අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද

    අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද

    අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොද වැඩක් තමයි.ඒත් අන්තර්ජාලයෙන් මුදල් සේවිමට ගොස් මංමුලාවෙන එකනම් හොද වැඩක් නොවේයි. මොකද ලෝකයේ සිටින ලොකුම හොරු, කපටි කෛරාටිකයන්, මුලාකරන්නන්, සල්ලාලයින්, ඉන්නෙත් ඔතනම තමයි. ඒවගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ්‍රය කිරීමටත් මේ අන්තර්ජාලය අපට උදව් වෙනවා. සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනවා, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ඉතින් එහෙනම් අපි බලමු අන්තර්ජාලයෙන් ක්‍රමානුකුලව මුදල් උපයන්නේ කොහොමද කියල.ඊට කලින් තව එකක් කිව යුතුමයි. internet එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනවා වගේම ටිකක් මහන්සිවෙලා කල යුක්තක්. එහෙම නැතුව internet එක කියන්නේ ඕන විදිහට සල්ලි ගන්න පුළුවන් සල්ලි ගුහාවක් නම් නෙමෙයි. නොයෙක් ලෙසින් දැන්වීම් දමන මිනිසුන් මුල කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා. මාසිකව ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියල දැක්කම සමහරුන් යනවා දහදාහක්වත් හොයාගත්තොත් මදිද කියල .අන්තිමට අතේ තිබුන ටිකටත් දෙවියන්ගේම පිහිටයි. ඒ නිසා අප තීරණය කලා බොහෝ දෙනෙකුගේ යහපත පිණිස ලිපි පෙළක් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන ක්‍රම පිලිබදව සරලව කරුණු කියාදීමට. එහෙනම් මුලින්ම කාටත් කරන්න පුළුවන් සරලම වැඩකින් පටන් ගමු.

    දැන්වීම් නැරබීමෙන් මුදල්

    අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරබීමෙන් මුදල් හොයන්න පුළුවන් කියන එක. ඒවාට කියන්නෙ paid to click ( PTC ) වෙබ් අඩවි කියල.මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනවා. එම වෙබ් අඩවි වල ලියාපදිංචි උනාම ඔවුන් අපට දිනපතා දැන්වීම් කීපයක් නැරබීමට අවස්ථාව උදාකරලා දෙනවා. ඒවා තත්පර 30 ක් හෝ විනාඩියක් පමණ නැරබිය යුතු වෙනවා. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනවා.එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුළුවන්.ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොද මුදලක් වෙනවා. මෙම PTC ගනයේ වෙබ් අඩවි කිහිපයකින්ම මෙලෙසින් මුදල් එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි. හැබයි මේ ආකාරයේ හැම වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මොකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බොහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ. කලින් මුදල් ගෙවූ BUX.to හා Rich PTC වගේ වෙබි අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත් නෑ . ඉතින් මුදල් හරියටම ගෙවන සයිට් තියෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට ලබා දෙනව. මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන මුදල් ලබාගැනීමට Alert Pay(Payza) බැංකු ගිණුමක් තිබිය යුතුමයි. Alert Pay ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු පැහැදිලි කරන්නම්. දැනට ඔබට ගිණුමක් නොමැතිනම් මෙතනින් ගොස් ගිණුමක් හදාගන්න. ඔබට Alert Pay එක් ගිණුමක් පමණක් තබා ගන්න. එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම පරිගණකයෙන් සාදා ගත හැකියි. උදාහරණයක් ලෙස ඔබට පමණක් ඔබේ පරිගණකයෙන් Clixsence හා Neo Bux යන ගිණූම් දෙකම සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි. එහෙනම් මෙන්න PTC වෙබි අඩවි කිහිපයක්ම. ලියාපදිංචි වෙලාම බලන්න කොහොමද කියල. සෑම Bux ගිණුමකටම හා ඇලට්පේ ගිණුමක් සදහා එක් ඊ මේල් ලිපිනයක් පමණක් තබාගැනීමෙන් කරදර බොහෝ සෙයින් අඩු කර ගත හැකියි.
























    ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites

    ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලය මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බව. මම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම PTC Sites ටික මෙහි දාලා තියෙනවා. ඔයාල දන්නවා ඇති ලෝකයේ ඇති බොහෝ PTC Sites අතරින් 99 % ක්ම ව්‍යාජ වෙබ් අඩවි බව. ඔබ එම ව්‍යාජ වෙබ් අඩවි වල කොපමණ කාලයක් දැන්වීම් නැරඹුවත් ඔබට කිසි දිනක මුදල් ගෙවන්නේ නැහැ. ඔබ හොදින් මතක තබා ගතයුතුයි එක Ads එකකට Rs.2 කට වඩා Pay කරන PTC Sites ඔක්කොම ව්‍යාජ Sites . නමුත් අප රටේ බොහෝ දෙනෙකු ඉක්මනින් පෝසත් වීමට සිතා එක Ads එකකට Rs.100, Rs.500, Rs.1000 වැනි ලොකු මුදලක් ගෙවන Sites වල Ads බලනවා. නමුත් එවැනි කිසිදු PTC Sites එකක් ඔබට කිසිසේත්ම මුදල් ගෙවන්නේ නැහැ. Rich PTC, Grand PTC, Buxinc, Ten Dollar Clicks, Biz PTC ,Neo Dollar,PTC Wallet මෙවැනි ව්‍යාජ PTC Sites කිහිපයක්.

    පහත දැක්වෙන්නේ (attachment) මේ වන විට තම සාමාජිකයින්ට දැන්වීම් නැරඹීම වෙනුවෙන් මුදල් නොගෙවන ව්‍යාජ PTC Sites ලැයිස්තුවයි. අප විසින් මෙම ලැයිස්තුව දිනපතා අලුත් (Update) කරනවා. මේ වන විට මුදල් ගෙවන PTC Sites එකක් යම් හෙයකින් මුදල් ගෙවීම නතර කල සැනින් අප එම PTC Sites එක මෙම ලැයිස්තුවට ඇතුලු කරනවා. එම නිසා ඔබ දිනපතා මෙම ලැයිස්තුව අධ්‍යයනය කරන්න. ඔබ දන්නා තවත් ව්‍යාජ PTC Sites තිබේනම් අප වෙත එවන්න. අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම රුකියාවක් කල පසු එහි මුදල් ගෙන්වා ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු වෙනවා . අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට අදාල මුදල ගෙන්වා ගැනීමටනෙ . එක් එක් ආයතන වලින් අපට මුදල් ගෙවන ක්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.



    අන්තර්ජාල බැංකූ ගිණුම්

    උදාහරණයක් විදියට ගුගල් ඇඞ්සන්ස් වගේ ඒවායින් ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්, එම චෙක්පත් ලංකාවෙ අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින් මාරු කරගන්න පුලුවන්. ඒත් සමහර ජාත්‍යන්තර ආයතන වලින් මුදල් ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම් හරහා පමණයි PayPal , AlertPay කියන්නෙ අන්තර්ජාලයේ ප්‍රසිද්දම බැංකු 02 ක්. බොහෝ ආයතන කරන්නේ තම ආයතනයෙන් යමෙකුට ගෙවිය යුතු මුදල් ඔහුගේ නමට ඇති මෙවැනි බැංකුගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක්‍රමයක්. එනිසාම දැන් බොහෝ දෙනෙක් කරන්නේ තම ක්‍රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම වෙනුවට මෙම අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට ඒ හරහා ගෙවීමයි . ඔබටත් අන්තර්ජාලයේදී යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට් කාඩිපතකින් නොගෙවා එය Alert Pay වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන් බේරීමට හැකිවෙයි. Pay Pal වලින් තවම මුදල් ලංකාවට ගේන්න ගන්න බැ කියලා කවුරුත් දන්නවනෙ. ඒත් අපිට Pay Pal වලින් සල්ලි ගෙවන්න නම් පුලුවන්. සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩි එකක් අර ගෙන එකට ලින්ක් කලාට පස්සෙ ඒ හරහා ඔබට අවශ්‍ය අයට මුදල් ගෙවන්න පූලුවන්. Alert Pay එකෙන් නම් ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩි එකක් Alert Pay ගිණුමට ලින්ක් කිරීමෙන් හරි තමන්ගේ බැංකු ගිණුමට ලින්ක් කර ගැනීමෙන්හරි එය කරන්න පුලුවන්.

    PTC වෙබි අඩවි බොහෝමයක්ම වාගේ ඔබට ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert Pay( payza) ගිණුමක් තබා ගැනිම ඉතාම වට්නව.