අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි?
අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි
අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා ගැනීම දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මේ අනුව ලක්‍ෂයක පමණ පිරිසක් මාසයකට අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා ගැනීමට යොමුවන බව ද නියෝජිතායතනය සදහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමගම එම කටයුතු වඩාත් විධිමත්ව සහ කාර්යක්‍ෂමව සිදු කිරීමට හැකියාව ලැබී තිබෙන බවද වසරකට රුපියල් බිලියනයක පමණ ආදායමක් රජයට උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
www.srilanka.lk ලංකා ගේට් අන්තර්ජාල ගෙවුම් බිහිදොර ඔස්සේ වීසා ලබා ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම් කටයුතු කිරීමට පහසුකම් ලබාදී තිබෙන බවද විසි දහසකට ආසන්න පිරිසක් මේ වන විට ලංකා ගේට් අන්තර්ජාල ගෙවුම් බිහිදොර ඔස්සේ සේවාවන් ලබා ගැනීමට යොමු වී සිටින බවද නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. - lanka C news
*******************************

කැමතිම Beijing ගිහින් වීසා එක ගහන් එන්න. ඒ වගේම Beijing-Sri Lanka එම්බසි එකෙන් හරියට සහතික කරලා මේක කියන්නේ නැහැ කියලා උන් කියනවා.