කොච්චර කාර්‍යබහුල වුනත් ,මොන ප්‍රශ්නෙ තිබ්බත්,කවුරු හිටියත් දරුවෙක්ගේ අම්මට තමයි දරුවා ගැන වගකීම තියෙන්නේ...ගෑණු දරුවෙක් ටිකෙන් ටික ලොකු වෙද්දි අම්මා ඒ දරුවගේ හොඳම යාලුවා වෙන්න ඕනේ...එතකොට තමයි ඒ දරුවා හැම දෙයක්ම අම්මා එක්ක කියන්නේ...දරුවට තේරුම් කරලා හිතට කාවද්දන්න ඕනේ ඕනෙම ප්‍රශ්නෙකට අම්මා ලඟ විතරයි පිලිතුරු තියෙන්නේ කියන එක...මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් එකම කෙනාත් අම්මා විතරයි කියන එක දරුවට තේරුම් කරවන්න ඕනේ..එතකොට දරුවෙක් මොන දේ වුනත් අම්මා එක්ක කියන්න බයවෙන්නේ නෑ...මේ කතාව බලද්දි තේරෙනවා අම්මා එයාගේ නන්ගිට දුවගේ වගකීම බාරදීලා තිබුන බව...දෙයක් වුනාට පස්සේ මොනවා කලත් වැඩක් වෙන්නේ නෑ..ඒ දරුවට වෙච්ච හානිය ඒ දරුවගේ මුලු ජීවිත කාලෙටම බලපානවා කොයි ලෝකේ හිටියත්...





