ඒක මේ නීති වල වගන්ති වලට නම් සෘජුව සම්බන්ධ වෙන්නෙ නැහැ.
හැබැයි ස්වාධීන රූපවාහිනිය කියමුකො, එයාලා යූටියුබ් එකට දාන්නෙ එයාලගෙ චැනල් එකකින්මනෙ.
හැබැයි ඒක තමන්ගෙ වෙබ් අඩවියකට යොදාගත්තම ඒ වීඩියෝ නරඹන්නෙ ඒ වෙබ් අඩවියේ ඉඳලමනෙ.
යූටියුබ් එකේ අයිටීඑන් චැනල් එකට යන්නෙ නෑනෙ. අයිටී එන් එකේ නාට්‍ය භාවිතා කරමින් අපි අපේ වෙබ් අඩවියේ වීව්ස් වැඩි කරගන්නවා.
සමහරවිට ඇඩ් දාලා සල්ලි ගන්නවා.මගේ මතය අනුව නම් ඒක නීතියට පටහැනියි.
හැබැයි මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට රූපවාහිනි ආයතන ගියොත් ඒ නඩු තීන්දුවෙදි මේවා විග්‍රහ කරගන්න විදිහ අනුව
තමයි තීරණය ලැබෙන්නෙ. නීතිය බර වෙන්නෙ ගොඩක් වෙලාවට නිර්මාණයේ අයිතිකරුවගෙ පැත්තට.
ඒ උනත් රූපවාහිනී ආයතන බොහොමයක් දන්නවා තමන්ගෙ ටෙලිනාට්‍ය රූපවාහිනියන් නරඹනවා වගේම සැලකිය යුතු පිරිසක්
අන්තර්ජාලය හරහා රැඳී ඉන්නවා කියලා. ඒ නිසා අන්න ඒ ප්‍රේක්ෂක පිරිස නැති කරගෙන නීතිමය ක්‍රියාමර්ගයකට යයි කියලා හිතන්න අමාරුයි.