අන්තවාදීන් අවුරුද්දක් ඇතුලේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අන්තවාදීන් අවුරුද්දක් ඇතුලේ

ජාතිවාදය උසිගන්වන පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ. එසේ අත්අඩංගුවට ගැනීමේදී වාර්ගිකත්වය නොතකන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දුන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා භාර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

අලුතින් සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාවට අනුව නව නීති සැකසෙන තුරු වාර්ගික අසමගියට තුඩුදෙන ප්‍රකාශ කරන්නන් දැනට පවතින නීතිය අනුව අඩුම වශයෙන් අවුරුද්දක් රිමාන්ඩ් ගත කර තැබීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ඇමැති මනෝ ගනේෂන් මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිවේදනය කර තිබේ.

ජාතිවාදී වෛරක්කාරී ප්‍රකාශ ප්‍රසිද්ධියේ කිරීම නිසා මේ වනවිට ඩෑන් ප්‍රියසාද් ලෙසින් තමන් හඳුන්වාගන්නා දෙමටගොඩ සුදේශ් ප්‍රියසාද් සහ ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොඩි එවුන් විතරද? මහින්ද ,ගෝටා ,විමලේ, ඥානසාර,චම්පක ,බෙල්ලන්විල,ඇල්ලේ ,හකීම්,විග්නේෂවරන්, ෆයිසර්,අසාද් සාලි,නසීර් අහමඩ් .මේ වගේ එවුන්ව ඉස්සෙල්ලම දාන්න.නැත්නම් පොඩි අය විතරක් දැම්මොත් අමාරුවේ වැටෙයි:yes:
 
Last edited: