අන්තවාදීන්ගේ_බලාපොරොත්තු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අන්තවාදීන්ගේ_බලාපොරොත්තු

අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කරමු - ජනපති



151113133044_president_wadduwa_624x351_sudathsilvapresidentmediaunit.jpg

මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි - ජනපති

ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීම සියළු දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ සිය පදවි ප්‍රාප්තියෙන් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විශේෂ සමරු උත්සවය අමතමින්.
තමන්ට තිබෙන්නේ තමා ගැන සිතන න්‍යාය පත්‍රයක් නොව රට ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.
"මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි," ඔහු පැවසීය.


160104101539_ranil_maithri_640x360_getty.jpg


ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් සෙනසුරාදා ඉදිරිපත් කරන බව අගමැතිවරයා නිවේදනය කළේය

උතුරේත් දකුණේත් අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියළු ජන කොටස්වලට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතු බවත් සඳහන් කළේය.
"සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ."


160108160452_sivaraja_jeniban_624x351_presidentmediatwitter.jpg


ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට ජනාධිපති සමාව

පසුගිය වර්ෂය මැතිවරණ වසරක් වුවත් කාටත් සතුටු විය හැකි යුග මෙහෙවරක් සඳහා අවශ්‍ය මුල් පියවර එම වසරේ තැබීමට හැකිවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
යුද්ධ‍ය ජය ගෙන ලබාගත් සාමය ස්ථීර සාමයක් කරා ගෙන යාම සඳහා යුද්ධයට තුඩු දුන් කාරණා සෙවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා ඉපදීමට හේතුව පශ්චාත් යුද සමයේ අප කළ යුතු දෑ නොකිරීම යැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.
උත්සව සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාවක් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිවේදනය කළේය.


160108155623_gopalkrishna_gandhi_624x351_presidentofficetwitter.jpg


උත්සවයේ ආරාධිත දේශණය පවත්වනු ලැබුවේ මහත්මා ගාන්ධිගේ මුණුපුරකු වන ගෝපාලක්‍රිෂ්ණා ගාන්ධි විසින්

"හෙට ගේන මේ යෝජනාවට එකඟ වෙන අය වගේම විරුද්ධ වෙන අය ඉන්නවා. හෙට අපිට තීරණය කරන්න තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන මඩවලේ අපි හිරවෙලා ඉන්නවද නැත්නම් ඉදිරියට යනවද කියලයි," අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කිරීමත් විශේෂත්වයක්.
විශේෂ සැමරුම් උත්සවයට පැමිණ වේදිකාවට ගොඩවූ සිවරාජා ජෙනිවන්ට ජනාධිපතිවරයා අතට අතදී සුභපැතුම් එක් කළේය.
 

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    තව dislike ගන්න Script එකක් නැද්ද..මේ මොන පයන්නක්ද?

    අයියෝ මගෙ ඡන්දෙ.

    මට එක වතාවයි නේ dislike කරන්න පුළුවන්.

    රටේ ජනාධිපති කෙනෙක් මේ විදියට අපහස ලැජ්ජා විදිනවා දැක්කමයි,
    ලැජ්ජයි මහත්තයෝ,
    කොන්ද කෙලින් නැති ගොන් පබයෙක් ජනාධිපති කරපු අපි වගේ එවුන්ටත් මඩුවලිගෙන් තලන්න ඕනේ. නොදකින් තූ...


    නරියෙක්ට පුලුවන්ද රජෙක් වෙන්න

    ඇයි අනේ මේ අස්සයව දෙපස තාර ගැලවුන කැඩිච්ච අජූව පාරක අරන් යන්නේ? ඒකෙන් සිංදුව කැත උනා නේ. ඔය මහත්වරු අපේ රටත් අරන් යන්නෙ ඒ වගේ පාරක ද ?
    අපේ ගමට ආව නම් අපි පෙන්වනව නියම කාපට් පාරක්. හැබැයි ඒක හැදුවෙ නම් ඉතින් 'මහින්ද හොරා' ගෙ කාලෙ. ඒක තමයි ප්‍රශ්නේ.

    me mona bra ekakda oi

    අනේ තව ණයටවත් ගන්න ඩිස්ලයික් එකක් නැහැ නේ.

    "මම මෙ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන් හිටං" - MS



    කෝ නංගිලා බ්‍රා එක උස්සල ගහන්ඩ අප්පොඩියක්...


    තණකොල කපන්න, පොල් කඩා ගන්න අපේ ජනපති අමතන්න..
    ඉතිහාසයේ නොමැකෙන්නට වැඩිම dislike වීඩියෝ එක බවට පත් කරමු !!
    තුක් විතරක්


    හොඳ වෙලාවට ෂූට් එක කොරන්න සිගිරිය ගත්තේ නැත්තේ .. එහෙම උනානං ඉතින් අර ලලනාවොන්ට බ්‍රා අන්දලා හෙම ගනියි colonthree emoticon


    හැටේ ගූ හැත්තෑවට නග්ගනව කියන්නනෙ මේකට තමා
    මොන කෙන්ගෙඩිය කලාටද මේ සාරි ඇඳගත්ත උන් උඩුබුරලන්නෙ මෙතන?
    අපේ පතෝල ජනාධිපතිය දැකල තව ඩිංගෙන් අර අස්සයා පිටේ ගිය එකත් බිමට වැටෙනවා හිටං!!!!!


    අගමැතිකම නොදුන්නාට බැසිල් රාජපක්ෂ සහ රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්‍රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.
     
    • Like
    Reactions: shaminda peiris
    අන්තවාදින් ගේ බලාපොරොත්තු සුන් කරන්නේ කොහොමද? එයා ඉන්නේ අන්තවාදින් ගේ පැත්තෙනේ

    දෙමළ සන්ධානය වගේ කොටින්ට පක්ෂ අන්තවාදින්, මුස්ලිම් අන්තවාදින්, සිංහල අන්තවාදින් ඔක්කොම ඉන්නේ එයා ගාව නේ
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    අන්තවාදින් ගේ බලාපොරොත්තු සුන් කරන්නේ කොහොමද? එයා ඉන්නේ අන්තවාදින් ගේ පැත්තෙනේ

    දෙමළ සන්ධානය වගේ කොටින්ට පක්ෂ අන්තවාදින්, මුස්ලිම් අන්තවාදින්, සිංහල අන්තවාදින් ඔක්කොම ඉන්නේ එයා ගාව නේ

    he he
    a pena widiha machn..aththatama ehema naha