කොල්ලනේ.. මට E money කරනකොට ලොකු සීන් දාන් ගොඩක් එවුන් හම්බ වෙල තියනව. උන්ග් පුරාජේරුව කියනව. ඒත් උන් ඇත්තටම කරන දෙයක් නෑ. ඊට ටික කාලෙකට පස්සෙ වැඩේ අනාගත්තහම පූසා වගේ ඇවිල්ල අපෙන් අහනව කොහොමද බන් මේක කරන්නෙ අරකයි මේකයි කියල. මට මේ එලකිරි එකෙත් මේ thred එකේම එහෙම ජොකියෙක් හම්බ වුනා.
ඒ වගෙම් තව ජොකියෙක් මට ගීක් එකෙත් හම්බ වුනා. මම ඌට ඒ වෙලාවෙ කියපු දේ මෙතනත් දාන්න හිතෙනව බන්. මෙන්න මේක.
සමහර අය කොච්චර ලොකු ලොකු පුරාජේරු කතා කිවුවත් එයාල ඒ කරන්නෙ අනිත් අයට තමන් මෙහෙමයි, තමන්ට මේ දේවල් තියනව මෙච්චර හම්බ වෙනව කියල බොරුවට තත්ත්වයක් හදල හිතින් මවාගෙන අනිත් අයට ඒක පෙන්නල පොඩි ස්වයං ආතල් එකක් ගන්න එක.
ඒත් ඇත්තටම එයාලගෙ තත්ත්වෙ හා තියන, ලැබෙන දේවල් දිහා බලපුවහම මොකුත් නෑ. ලංකාවෙ අන්තර්ජාල මුදල් කලාවෙ අවුරුදු ගානක් මම මෙහෙම අය ගොඩ දෙනෙක් දැකල තියනව.
නියම වැඩ කාරයෙක් තමන්ගෙ දක්ෂතා, තමන්ට ලැබෙන දේවල්, තියන දේවල් සහ කරන කියන දේවල ගැන කාටවත් කියල උදම් අනන්න යන්නෙ නෑ, ඒ දේවල් නිහතමානීව විඳගන්නව හැර. ඒ වගේම බොහොම නිහඬයි. ලොකු සීන් කියන දේ පෙන්නන්න යන්නෙ නෑ.
ane ha kiyla dunnata bohoma pin sidda wenawa,,, wedi wediyen e money kranda
ඒ වාගේම තමා අන් අයට උදවු කරන්නා සේ පෙනී සිට තමාගේ බඩ කට පුරවාගන්නා පරපෝශිතයින්ද මේ සමාජයේ කොතෙකුත් සිටිත් ප්‍රවේශම් වන්න.. ආන්ත්‍රාවයි.
මේව මම මේ කාටවත් ඇඟිල්ල දික් කොරල කියන ඒව නෙමේ ඕං... තොප්පිය හරි නම් දාගනු මැනවි.
ගොඩක් එහෙම අය ඉන්නව. කමක් නෑ. එහෙම අයත් ඉන්න එපැයි. හ්ම්ම්ම්ම්ම්………………..
ඒ වගෙම සහෝදරවරුනි....
මුල් මාස 3 ඉතා විශාල ලෙස, ඉතාම දරුණු ඝණයේ කට්ටක් කා ඉගෙනගෙන. (දිනකට පැය 10ක් පමණ). ඉන්පසු එළඹෙන සම්පූර්ණ ජීවිත කාලයම ඉතාම සැප පහසුවෙන් ගත කිරීමට කැමති අය පමණක් අන්තර්ජාල මුදල් කලාවට එක් වෙනවානම් මැනවි.
අන්තිමට තව දෙයක් කියන්න ඕන මචන්ල. මම මේ thread එක elakiri එකේ දැම්මෙ කාටවත් නිකන් සිඟිති ආතල් ගන්න ලොකු සීන් දාන්න නෙමේ Internet money වලට කැමති අයට, කරන අයට තමන්ගෙ අදහස් තමන් ඉගෙනගත්ත දේවල් ප්‍රකාශ කරන්න.


ubata e money puluwan pm kara kara wada denda epa bn,, pin sidda wei,kattiya set wemu. monawada karana aluth E money wada kattiya? aluth sites ehema?

මචන් , ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා කියන එක "කියන්න ලේසී උනාට කරන්න අමාරුයි." අනික උබ කියලා තියෙන විදිහට ඕක හැමෝටම කරන්නත් බෑ.සල්ලි කියපු ගමන් ඉන්න සේරම හිතන් ඉන්නේ නිකන් සල්ලි දෙනවා කියලා..නිකන් සල්ලි දෙන්න පිස්සූ නෑනේ මිනිස්සුන්ට.
අන්තර්ජාලය මගින් සල්ලි හොයන්න ඕනි සුදුසුකම් මොනවද කියලා දැනගන්න කට්ටියම.
පරිගණකය හා අන්තර්ජාල භාවිතය පිලිබද මනා දැනූමක්
පරිගණක ආශිත එක් රැකියා අංශයක මනා දැනුමක් ( ග්රැෆික් ඩිසයින් , සොෆ්ට්වෙයර් ඉන්ජිනියර්ස් වගේ )
ඉංග්රීසි ලියන්න , කියවන්න , තේරුම් ගන්න හැකියාවක්
ඒ එක් එක් වෙබ් සයිට් ස්කෑම් වලින් බේරා තෝරා ගැනීමට ඇති හැකියාව- ( හැමතැනම වංචාව බන් )
යම් කිසි මුදලක් ආයෝජනය කිරීමට ඇති හැකියාව.
ඔන්න ඔය සුදුසුකම් කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනාට අර රූපවාහිනි , පුවත් පත් දැන්වීම් වල දාලා තියෙනවා වගේ ගෙදර ඉදලා මාසෙකට ලක්ෂයකට වඩා උපයන්න පුලුවන්.මම දැකලා තියෙනවා අන්තර්ජාල මගින් සල්ලි හොයලා දෙන හැටි කියලා දෙන පාඨමාලා තියෙනවා.ඒවා කිසිම ප්රයෝජනයක් නැති ඒවා..මොකද උනුත් ඒවා ප්රායෝගිකව සිදු කරන්නේ නෑ.උන් අර වගේ වෙළද දැන්විමක් දාලා කට්ටිය ගෙන්න ගන්නවා පාඨමාලාවට.කට්ටිය තමා රෙෆරල්ස් ලා . අපි සල්ලි දෙනවා උන් සල්ලි එකතු කරනවා..ඕක තමා නියම ඉන්ටර්නෙට් මනී කියලා කියන්නේ.ලංකාවේ ඇතුලේ යන්නේ තනිකරම බොරුව..
මම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ කියලා කියන්නේ නෑ..මොකද මමත් ප්රායෝගිකව මේක සිදු කරලා බලලා තියෙනවා.මම දන්න කියන කට්ටිය ඉන්නවා..එක්කෙනෙක් සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් , මෙයා ගූගල් ඇඩ්සෙන්ස්, වෙබ් සයිට් , සොෆ්ට්වෙයර් ප්රොජෙක්ට්ස් ඔස්සේ මාසිකව ලක්ශයට වඩා ගන්නවා..තව අය ඉන්නවා ග්රැෆික් ඩිසයින් අංශයෙන් ලෝගෝ වගේ දෑ ඩිසයින් කරලා සල්ලි හොයන කට්ටිය.මේවා කරන්න හොද පලපුරුද්දක් වගේම , ඉවසීම , කැපවීම ඕනි කරනවා.මේවා නැතුව සල්ලි හොයනවා බොරු.
ඇඩ් කොට කොටා යනකොට අපේ නෙට් බිලටත් හොදටම කොටලා..වැඩක්ම නෑ..තනිකර බොරුවක්..බොරු සයිට් හැම තැනම.
මයික්රෝවර්ක්ස් එකෙන් 100$ ක් හෙව්වා ..ඒ දවස් වල හොදටම ජනප්රිය වෙබ් සයිට් එකක්..තාමත් තියෙනවා උනාට දැන් අලුත් සාමජිකයන්ට යම් යම් සීමා පනවලා තියෙනවා.කලින් තිබ්බ ගොඩක් සයිට් ස්කෑම් වෙලා..සල්ලි ගෙවන්නේ නෑ..හැම තැනම වංචාව..කියනවා වගේ කරන්න ගියාම ලේසී නෑ කීවේ ඒක තමා..
හැමෝටම කරන්න බෑ කියලා , කියලා පොඩ්ඩක් විස්තර කරලා දාපන් මචන් දානකොට..තමන්ගේ බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නත් මේක හොද උපායක්. හැකියාව ඇති කෙනා කොහොමත් සල්ලි හොයනවා බන්..හැම එකාටම බෑ කියලා පිලිගනින් දැන්වත්.. අපි මේ අන්තර්ජාලයට පිවිසෙන්නෙත් සල්ලි වලින්නේ බන්..ඇයි අපි සල්ලි වෙනුවෙන් නිකන් අදුරේ අතපත ගගා ඉදලා තියෙන දේත් නැති කර ගන්නේ..
Microworkers , Fiverr , Odesk , Freelance , වගේ බලපන් සල්ලි හොයන්න..
Forex කරන්න ගිහින් තියෙන සල්ලි ටිකත් නැති කරගන්න වෙයි..මේක ආයෝජනයක් තුලින් ලාබ ලැබීමක්..හැම වේලාවෙම ලාබය නෑ..අලාබයත් තියෙනවා.
කට්ටියට විස්තරය වැදගත් වෙයි කියලා හිතනවා.
![]()
![]()