අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඇයි ඒ ආට්ස් කරල කැම්පස් ගිය අය රස්සා නැතුව උද්ගෝෂණ කරන්නෙ? එයාලට නිදහස් අධයාපනේ උපරිම ඵල නෙලාගන්න බැරි වෙලාද?
    උසස් අධ්‍යාපනයයි ආර්තිකයයි දෙකක්... හැබැයි දියුණු වෙන්න ඕනේ නම් උසස් අධ්‍යාපනය හදාරන්නන් ආර්තික වර්ධනය කරගන්න යොදා ගත යුත්යි...එක්කෝ ආර්තික ප්‍රතිපත්ති ගැලපෙන විදියට වෙනස් කරන්න ඕනේ.. නැත්නම් ආර්තික ප්‍රතිපත්තිවලට ගැලපෙන ක්ෂේත්‍ර වලට වැඩි බඳවාගැනීම් කරන්න ඕනේ. සේවා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය හැර කිසිවෙකුත් ආර්තිකයේ බරක් ලෙස රැකියා කරවීම නම් මහ විනාශයක්..
     
    Oct 3, 2008
    1,723
    437
    0

    ma ganath thiyanawa mama dapu lipiyema ... "Arcadian" awith kiyewwe wena deyak. eakay prashne wune
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,159
    20,760
    113
    හස්තිශෛලපුර
    සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුනා කියා පේරාදෙණිය සිසුන් 8 ක් පැහැරගෙන ගොස් රහසිගත නිවසක රාත්‍රියක් පුරා වධ දීලා.

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උසස් අධ්‍යාපනයයි ආර්තිකයයි දෙකක්... හැබැයි දියුණු වෙන්න ඕනේ නම් උසස් අධ්‍යාපනය හදාරන්නන් ආර්තික වර්ධනය කරගන්න යොදා ගත යුත්යි...එක්කෝ ආර්තික ප්‍රතිපත්ති ගැලපෙන විදියට වෙනස් කරන්න ඕනේ.. නැත්නම් ආර්තික ප්‍රතිපත්තිවලට ගැලපෙන ක්ෂේත්‍ර වලට වැඩි බඳවාගැනීම් කරන්න ඕනේ. සේවා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය හැර කිසිවෙකුත් ආර්තිකයේ බරක් ලෙස රැකියා කරවීම නම් මහ විනාශයක්..

    දෙකක් නෙමේනෙ පුතා.... ඒක එකක්.... අධයාපනේ තීරණය වෙන්නෙ ඕනි ආර්තිකයට ගැ‍ලපෙන විදියට. නැත්තන් වෙන්නෙ උපාධි අරන් හිිගාකන්න. ‍එහෙම අධයාපනයකින් තමන්ටවත් රටටවත් වැඩක් නෑනේ.... අන්තිමට බදු ගෙවන්නන්ගේ සල්ලි තමා නාස්ති වෙලා තියෙන්නෙ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙකක් නෙමේනෙ පුතා.... ඒක එකක්.... අධයාපනේ තීරණය වෙන්නෙ ඕනි ආර්තිකයට ගැ‍ලපෙන විදියට. නැත්තන් වෙන්නෙ උපාධි අරන් හිිගාකන්න. ‍එහෙම අධයාපනයකින් තමන්ටවත් රටටවත් වැඩක් නෑනේ.... අන්තිමට බදු ගෙවන්නන්ගේ සල්ලි තමා නාස්ති වෙලා තියෙන්නෙ...

    දෙකක් තියෙනවා පුතා..

    එහෙම ආර්තික අරමුනු වලට යට නොකල යුතු එහෙම නැත්නම් සාපේක්ෂව නොසිතිය යුතු උපාධි පාඨමාලා තියෙනවා. ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොයික්මවා තිබිය යුතුයි.
    උදා:- ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍යය. (ඔව්. මේවයෙනුත් ආර්තිකයට සම්මාදමක් තියෙනවා. හැබැයි යම් සුවිශේෂී ප්‍රතිසතයක් එහෙම නොවී තියාගන්න වෙනවා )

    ඒ අය හිඟන්නෝ නොවෙන්න මේන්ටේන් කළ යුතුයි. ඒවයේ යුනිවසිටි ඇඩ්මිෂන් අවශ්‍යතාවයට පමණක්ම විය යුත්යි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දෙකක් තියෙනවා පුතා..

    එහෙම ආර්තික අරමුනු වලට යට නොකල යුතු එහෙම නැත්නම් සාපේක්ෂව නොසිතිය යුතු උපාධි පාඨමාලා තියෙනවා. ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොයික්මවා තිබිය යුතුයි.
    උදා:- ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍යය. (ඔව්. මේවයෙනුත් ආර්තිකයට සම්මාදමක් තියෙනවා. හැබැයි යම් සුවිශේෂී ප්‍රතිසතයක් එහෙම නොවී තියාගන්න වෙනවා )

    ඒ අය හිඟන්නෝ නොවෙන්න මේන්ටේන් කළ යුතුයි. ඒවයේ යුනිවසිටි ඇඩ්මිෂන් අවශ්‍යතාවයට පමණක්ම විය යුත්යි.

    ඔය විශයන් තුනත් ආර්තිකයට බලපානවා.... ප්රස්නය තියෙන්නෙ කොල්ලයි, බල්ලයි ඔක්කොම ටික ඔය විශයන් වලට රිංගන එක. ඔය විශය 3ට තමා දක්ශයන්ව විතරක් තෝරගන්න ඕනි.. එහෙම නැති උන නිසා තමයි ඕවා කරන උන් හිගන්නෝ වෙලා ඉන්නෙ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    දෙකක් තියෙනවා පුතා..

    එහෙම ආර්තික අරමුනු වලට යට නොකල යුතු එහෙම නැත්නම් සාපේක්ෂව නොසිතිය යුතු උපාධි පාඨමාලා තියෙනවා. ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොයික්මවා තිබිය යුතුයි.
    උදා:- ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍යය. (ඔව්. මේවයෙනුත් ආර්තිකයට සම්මාදමක් තියෙනවා. හැබැයි යම් සුවිශේෂී ප්‍රතිසතයක් එහෙම නොවී තියාගන්න වෙනවා )

    ඒ අය හිඟන්නෝ නොවෙන්න මේන්ටේන් කළ යුතුයි. ඒවයේ යුනිවසිටි ඇඩ්මිෂන් අවශ්‍යතාවයට පමණක්ම විය යුත්යි.

    පොයින්ට් ඔෆ් ඕඩර්ර්ර්ර්ර්ර් :baffled:

    මේකේ අන්තිම පාර්ට් එක වැරදි නේද ? අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ව රාමුවකට කොටු කරලා ඒ රාමුව ඇතුලේ උබට යන්න පුළුවන් උපරිම දුර පලයන් කියල කියන එකට නේද ..

    අධ්‍යාපනය කියන්නේ ගහක් විදිහට ගත්තොත් , ඔබල ඔය කතා කරන්නේ අධ්‍යාපනයේ අතු ගැන , එත් ඇත්තටම වෙනස් වෙන්න ඕනේ මුල නේද ?

    අපේ රටේ art විෂයන් කරන්න භාගෙට භාගයක් එන්නේ o/l අප්සට් කරගත්ත උන් , තව සෙට් එකක් මැත්ස්, බයෝ කරලා කැම්පස් යන්න බැරි උනාම තර්ඩ් ෂයි ආර්ට් කරලා පාඩම් කරලා කැම්පස් යන්න බලන් එනවා ..

    මම arts කරේ , එත් යම්කිසි විෂයක් ගැන තියෙන ආසාව නිසාම art තෝරගත්තු උන් මට අපේ ඉස්කෝලේ නං හම්බුනේ 40% විතර .. අනික් ඉස්කෝල වල නං කොහොමද දන්නේ නෑ ...

    එතකොට වෙන්න ඕනේ , අර මුල o/l වල කෙල කරගන්න ගාන අඩු කරන එක නේද , ඒක කරන්න නං ශිෂ්‍යත්වයෙන් ළමයින්ට පුරුදු කරන තරඟකාරීත්වය අඩු කරලා තමන්ගේ කැමැත්තට ඉඩ දීල සබ්ජෙක්ට්ස් තෝරාගන්න විදිහට අධ්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නේද , ශිෂ්‍යත්වේදී ඒක වෙන්න නං , ප්‍රාථමික අධ්‍යාපනයෙදී ළමයින්ව තරඟෙට හුරු කරන්නේ නැති නිර්මානශිලී , ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් බිහි වෙන්න ඕනෙද නේද ?

    :)
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    නවක වද සිද්ධියේ සිසුන් පෙබරවාරියේ සිට තව&#3512

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක අද (11) නියෝග කළා.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ මෙම සිසුන් පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ පසුවනවා.

    http://nethnews.lk/article/40843

    නවකවදය හොදයි කියල මැරෙන්න හදන අයට කියන්නෙ. අහු වුනොත් ඇප ගන්න ලේසි වෙන්නෙ නෑ. තමන්ගෙ දෙමව්පියො හිරගෙවල් ගානෙ ගෙන්නගන්නවද ? නැත්නම් උපාධිය අරගෙන එලියට එනවද කියන එක තමන්ගෙ තීරනයක්.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොයින්ට් ඔෆ් ඕඩර්ර්ර්ර්ර්ර් :baffled:

    මේකේ අන්තිම පාර්ට් එක වැරදි නේද ? අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ව රාමුවකට කොටු කරලා ඒ රාමුව ඇතුලේ උබට යන්න පුළුවන් උපරිම දුර පලයන් කියල කියන එකට නේද ..

    අධ්‍යාපනය කියන්නේ ගහක් විදිහට ගත්තොත් , ඔබල ඔය කතා කරන්නේ අධ්‍යාපනයේ අතු ගැන , එත් ඇත්තටම වෙනස් වෙන්න ඕනේ මුල නේද ?

    අපේ රටේ art විෂයන් කරන්න භාගෙට භාගයක් එන්නේ o/l අප්සට් කරගත්ත උන් , තව සෙට් එකක් මැත්ස්, බයෝ කරලා කැම්පස් යන්න බැරි උනාම තර්ඩ් ෂයි ආර්ට් කරලා පාඩම් කරලා කැම්පස් යන්න බලන් එනවා ..

    මම arts කරේ , එත් යම්කිසි විෂයක් ගැන තියෙන ආසාව නිසාම art තෝරගත්තු උන් මට අපේ ඉස්කෝලේ නං හම්බුනේ 40% විතර .. අනික් ඉස්කෝල වල නං කොහොමද දන්නේ නෑ ...

    එතකොට වෙන්න ඕනේ , අර මුල o/l වල කෙල කරගන්න ගාන අඩු කරන එක නේද , ඒක කරන්න නං ශිෂ්‍යත්වයෙන් ළමයින්ට පුරුදු කරන තරඟකාරීත්වය අඩු කරලා තමන්ගේ කැමැත්තට ඉඩ දීල සබ්ජෙක්ට්ස් තෝරාගන්න විදිහට අධ්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නේද , ශිෂ්‍යත්වේදී ඒක වෙන්න නං , ප්‍රාථමික අධ්‍යාපනයෙදී ළමයින්ව තරඟෙට හුරු කරන්නේ නැති නිර්මානශිලී , ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් බිහි වෙන්න ඕනෙද නේද ?

    :)

    මචන් මම ඒ අදහසක් දුන්නේ ඇත්තටම අද තියෙන ගහේ අතුවල දිශාව ගැන හිතලාමයි... ඔවු මුල් ගැන හිතලා වැඩ කලොත් ඒක සස්ටේනබල්....
    මම හුඟක්ම එකඟ වෙනවා වගේම ගරු කරනවා මචන් උඹේ අදහසට... එවන් වූ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි... හැබැයි මම හිතනවා ඔය කියන වෙනස ඇතිකරන්න දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නෑ තරඟයට හසු උනු දෙමව්පියන්... මොකද එකකට එකක් සම්බන්ධයිනේ. හපෝ ආර්ට්ද කරන්නේ මානසිකත්වේ කඩලා දාලා ඉන්න ඕනෙනේ..

    මචන්, මේ දේ මම කියන්නම්. අපිට ඕක කවදාවත් සිලබස් වෙනස් කරලා සාර්ථක කරගන්න බෑ... ඕක අනිත් පැත්තටයි කරන්න පුලුවන්. සමාජයේ පිළිගැනීම ඇති උනු දාටයි ඒ අංශයට යොමු වන්නේ... ඕලෙවල් ලියන්න නොගිහින් පාසල තුලම වෘත්තීය නිපුණතාවයට අවස්ථා තිබුනනනම් ඔයා කියන ප්‍රශ්නෙට උත්තර ලැබේවි...

    මචන් ඇත්ත.. ළමයි තරඟෙට යවලා නිර්මාණශීලිත්වය මොටවෙලා එහෙම නැත්නම් යටපත් කරලා,,, තවත් සමාජයේ හරස්කඩක් තියෙනවා අපි විනිවිදිය යුතු,,, ඇයි ම්නිස්සු ශිෂ්‍යත්වෙට ඔච්චර දඟලන්නේ? ශිෂ්‍යාධාර වලටද? නෑනෙ.. ලංකාවේ මිනිස්සු බඩට කන්න නැතත් දරුවට උගන්වනවලා දැනුම මූලික සමාජ්යේ ඉහළටම යවන්න කැමති අය නිසා පහසුකම් තියෙන ඉස්කෝලෙකට යවන්න ලැබෙන ඉනිමඟටයි ඒ තරඟ කරන්නේ... ඔවු... ඒ අතරෙ අර ළමය තැලෙනවා. ඒත්.. ඒත්... උඹට මට පුලුවන්ද ඒ අම්මට කියන්න හරිහමන් සිස්ටම් එකක් නැතුව ළමය දක්ෂ දෙයක් අනාගතේ කරයි. ශිෂ්‍යත්වේ ෆේල් උනාට කමක් නෑ..ඔය ගමේ ඉස්කෝලෙ ගිහිනුත් අවස්තාව තියෙනව කියන්න? ඇති නැති පරතරය තවත් වැඩි වේවි... මොකද ඒ ගමේ කොල්ලගේ අවස්ථාව නැති වෙන එක විතරක්ම වෙනවා.. අලුත් අවස්ථාවක් හැදෙන්න ඒ ඉස්කෝලෙ ළමයෙකුට "වාහනයක්" ගලවන්න ලැබෙන එකක් නෑ... ඒ ළ්මයගේ ඉස්කෝලෙට එයි "මහන මැශිමකුයි පැළ බට් කරලා හදන ආදර්ශන" ටිකකුයි... මේ සමාජ ක්‍රමයත් එක්ක සමාජ සාඪ්දාරණය අවධානමක තියෙන්නේ....
    අපි බලපොරොත්තු වෙන්නේ හොඳ දෙයක්... හැබැයි ප්‍රතිපලය වෙලා තියෙන්නේ අනවශ්‍ය තරඟකාරීත්වය නැති කරන අතරේ තිබ්බ අවස්තාවක් නැති කරලා දාලා ලැබෙන අවස්තාවෙන් පමණක් නිර්මාණශීලි වෙන්න කියලා නේද? ඉතින් මම හිතන්නේ තරඟකාරීත්වය කඩන්න කලින් නිර්මාණශීලිත්වය නගන්න කලින් ප්‍රතිපත්තිමය වශයෙන් නිර්මාණශීලිත්වයේ නැගීමට උදවු කරන ආර්තිකයක්, දර්ශනයක් ඇති කල යුතුයි නේද?

    මචන් මම හදිස්සියේ ලිව්වෙ... පිළිවෙළට ගැලපෙන්න ලිව්වද දන්නේ නෑ... මම උඹ ලියලා තිබ්බ අදහස හරියට ගත්තද දන්නේ නෑ...
    ලියාගෙනම ගියාඅ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඩිල්ෂාන් සම්පත්ට වූ වින්නැහිය

    සයිටම් ආයතනයේ ශිෂ්‍ය ඩිල්ෂාන් සම්පත් 2011 අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විෂයයන් තුනටම ‘ඒ‘ සාමර්ථ ලබා ගනිමින් සමත් විය. ඔහුගේ ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9191 කි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන් රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගැනීම සඳහා සළකා බැලූණු ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9196 කි. ඒ අනුව, කොළඹ මට්ටමට සාපේක්ෂව 0.0005 ක් වැනි හිඟයක් නිසා ඔහුට විශ්ව විද්‍යාලයේ දොර වැසුණි. මතක තබා ගත යුතු කාරණය වන්නේ, මොහුට විශ්ව විද්‍යාලයේ දොරටු වැසෙන්නේ විභාගය අසමත් වීම නිසා නොව, විභාගයෙන් ඉහළම ‘ඒ‘ සාමර්ථ තුනක් ලබා සිටියදීත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම නිසා වන බවයි.
    මේ ක්‍රමයේ අමානුෂික හෙළුව පෙන්වන අපූරු ඛේදවාචකය මේ කතාව පසුපසම සැඟවී තිබේ. ඇත්තෙන්ම ඩිල්ෂාන් ඉපිද ඇත්තේ කොළඹ නොවේ. ඔහු උපන්නේ මාතර ය. එහෙත් මාතර නොදියුණු පාසලක 5 ශිෂ්‍යත්වයෙන් ඔහු ඉහළින්ම සමත් විය. ඉතිං ඔහුගේ ඉදිරි අධ්‍යාපනයට ‘අතහිත දීමක්‘ වශයෙන් ඔහුව කොළඹ ආනන්ද විද්‍යාලයට තෝරා ගැනුණි. අවසානයේ, ඔහුට රජයේ විශ්ව විද්‍යාලය අහිමි කරනු ලැබුවේ, රජයේ 5 ශිෂ්‍යත්වයෙන් ලද ඒ ‘අතහිත දීමයි.‘
    එම වසරේම කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අපොස උසස් පෙළට පෙනී සිට ‘සී‘ දෙකක් සහ ‘බී‘ එකක් ලබා ගත් ශිෂ්‍යයෙකු යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනුණි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය වුණේ, 1.1028 කි. එනම් ඩිල්ෂාන්ට වඩා 0.8163 ක් අඩු ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට මේ ක්‍රමය යටතේ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් විය හැකි වූ බවයි.
    2009 දී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා ගැනුණු එක් ශිෂ්‍යයෙකුගේ අපොස උසස් පෙළ ප්‍රතිඵලය වුණේ ‘එස්‘ තුනකි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය 0.1149 කි. එම වසරේම, එනම් 2009 දීම සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයන් 24 දෙනෙකු තෝරා ගැනුණි. ඒ අතරින් අඩුම අපොස උසස් පෙළ ප්‍රතිඵල සහිත ශිෂ්‍යයාට ‘එස්‘ දෙකක් සහ ‘සී‘ එකක් තිබුණි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය 0.2351 කි. එනම්, මේ සයිටම් ශිෂ්‍යයාට වඩා 0.1202 ක් අඩුවෙන් ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට රජයේ වෛද්‍ය පීඨයක ඉඩ තිබුණු බව ය. රජයේ විශ්ව විද්‍යාලවල සිටින්නේ රටේ ශිෂ්‍ය ප්‍රජාවේ හොඳම ‘මොළකාරයන්‘ යැයි කියන මිථ්‍යාවේ මහත කොතරම්ද..?

    මෙසේ සිදුවන්නේ, ‘දිස්ත්‍රික්ක ක්‍රමය‘ යනුවෙන් හැඳින්වෙන එක්තරා සූත්‍රයක් නිසා ය. මේ සූත්‍රය තුළ, අපොස උසස් පෙළ විභාගයෙන් දීප ව්‍යාප්තව ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයන්ගෙන් විශ්ව විද්‍යාලයකට තෝරා ගැනෙන්නේ සියයට 40 ක් පමණි. එනම්, සියයට 60 ක්ම තෝරා ගැනෙන්නේ අඩු ලකුණු මට්ටමක් ඇති ශිෂ්‍යයන් අතරින් වන බවයි. ඒ සඳහා භාවිත කෙරෙන නිර්ණායකය වන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්ක සඳහා වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය යන කාරණයයි. මේ පිරිස මා හඳුන්වන්නේ ‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වශයෙනි. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරටුව වුණේම ජන්මය අනුව අධ්‍යාපනය ලැබීම/නොලැබීම තීන්දු වීමේ අමානුෂික ක්‍රමය පිටුදැකීමයි. එහෙත් මේ ඊනියා දිස්ත්‍රික් ක්‍රමය හරහා පස්ස දොරකින් අප නැවත ඉඩ සලසා ඇත්තේ ජන්මය අනුව අධ්‍යාපන අවස්ථාව තීන්දු කිරීමටයි. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෑමොර දෙන පුද්ගලයන් අතරේ මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්‘ කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී.

    ජුඩිත් පීරිස්ට සිදුවූ වින්නැහිය

    ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාව, ජීව විද්‍යා අංශයෙන් 2010 දී ලන්ඩන් අපොස උසස් පෙළ විභාගයට ලංකාවෙන් පෙනී සිටියාය. ඇගේ දෙමාපියන් බොහෝ කාලයක් විදේශ රටවල සේවය කළ හේතුවෙන් රජයේ විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඈට නොහැකි වූ නිසා, ඈ මේ විභාගයට පෙනී සිටියේ ලංකාවේ ජාත්‍යන්තර පාසලකිනි. ඒ විභාගයෙන් ඈ ‘ඒ‘ සාමර්ථ හතරක් ලබා ගත්තාය. ඒ වසරේ ලංකාවේ ඉහළම ප්‍රතිඵලය වුණේ එයයි. එපමණක් නොව, ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු ලෝකයේම ශිෂ්‍යයන් අතරින් එම වසරේ ඈ පස්වැනි ස්ථානය හිමි කරගෙන තිබුණි. එහෙත්, ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රමය අනුව, ඇයව කිසි විශ්ව විද්‍යාලයකට ඇතුළත් කර නොගැනුණි. ඒ ගැන ඈ කියන්නේ මෙවැන්නකි: “මං පිටරට ඉඳගෙන මේ විභාගෙම කළා නං, විදේශ ශිෂ්‍ය අනුපාතික ක්‍රමය යටතේ යම් ගාස්තුවක් ගෙවා ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්න මට පුළුවන් කම තිබුණා. ඒත් අපේ සංස්කෘතියට අනුව මාව හදාවඩා ගන්න මගේ දෙමාපියන්ට ඕනේ කළ නිසා මාව ලංකාවට ගෙනල්ලා ලංකාවේ පෞද්ගලික පාසලකින් මට අධ්‍යාපනය දුන්නා. ඒකෙන් වුණේ, ලංකාවේ විශ්ව විද්‍යාලෙකට ඇතුළත් වෙන්න තිබිච්ච අවස්ථාව මට නැති වෙච්ච එක.“
    ලංකාවේ සුපිරි පාසලක තමන්ගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව සළසා දිය යුතු බවට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරති. එනම්, තමන්ගේ දරුවන්ට සුපිරි පාසලක් වෙනුවෙන් දුප්පත් රෝගීන්ගේ ජීවිත බිල්ලට ගනිති. එවැනි හයිරංකාර වෘත්තීය සමිති බලයක් නැති ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාවට පහසුකම් සහිත පාසලක් සොයා ගැනීමට බැරි නිසා, තරමක් අතමිට සරු ඇගේ දෙමාපියෝ ඇයව ලංකාවේ ජාත්‍යන්තර පාසලකට ඇතුල් කළහ. ඒ ‘පාප කර්මය‘ නිසා ඇයට ලංකාවේ විශ්ව විද්‍යාලයක් අහිමිව යාමෙන් පෙන්නුම් කරන්නේ, ‘මොණරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වෙනුවෙන්, නැති බැරි මාතර උපන් ඩිල්ෂාන් සම්පත්ට සේම, ඇති හැකි ජුඩිත් පීරිස්ටත් එක විට දඬුවම් විඳීමට සිදුව ඇති බවයි.

    මේ තත්වය තුළ වසරකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් ලංකාවෙන් පිටරටවලට යන ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට අධික බව ගණන් බලා තිබේ. එහිදී දැරීමට සිදුවන වියදම රටින් රටට වෙනස් වෙයි. බංග්ලාදේශයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන ලංකාවේ ශිෂ්‍යයෙකු රුපියල් මිලියන දෙකක වියදමක් සාමාන්‍යයෙන් දැරිය යුතු බව කියැවේ. චීනයේදී එය රුපියල් මිලියන 6 ක් ද, ඉන්දියාවේදී රුපියල් මිලියන 10 ක් ද, ඇමරිකාවේ හෝ එංගලන්තයේ නම් රුපියල් මිලියන 40 ක් ද වන්නේය. මේ සියල්ල රුපියල් ශත නොව, විදේශ විනිමය බවත් අමතක නොකළ යුතුය.

    ලංකාවේ වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් තිබේ. මහාචාර්ය ලලිතා මෙන්ඩිස්ගේ එක් අධ්‍යයනයකට අනුව, ලංකාවේ ලක්ෂයක ජනගහනයකට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 55.2 කි. එනම්, 1811 දෙනෙකුට එක් වෛද්‍යවරයෙකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඊටත් වඩා හිඟයි. ජනතාවගෙන් 25,000 කට සිටින්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමණි. මෙවැනි වෛද්‍ය හිඟයක් දිගටම පවත්වා ගැනීම තුළින්, අඟහිඟකම් ඇති දුගී රෝගියා වෙනුවෙන් ප්‍රශස්ත මට්ටමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරයෙකු විසින් නැති කර ගැනීමට අමතරව, අතමිට සරු රෝගීන් සඳහා ස්ථාපිත පෞද්ගලික රෝහල්වල රෝගීන්ගේ සාක්කුවෙන් යම් ගතමනාවක් උපයා ගැනීමටත් වෛද්‍යවරයෙකුට හැකි වන්නේය. වෛද්‍යවරුන් එසේ මුදලට සේවය කිරීම මේ ලියුම්කරු කිසිසේත්ම වරදක් වශයෙන් දකින්නේ නැත. රජයේ රෝහලක නොමිලේ සැපයෙන ප්‍රතිකාර ගැනීම සඳහා සල්ලිකාරයනුත් පැමිණ තවත් තදබදය වැඩි කරනවා වෙනුවට, ඒ සල්ලිකාරයා වෙනුවෙන් කරන ‘සේවය‘ සඳහා යම් මිලක් නියම කිරීම අත්‍යන්තයෙන්ම යථායෝග්‍ය ය. එහෙත් ඒ ආකාරයෙන්ම, රජයේ විශ්ව විද්‍යාලවල තදබදය නිසා එළියට වීසි වන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ගෙන් යම් කොටසකට සල්ලි ඇත්නම්, ඒ මුදලින් ඔවුන් වෛද්‍යවරුන් වීම නුසුදුසු වන්නේ මන්ද යන්නයි අපට ඇති ප්‍රශ්නය. (ඉතිරිය ඊළඟට)

    -ගාමිණී වියන්ගොඩ විසිනි-

    For More
     
    Last edited: