අන්තර්ජාලය තුල ඔබේ Email Address එක Protect කරගනිමු

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    අන්තර්ජාලය තුල ඔබේ Email Address එක Protect කරගනිමු

    ඔබට දිනකට ඔබේ Email ගිණුමට විශාල වශයෙන් අනවශ්‍ය Email ලැබෙනවා වෙන්න පුළුවන්. Forum වල blog වල websites වල ඔබ ඔබේ Email ලිපිනය ලියාතැබිම හෝ එසේ නැතිනම් ඔබ අවශ්‍ය නැති spammy website වල subscribe වෙලා සිටීම මම කලින් කියුවා මෙන් අනවශ්‍ය Email ලැබීමට හේතු ලෙස දක්වන්න පුළුවන්. ඉතින් මේ Email Marketing කරන පුද්ගලයින් ඔවුන් විසින් සැලසුම් කරන ලද විශේෂිත bots බාවිතා කරමින් ස්වයන්ක්‍රියව website, forum, blog වල තියෙන Email address එකතු කරගන්නවා.

    ඉතින් ඒ සදහා ආරක්ෂක පියවරක් ගත්තේ නැති නම් ඔබත් ඔවුන්ගේ ග්‍රහණයට නතු වෙන්න පුළුවන්. ඉතින් එහෙම උනොත් ඔබටත් දිනකට විශාල වශයෙන් අනවශ්‍ය Emails ලැබෙන්න පුළුවන්. අත්ටටම එය වදයක් ඉතින් ඔබට ඔබේ Email ලිපිනය website එකක blog එකක හෝ forum එකක පල කිරීමට අවශ්‍ය වූ විටක ඔබේ email address එක encrypt කොට පල කිරීම තමයි නුවනට හුරු. එතකොට මම ඉහත සදහන් කල bots වලට ඔබේ email address එක හදුනා ගන්න බහැ.


    ඉතින් කොහොමද මේ විදියට Email ලිපිනය ආරක්ෂා කරගන්නේ..


    • මුලින්ම මෙන්න මේ scr.im වෙබ් අඩවිය වෙත යන්න.
    • අනතුරුව "Email" යන්න ඉදිරියේ ඇති කොටුවේ ඔබේ email ලිපිනය ලබාදී, "Pick your URL" ලෙස පෙන්නා ඇති කොටුවේ ඔබට කැමති නමක් දෙන්න එසේ නැතිනම් එය හිස්ව තබා "Protect my email" යන්න ක්ලික් කරන්න.





    • මීලගට ඔබට ඔබේ email ලිපිනයේ Scrimmed URL එක දැකගැනීමට පුළුවන්.





    දැන් ඔබට ඔබේ Email ලිපිනය පෙන්වීමට අවශ්‍ය තැනකදී ඔබට පුළුවන් ඔබ සාදාගත් Scrimmed URL එක පල කරන්න. ඉතින් ඔබේ ඒ email ලිපිනය ලබාගැනීමට අවශ්‍ය කෙනාට ඔබේ Email ලිපිනය ලබා ගැනීමට එම URL එක හරහා ගොස් නිවැරදි captcha code එක ලබාදීමට අවශ්‍ය වෙනවා. ඉතින් කාගෙවත් bots වලට පුළුවන් කමක් නැහැ ඔබේ Email Address එක හොයා ගන්න. :)

    Source:

    :yes:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    wadagath wei machan .... namuth macho reg wena welawata link ekak dila ba ne email eka ahana thanata?