අන්තරේ ට අධිකරණයෙන් නියෝගයක්⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_1532633576-48f5cc6608.jpg


    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර ඇත.

    රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස උද්ඝෝෂකයින්ට සිය නියෝගය මඟින් දන්වා සිටියේය.

    කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ හැකි බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගය උද්ඝෝෂණකරුවන්ට භාර දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කළේය.

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කළ අතර අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    කොටුව පොලීසිය බී වාර්තාවක් මඟින් උද්ඝෝෂණ හේතුවෙන් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

    Derana
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,807
    1
    58,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමකාමී උද්ගෝෂණ මුන්ට බැහැ. මේවගේ නායකයෝ පිටිපස්සේ ඉඳල පොලිසියට ගලකින් හරි ගහනවා ගස්සන්න බලාගෙන