිවුවෙ නෑ.දැන් නිකන් වැටේ වැරැද්ද කියන පැත්තට යන්නෙ මහදැනමුත්තා තියරියෙන්. උගෙ ඉඩම මනින්න ඕනෙලු දැන් ඒකෙන් අඩුවෙලාද බලන්න. වැඩේ කල් අදින්න හදන්නෙ මට තේරුණේ .මේවට නීතියක් නැද්ද? මේ විදියට බැලුවොත් ඉඩමක ඉදන් පාරට බිල්ඩිමක් ගහල මගේ වැට තියෙන්නෙ පාර පැත්තට කියලත් ශේප් වෙන්න පුලුවන්නෙ පොලිසි ගියාම. මේක කඩල දාන්න මොකක්ද කරන්න ඕනෙ.දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න.;);)
ස්තූතියි

 
Last edited:

Draftinglk

Member
Oct 31, 2017
24
1
0
ඔයා යන්න නගර සාබාව/ප්‍රදෙශිය සභාව ගිහින් පැමිණිල්ල දාන්න. එතකොට ගොඩනැගිල්ල හදන එක TO මුලින් නවත්වයි. ඉටපස්සේ ගොඩනැගිලේ/ඉඩමේ අනුමත පැලැන් ඉදිරිපත් කරන්න කියයි.ඔක පුත්ගලික ඉඩමක් නිසා කොහෙමත් ගොඩනැලි සැලසුම පාස් කරන්න බැහැ ඉඩම අවුරැදු 10 ඇතුලත මැනපු එකක් දාලා අනුමත කරන් නැතුව. හොදම දේ නගරසාබාවට යන එක. මොකද ඔක අනවසර ඉදිකිරමක් නේ ඔයා කියන විදියට.
 

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අයියෝ බං ඔය මගුල හදනකන් උඹ මොනවද කරේ? නියපොත්තෙන් කඩන්න ඕන වැඩක් නෙ මෙච්චර වෙනකං ගෙනල්ල තියෙන්නේ. ඕකට පස් කපද්දීවත් තේරුනේ නැද්ද අවුල? එහෙම නැත්තං උඹලට අයිති වෙන තැනක තියෙන ඉඩමක අල්ලපු ගෙදර එකා හොරට මායිම පන්නලද?

    ඉඩමේ survey plan එක හොයාගන්න මචන්. ඒක ඕන වෙනවා මේ වෙලාවේ. නැත්තං අර කෙනෙක් comment කරලා තිබ්බ වගේ licensed surveyor කෙනෙක් ලව්වා ඉඩම මන්නවන්න වේවි

    පොලිසියෙන් පැමිණිල්ල බාරගන්නත් බෑ කියනවද? ඒක මාර කතාවක්නේ.

    වහාම ප්‍රාදේශීය සභාවේ පැමිණිල්ලක් කරන්න. එතකොට උන් ඇවිල්ලා මැනලා බලාවි. වැඩේ කේස් වගේනන් උන් වැඩේ අත්හිටුවන්න නියෝගයක් දෙනවා මම දන්න විදියට.

    ඒත් හරිගියේ නැත්තං ලෝයර් කෙනෙක් අල්ලලා වැඩේට බහින්න වෙයි මචන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආවට ගියාට බෑ බන් ඕවා හදන්න. ප්ලෑන් එක අනුමත කර ගෙන තියෙන්න ඕනේ. කම්ප්ලේන් එකක් දාපන් නගර \ ප්‍රාදේශීය සාබා අයිති වෙන එකට. ඕක කඩලා දායි. දැන් නීතියේ හැටියට මම දන්නා විදිහට බන් බල්යින්ඩ් වෝල් දද්දීත් නීති තියෙනවා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔයා යන්න නගර සාබාව/ප්‍රදෙශිය සභාව ගිහින් පැමිණිල්ල දාන්න. එතකොට ගොඩනැගිල්ල හදන එක TO මුලින් නවත්වයි. ඉටපස්සේ ගොඩනැගිලේ/ඉඩමේ අනුමත පැලැන් ඉදිරිපත් කරන්න කියයි.ඔක පුත්ගලික ඉඩමක් නිසා කොහෙමත් ගොඩනැලි සැලසුම පාස් කරන්න බැහැ ඉඩම අවුරැදු 10 ඇතුලත මැනපු එකක් දාලා අනුමත කරන් නැතුව. හොදම දේ නගරසාබාවට යන එක. මොකද ඔක අනවසර ඉදිකිරමක් නේ ඔයා කියන විදියට.


    මේක නිවැරදි උපදෙසක්. ප්‍රදේශීය සභාවට පැමිණිලි කරන්න. ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්ට ලිඛිතව පැමිණිලි කරන්න. යවන ලිපි වල පිටපත් තියා ගන්න . ඒ වගේ රාජ්‍ය ආයතන වලට දැම්මහම පොලීසියට තනි තීරන ගන්න බැහැ


     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොනවා කරත් වැඩක් නැහැ බන් ලංකාවේ නීතිය. වැරදි කරන අයට තමයි සප් ඒක පොලිසීයේ ඉදන් අනෙක් සියලූම රාජ්‍ය අායතන වල තත්වය ඔහොමයි. උඹට ලියුම් ඒයි අදාල තැන්වලට යොමු කරා කියලා ඊට පස්සේ ඔක රබර් වගේ අදිනවා. පගාව සෙට් උනාට පස්සේ නිතියානුකුල කරගන්න දඩයක් ගහලා අවසර දෙනවා. ගුඩ් ලක් මචන්
     

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,299
    543
    113
    ප්‍රදේශීය සභාවට පැමිණිලි කරන්න