අන්ත්‍රාවයි:අද රෑ 100 Km/h සුළියක් යාපනේට

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අන්ත්‍රාවයි:අද රෑ 100 Km/h සුළියක් යාපනේට

    (ලංකා ඊ නිව්ස් -2014.ජන.05, ප.ව.6.30) ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට නැගෙනහිරින් රට ආසන්නයට පැමිණ පවතින පීඩන අවපාතය අද (05) රාත්‍රියේ දී යාපනය අර්ධද්වීපයෙන් ඇතුළු වී මන්නාරම බොක්ක ප්‍රදේශයෙන් පිටව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පීඩන අවපාතයේ කේන්ද්‍රය මේ වන විට මුලතිව් සිට කිලෝමීටර් 80 ක් පමණ දුරකින් ඊසාන දෙසින් පවතී

    මේ නිසා දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. 100 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ.

    උතුරු පළාතේ සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි ඇති වන අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වේ.

    ඉහත වෙරළ ආසන්නව මීටර් 3 පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.

    දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා ද විටින් විට තරමක තද සුළං තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයිනේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    මුහුදු රළ උස්වීමේ අවධානම නිසා මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.