“ඔබේ නිවස වටා ඇති තාප්පයේ හෝ වැටේ ප්‍රදර්ශනය නොකරන කිසිවක් සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ නොකරන්න"
මේ පසුගිය දිනෙක කියවන්න ලැබුනු වටිනා අදහසක්…
ඇත්තටම පෞද්ගලිකත්වය (privacy) කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත පිරිස ඉතා අල්පයි. බොහෝ දෙනෙකුට පෞද්ගලිකත්වයේ වටිනාකම කොතරම්ද කියලා අවබෝධ වෙන්නේ, විනාශ වූ පෞද්ගලිකත්වය විසින් තමාට හානියක් කළ දිනක...
විශේෂයෙන් සමාජ මාධ්‍ය (social media) හා නව තාක්ෂණික දියුණුව නිසා වර්තමානයේ පෞද්ගලිකත්වය රැකගැනීමට අසීරු ප්රයත්නයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවගේම බොහොමයක් social media වල පැවැත්ම රැඳීලා තියෙන්නේ ඒවා භාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු මත වීම නිසා උපක්රමශීලීව අපිව පොළඹවනවා අපි ගැන හැමදේම හෙළිකරන තැනට.
Social media වල ඔබ කරන හැමදේම record තියාගන්න bots ක්‍රියත්මක වෙනවා. (bot කෙනෙක් කියන්නේ අන්තර්ජාලය තුළ යම් විශේෂිත වූ කාර්යයක් සඳහා යෙදවූ කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහනක්) ඔබ සෑම මොහොතක් පාසා කරන සෑම දෙයක් ම මේ bot ලා එකතු කරලා ඔබ ගැන වාර්තාවක් පිළියෙල කරනවා. ඒ වාර්තාවේ ඇතුළත් වෙනවා ඔබ මොනවගේ කෙනෙක්ද, ඔබ කැමති මොනවාටද, අකමැති මොනවාටද, ඔබ ඉන්නේ කොහේද වගේ ඔබ ගැන හොයාගත්ත සෑම විස්තරයක්ම... ඒ විස්තර ඇසුරින් තීරණය කරනවා ඔබට පෙන්විය යුතු වෙළඳ දැන්වීම් (commercial advertisements) මොනවාද කියලා... ඔබේ මිතුරෙක් එක්ක chat එකකදී අලුතෙන්ම ආව smart phone එකක් ගැන කතාකරලා මිනිත්තු කිහිපයකට පස්සේ ඒ phone එක ගැන ads පෙන්නන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. සමහරවිට ඔබ ඒක අත්දැකලා ඇති… කෘතිම බුද්ධිය (artificial intelligence) කිව්වාම අපි movies වල, tv series වල දකිනවා කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන රොබෝලව (robot). නමුත් සැබෑ ජීවිතේදී අපිට පේන්න රොබෝලා නැතිවුනත්, නොපෙනී සූක්ෂමව ක්‍රියාත්මක වෙන කෘතිම බුද්ධිය විසින් ඔබව මේ වෙනකොටත් පාලනය කරමින් ඉන්නේ...
Social media හරහා මේ විදියට පෞද්ගලිකත්වයට ඇතිවෙන බලපෑමට වඩා, users ලා විදියට ඒවා ඇතුලේ විවිධ අරමුණු වලින් සන්නද්ධව ඔබ ගැන විපරමින් ඉන්න මිනිස්සුන්ගෙන් ඇතිවන බලපෑම වඩා භයානක වෙන්න පුළුවන්.
Deepfakes Technology ගැන අහලා තියනවාද?
මේ deepfakes හරහා පුළුවන් යම් කෙනෙක්ගේ මුහුණේ පැහැදිලි ඡායාරූප කිහිපයක් යොදාගෙන යම්කිසි වීඩියෝවක ඇති මුහුණකට ඒ පුද්ගලයාගේ මුහුණ replace කරන්න. එතනදී අර වීඩියෝවේ ඇත්තටම ඉන්න කෙනාගේ action ටික ඒ විදියටම පින්තූර වලින් replace කරන කෙනාටත් දෙන්න පුළුවන්. කතා කරන්නේ හිනා වෙන්නේ, ඇසිපිය ගැසීම පවා සිදුකරන්නේ වීඩියෝවේ සැබෑ චරිතය කරන විදියටම. පසුගිය දවස්වල social media වල දකින්න ඇති දේශපාලන චරිත කිහිපයක් යොදාගෙන මෙවැනි වීඩියෝ හදලා තියනවා. 'deepfakes examples' කියලා youtube search කරන්න. මේ තාක්ෂණය මොනතරම් දියුණු මට්ටමක පවතිනවාද කියන එක දැකගන්න ලැබේවි.
මෙවැනි තාක්ෂණයක් භාවිතා කිරීමට පහසුකම් ඇති ‘ප්‍රඥාවෙන් තොර පුද්ගලයෙක්ට' ඔබේ පෞද්ගලික දත්ත වලින් කළ හැකි මොනවාද අහනවාට වඩා, කළ නොහැකි මොනවාද කියන එකට පිළිතුරු දෙන එක පහසුයි.
කළු - සුදු අතරමැදි ලෝකයක ඔබ, මම, අපි ජීවත්වෙන්නේ. ඒ නිසා ජීවිතයට යම් යම් සීමා අත්‍යවශ්‍යයි. පෞද්ගලිකත්වය රැකගැනීම කියන්නේ ඔබේ නිදහස කියන එක සිහියේ තබාගැනීම අනාගතයට වැදගත් වේවි.
[20210916 ෆේස්බුක් පිටුවේ පළකරන ලද්දකි]