අන්තර්ජාලයේ සිදුවන ලිංගික අපචාර
සමහර මිනිස්සුන්ගේ කාන්තාවන්ගේ ගති ගුණ චර්යාවන් එන්නේ උපතින්මයි. ඒ කියන්නේ ජාන වලින්. මවගේ පියාගේ නිලීන ජාන දරුවන්ගේ ප්රමුඛ ජාන වෙන්න පුළුවන්. ඔවුන්ගේ ප්රමුඛ ජාන දරුවන්ගේ නිලීන ජාන වෙන්න පුළුවන්.
අපි කොයි තරම් කිව්වත් සමහර මිනිස්සුන්ගේ නරක නපුරු හැදියාවන් චර්යාවන් මකන්න බැහැ. හදන්නත් බැහැ. අපිට ඒවා වෙනස් කරන්නත් බැහැ. එයාලට දෙයක් කියනවා කියන්නේ කළයක් අනික් පැත්ත හරවලා වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. නෙළුම් කොළේ දිය රදන්නේ නෑ වගේ ඔවුන්ට යහපත් දේ පුරුදු කරන්න හරි අමාරුයි. එක අපි හැමෝම දන්නා දෙයක්.
අන්තර්ජාලයේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්
සයිබර් අවකාශයේ එහෙමත් නැතිනම් අන්තර්ජාලයේ සිදුවන් ලිංගික හිංසනයන්, අපචාර ක්‍රියාවලි ගැන අපි කොතරම් දැනුවත් කළත් රැකෙන්න, රකින්න කියලා තවමත් ඒ දේ ගැන ගණන් නොගන්නා පිරිසක් ඉන්න බව නම් ඉතා පැහැදිලියි.
කොයිතරම් පිළිකුල් සහගත වුණත් ඒ මිනිස්සු ඒකෙන් ලබන්නේ වින්දයක්
ඇත්තටම ඇයි ඒ…? කොයිතරම් පිළිකුල් සහගත වුණත් ඒ මිනිස්සු ඒකෙන් ලබන්නේ වින්දයක්. ශිෂ්ඨ සම්පන්න සමාජයට නම් ඒක බොහොම පහත් ගණයේ වින්දයක්. තවත් කෙනෙක් අපහසුතාවයට පත් කරලා ලබන වින්දනයේ තේරුම, වටිනාකම මොකක්ද…?
“කරන කළට පව් මිහිරිය මී සේ…”
මේ වගේ අවර ගනයේ රසාස්වාදයන් බොහොම තාවකාලිකයි
ඔව්… මේ වගේ අවර ගනයේ රසාස්වාදයන් බොහොම තාවකාලිකයි. කෙනෙක් අපහසුතාවයට ලක් කරමින් ඔබ මොහොතකට හෝ සතුටු වෙනවා නම් එහි ප්‍රතිවිපාක ඔබට ලැබෙන්නේ කල්ප ගණනින්. ඒ ගැන ඔබේ විශ්වාසයක් නැතුව ඇති. නමුත් ඇත්ත ඒක තමා. පෙර ආත්මය හෝ අනාගත ආත්මයක් ගැන ඔබට දැකිය හැකි නම් එකම මොහොතකටකවත් ඔබ එවන් ක්‍රියාවක් සිදුකිරීම හෝ එවැන්න ගැන සිතීම හෝ නොකරන බව නම් විශ්වාසයි.
කාන්තාවන්, ගැහැණු දරුවන් අපහසුතාවයට ලක්වන් අයුරින් දැන් ඔබ කටයුතු කරනවාද..?
කාන්තාවන්, ගැහැණු දරුවන් අපහසුතාවයට ලක්වන් අයුරින් දැන් ඔබ කටයුතු කරනවාද..? එසේ නම් ඔබ විවාහ වූ දිනක ඔබට ලැබෙන දියණියට අත් වන්නේද ඒ ඉරණමය. ඔබ විවාහ වී දියණියන් සිටිනවාද? ඇය කාගේ හෝ ගොදුරක් වනවා නොඅනුමානයි. එබැවින් ඔබ අවධානම් අඩවියක ජීවත් වන පුද්ගලයෙක්. ඔබ දෙයක් කරන්නට කලින් මේ ගැනත් හිතන්න.
ගැහැණු දරුවන් යනු සෙල්ලම් බඩු නොවේ
ගැහැණු දරුවන් යනු සෙල්ලම් බඩු නොවේ. අවශ්‍ය විටක සෙල්ලම් කිරීමට අනෙක් වෙලාවට පසෙකට විසී කිරීමට හෝ සිටිනා ජීවී කොට්ඨාසයක් නොවේ. ඔවුන් ඇට ලේ මස් නහර වලින් සුසැඳි විචිත්‍රවත් වූ මනෝභාවයන්ගෙන් සමන්විත ඉතා සුන්දර වූ ජීවී කොට්ඨාසයක්.
පිරිමි ඔබගෙන් පතන්නේ ආදරය හා ආරක්ෂාවයි
ඔවුන් පිරිමි ඔබගෙන් පතන්නේ ආදරය හා ආරක්ෂාවයි. ඒ දෙකෙන් එකක්වත් ඔබට හරි හැටි ලබාදීමට නොහැකි නම් හොඳම දේ ඔවුන්ගේ ජීවිත වලින් ඉවත්ව තනිව වාසය කිරීමයි. එසේ නොමැතිව ඔවුන් අපහසුතාවයට ලක් කරමින් වීරයන් වීමට යාම යනු ඔබේ දුර්වලකම්, ඔබේ නොහැදියාව, ඔබේ නූගත්කම සහ ඔබේ දෙමාපියන් ඔබට උගන්වා ඇති අයහපත් දේ ලොවට පෙන්වීම පමණි.
source http://thewoman.lk/women-girls-facebook/
රකිමු…රැකෙමු…