
මාත් හොද කොල්ලෙක්මම නම් ඇඩුවේ නැහැ. ඒත් මගෙ හිත ගිය කෙල්ලෙක් හිටියා AL කරද්දි. මාත් එක්ක හොද ෆිට් එකක්(මිත්රත්වය පමණි). ඒත් වටේ හිටපු උන්ගේ බූරු වැඩ නිසා ඒකි මාත් එක්ක තරහා වුනා. පස්යෙ ආයෙ යාලු වුනා(මිත්රත්වය පමණි). එකි මට පස්සෙ දවසක කිවුවා ඔයා මන් ගැන එහෙම හිතුවා නේද කියල. මම වෙන කතාවක් දාල ඒක වෙන අතක හැරව්වා.
කියන්න ඕන වුනේ ලගදි මම අලුතෙන් ගිය පන්තියක ඊට සෑහෙන්න මුහුණුවර සමාන කෙල්ලෙක් හිටියා. මම ඒ වෙලාවෙ ලෙක්චර් එක යන ගමන් පොඩි මනෝ පාරක් දැම්මා අතීතය ගැන . දුක හිතුනා. ඒකි හොද කෙල්ලෙක්. මාත් හොද කොල්ලෙක්

මටත් ඒ වගේ සංවේදි කතා බලන්න නම් අමාරුයි බං..ඒ කියන්නේ හොටු පෙරං අඩනවා නෙවෙයි..කඳුලු නිකම්ම උනනවා.ඒ වුනත් මම පිරිමියෙක්..
වෙලාවකට එපා වෙනවා එහෙම වුනාම![]()

මෑත කාලෙකදිනම් ඇඬුවෙම නෑ. හැබැයි ගුණදාස කපුගේ නැතිවුන දවසෙ නම් සිරාවටම ඇඬුන.ඒ වෙන මොකවත් හින්ද නෙමෙයි කපුගේගෙ තිබ්බ මනුස්සකම වෙනුවෙන්.
පොඩි කාලේ දවසක් මම අම්ම එක්ක කඳානේ ගිහිල්ල මොනව හරි බොන්ඩ අරන් දෙන්ඩ කියල කෑ ගගහ හිටිය.ඊට පස්සේ මාව කඳාන ඔය ගණේමුල්ල පැත්තෙට හැරෙන පාරගාව තිබ්බ හෝටලේකට අරන් ගිහින් මේසයක් ගාව වාඩි කරල බීම බෝතලයක් අරන් දෙන්ඩ ගියා.එතකොට එහා පැත්තෙ මේසෙ හිටියෙ කපුගේ මහත්තය තනියම වාඩි වෙලා තෝසෙ කනව.මම ඒ වෙලාවෙම එයාව අඳුර ගත්ත.ඒ අන්ඳුරගත්ත ගමන් මට හිනාගියා.එතකොට මට වයස අවුරුදු 5ක් ඇති.කපුගේ මහත්තය මම ලඟට ඇවිල්ල ඔලුව අතගාල මාව අඳුරනවද පුතේ කියල අහල එයාගෙ ගානේ වඩේයි තව මොනවදයි පාර්සල් කරල ගෙදර අරන් ගිහින් කන්ඩ කියල අරන් දුන්න.මට ඒ සිද්දිය අදටත් මතක් වෙද්දි කඳුලු එනව.වෙන මිනිස්සු වගේ නෙමේ හරිම නිහතමානී මනුස්සයෙක්.![]()

යම් යම් හේතු කාරණා නිසා අපි වෙන් උනත් එයා කවදක හරි සතුටෙන් ඉන්නවා දකින්නයි මම ආස. අද වෙද්දි දුක අඩු උනත් එයා මතක් වෙන වාරයක් පාසා ඇස් වලට කඳුලු එනවා...........
මටත් එහෙමයි බන්ස්මටත් ඒ වගේ සංවේදි කතා බලන්න නම් අමාරුයි බං..ඒ කියන්නේ හොටු පෙරං අඩනවා නෙවෙයි..කඳුලු නිකම්ම උනනවා.ඒ වුනත් මම පිරිමියෙක්..
වෙලාවකට එපා වෙනවා එහෙම වුනාම![]()

