~~//..අන්කල් "කෝ දුව" කොහේද?
අන්කල් "කෝ දුව" කොහේද?
රෙදි මනින ‘කෝදුව’ හොයද්දී මුදලාලි සේවකයකුට බැණ වැදිලා
අතුරුගිරිය විශේෂ – වික්‍රම සමරසිංහ
නගරයේ රෙදිපිළි ඇතුළු විවිධ භාණ්ඩ පිරි සාප්පුවකි. එහි අයිතිකරු හැරුන විට තවත් සේවකයන් දෙපළකි. මුදලාලිගේ දුව නිසංසලා ද නිතර මෙහි පැමිණෙයි. උත්සව සමයේ වෙළඳාම සරු නිසා අමතර සේවකයන්ද බඳවා ගත්හ.
නුවන් එසේ බඳවාගත් අයෙකි. ඔහු ඉතා කඩවසම් ය. අනිකුත් අය මෙහි අයිතිකරුට මහත්මයා කියා ඇමතුවත් නුවන් ඔහුට කීවේ අන්කල් කියාය. එයට මුදලාලි මුලදී තරමක් අකමැති වුවත්, පසුව එම ඇමතීම දෙදෙනාට ම හුරු පුරුදු විය. තම දුව සමඟ නුවන් වැඩිපුර කථාබහ කරනු මුදලාලි කොපමණවත් දැක ඇතත් ඒ ගැනද ඔහු සැකයෙන් යුතුව සිතීය. එහෙත් දෙදෙනා අතර අනිසි සම්බන්ධයක් නො වුණි. මුදලාලි නොදැන සිටියද නුවන්ට පෙම්වතියක් සහ නිසංසලාට පෙම්වතෙක්ද විය. එහෙත් නුවන් සහ නිසංසලා වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා තිබූ හෙයින් මෙසේ වැඩිපුර පිළිසදරෙහි යෙදුනි.
මේ අතර දින දෙකක් නිසංසලා වෙළෙඳ සලට නොපැමිණියේ මළ ගෙදරක ගිය නිසාය. එදින වෙළෙඳ සලෙහි සෙනඟ පිරිලා ය. රෙදි ගැනීමට පැමිණි අයද ඒ අතරය. නුවන් රෙදි මනින කෝදුව සෙව්වද එය හමු නො වුණි. එනිසා නුවන් අන්කල් කෝ දුව කොහේද? කියා මුදලාලිගෙන් ඇසීය. මුදලාලි සිතුවේ නුවන් කිසිම බියක් සැකයක් නැතිව තමන්ගේ දුව ගැන මෙසේ විමසන්නේ ඒ තරම් සම්බන්ධය දුරදිග ගිහින් ඇති නිසා කියාය. මුදලාලිට හොඳ හැටි කේන්ති ගියේය. “හිටපිය උඹට මගේ දුව ගිය තැන කියන්න.
උඹ හදන්නේ කපටිකමින් මගේ දුව මුලා කරගෙන මේ බුදලය අත්පත් කරගන්න නේදැයි කියමින් නුවන්ට ගහන්න පැන්නේය. තමා කී දෙය මුදලාලිට වැරැදියට වැටහී ඇති බව නුවන්ට තේරුනේ එවිටය.
එහෙත් නුවන් කලබල නො වීය. ඔහුට එල්ල වූ පහර වලක්වාලමින් නුවන් කීවේ මා සෙව්වේ රෙදි මනින කෝදුව . අන්කල්ගේ දුව නෙවෙයි. මුදලාලිට යථාර්ථය අවබෝධ විය.
එවේලේ වෙළෙඳසලේ සිටි පිරිසටද මෙය හාස්‍ය පිරි විනෝද ජනක සිද්ධියක් විය. එහෙත් එම රැකියාවෙන් ඉවත් වූ නුවන් එදිනම ගමරට බලා පිටත්විය.