අන්තර්ජාලය නැති වෙලාවට කරන්න දේවල් 5ක්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    අන්තර්ජාලය නැති වෙලාවට කරන්න දේවල් 5ක්

    අන්තර්ජාලය නැති වෙලාවට කරන්න දේවල් 5ක්





    ඔයාලා හැමෝටම ඇති අන්තර්ජාලය නැතිව පරිගණක භාවිත කල යුගයක්. ඒ දවස්වල අපි අන්තර්ජාලය නැතිව කොපමණ නම් දේවල් සිදු කරා ද? ඒත් දැන්..! අපේ පරිගණක යන්ත්‍රයෙන් ගන්නා ප්‍රයෝජන වලින් වැඩි හරියක්ම අන්තර්ජාලය හා සම්බන්ධ සේවා නොවේද ? ඉතින් යම් විදියකින් අන්තර්ජාලය ඇණහිටියොත් කරන්න දේවල් පවා සොයාගන්න ඔබට අපහසු අවස්ථා ඕනෑ තරම් ඇති.
    ඉතින් අපි අද කියන්නට යන්නේ ඒ වගේ අන්තර්ජාලය නැති වෙලාවක ඔබට ඔබේ පරිගණකයෙන් හෝ ලැප්ටොප් එකෙන් කරන්නට පුළුවන් දේවල් කිහිපයක් ගැනයි. ( මේ දේවල් හොඳින් මතක තියාගන්න, මොකද අන්තර්ජාලය නැති වේලාවක මේ ලිපිය බලන්නත් ඔබට බැරිවේවි. )
    1. ඔබේ පරිගණකයේ මෘදුකාංග හෝ ඇප්ස් පිරික්සන්න.


    සමහර විට ඔබ Photoshop ඉගෙන ගන්නට සිතාගෙන ෆොටෝෂොප් වගේ මෘදුකාංගයක් install කරගන්නට ඇති. ඒත් ඔබට ඒ සඳහා වෙලාවක් නොලැබුනානම් මෙයයි ඒකට හොඳම වේලාව. යම් යම් tools අත්හදා බලන්න. Google ගේ උදව් නැතිව විවිධ දේ උත්සාහ කර බලන්න. පරිගණක ක්‍රිඩා වල නියැලෙන්නටත් ඔබට මේ වෙලාව යොදාගන්නට පුළුවනි. ඔබ නිතර නිතර පරිගණක ක්‍රිඩා වල නියැලෙන්නෙක් නොවේ නම් ඔබේ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරගන්නට හොඳම අවස්ථාවයි.
    2. සින්දු අහන්න. සංගීතය රසවිඳින්න.




    ඔබ කාලෙකින් අහපු නැති ඔබ ප්‍රිය කරන සින්දු අහන්න මේ කාලය යි. ඔහේ වාදනය වන ගීතය අසනවා වෙනුවට ඔබ කැමති playlist හදාගන්න, ඔබ කැමති සංගීත ශිල්පීන්ගේ ගීත තෝරා බේරා ගෙන රසවිඳින්න මේ කාලය වැය කරන්න ඔබට පුළුවනි. ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට download කර ඇති Music Video නරඹන්නටත් මේ කාලය වැය කලොත් Chrome හෝ Firefox වලින් පිටත ඒ මිහිර විඳින්නට ඔබට හැකි වේවි.
    3. චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය මාලා නරඹන්න.



    ඔබේ පරිගණකයේ කොයිතරම් නම් චිත්‍රපට, ටෙලි නාට්‍ය මාලා ඇති ද ඔබ මේ වන තෙක් නොබලපු. එසේත් නැත්නම් ඔබේ DVD එකතුවේ දූවිලි පිස දමන්නටත් මේ කාලය හොඳ අවස්ථාවක්. ඔබ සතුව HDMI කේබලයක් හා විශාල තිර සහිත TV යන්ත්‍රයක්ද තිබේ නම් සාමාන්‍ය පරිදි පරිගණකයේ කුඩා තිරයෙන් චිත්‍රපට නරඹා ලබන අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමක් විඳන්නට අවස්ථාවකුයි ඔබට ලැබී ඇත්තේ.
    4. පිළිවෙලකට සකසාගන්න.


    ඔබේ පරිගණකයේ කොයිතරම් නම් අනවශ්‍ය දේවල් තිබේද? විශේෂයෙන්ම ඔබ වැඩි වශයෙන් අන්තර්ජාලයේ සැරිසරන්නෙක් නම් ඔබේ download folder එක කුණු ගොඩක් විය හැකියි. කිසි පිළිවෙලකින් තොරව files හා folders එහෙ මෙහෙ විසිර තිබෙනවා විය හැකියි. ඒ වගේම ඔබේ පරිගණක මේසයත් බොහෝවිට අවුල් ජාලයක් වී ඇති. එසේ නම් ඔබේ මේසයත් පිළිවෙළකට සාදාගන්න ඔබට මේ කාලය වැය කරන්නට පුළුවනි. ඔබේ කැමරාවෙන් ගන්නා ලද ඡායාරූප සියල්ලක්ම එකට නොතබා ඔබේ උපන් දිනයේ ඡායාරූප, සති අන්ත නිවාඩුවේ ඡායාරූප ලෙස වෙන් කර වෙන වෙනම ගබඩා කරන්නටත් ඔබට හැකියි.
    5. ඉස්කෝලේ කාලේ වැඩ කරන්න.


    Word Document එකක් Open කර ඔබේ ඉදිරි සතියේ කරන්නට තිබෙන වැඩ ලැයිස්තුවක් සාදාගන්න. නැතිනම් ඔබ අනාගතයේ කරන්නට සිතාගෙන සිටින දේවල් ලැයිස්තුවක් සකසන්න. ඔබ බොහෝ වේලාවක් අන්තර්ජාලයේ සැරිසරන්නෙක් නම් බොහෝ විට ඔබේ ඉදිරි සතිය තබා ඔබේ හෙට දිනය පිළිබඳව වත් ඔබට කිසිදු අදහසක් නැතිවා විය හැකියි. ඒ නිසා අඩුම තරමේ අන්තර්ජාලය නොමැති ඒ සුලු වේලාව වත් ඔබේ අනාගතය වෙනුවෙන් වැය කරන්න.
    මේ හැරුනු විට ඔබට ඇති වෙනත් දේවල් තියෙනවා නම් පහතින් post කරන්න.



    by Syco Me
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    mang namm movies vitharai balanne..
    anith mokuth nokarami
    movies uth nath namm nikan mongal porak wage desktop eka balagena inwa :D
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ෆ්ල්ම් බලන එක තමා කරන්නෙ නෙට් නැති වෙලාවට