අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලයි

කෂොක්ජී ඝාතනය ගැන මාධ්‍ය සංවිධාන අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලයි
බිඟුන් මේනක ගමගේ


සෞදි ජනමාධ්‍යවේදී ජමාල් කෂොක්ජී ඝාතනයට වගකිවයුත්තන් සෙවීම සඳහා අන්තර්ජාතික විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන මණ්ඩලයක් හරහා විමර්ශනයක් කළ යුතු යැයි මෙරට මාධ්‍ය සංවිධාන හයක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කෂොක්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදි පාලනයේ සම්බන්ධයක් ඇති බව තුර්කි බලධාරින් සාධක සහිතව ඉදිරිපත් කර තිබියදී සෞදි පාලනය එම චෝදනා මඟහැර වෙනත් කරුණු හුවා දක්වන්නට උත්සාහ දරමින් සිටින්නේ යැයි ද ලොව සෑම රටකම ජනමාධ්‍ය සමාජ මීට එරෙහිව දැඩි හඬක් නැගිය යුතු යැයි ද මාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වූ සහ අතුරුදන් කළ පහරකෑම්වලට ලක් වූ ජනමාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති පරිසරයක මෙවැනි සිදුවීම් මගින් ලංකාවේ ජනමාධ්‍ය සමාජය තවත් සසල වන්නේ යැයි ද එහි සඳහන් වේ.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය සංවිධාන හැටියට මෙම සිදුවීමේදී ලෝ පුරා පැතිරී සිටින සියලු මාධ්‍ය සංවිධාන සමඟ එකතු වන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ සහ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය යන සංවිධාන මෙම නිවේදනය නිකුත් කර ඇත.

Recommended Articles
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඝෝටා සහ මරා ලංකාවේ මාධ්‍යවේදීන් පන්සීයකට වඩා මරලා තියෙනවා.උන් දෙන්න කිසි ප්‍රශ්නයක් නැතිව ආන්ඩුවේ ආරක්ෂාව යටතේ හොඳට ඉන්නවා.වෙන මිනිස්සු මිනීමරුවොත් උන් හිරේ.
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    500 කට වඩා? නම් කියමු බලන්න ඒ ඒ ආයතන වල අතුරු දහන් වෙච්චි උන්ගෙ ? :P