අන්තිම කැමති පත‍්‍ර සම්බන්ධ නීතිය

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කාටහරි උවමනා වෙයි කියල දැම්මේ

    (1) 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර ආඥා පනත මේ සම්බන්ධයෙන් බලාත්මක නිතිය වන අතර එය 1993 අංක 14 දරණ පනත මගින් සංශෝදනය වී ඇත.

    (2) එසේම 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ ප‍්‍රතිපාදන ද මේ සදහා බලාත්මක වෙයි.

    (3) ඒ අනුව 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර ආඥා පනතේ 2 වන වගන්තිය ප‍්‍රකාරව අන්තිම කැමති පත‍්‍රයක් යනු

    “ කිසියම් තැනැත්තෙකු විසින් තම ජීවිත කාලය තුල රැස්කර ගතaa බුදලයෙන් මිය යන විට පවතින දේපල පිලිබදව අවසාන වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය දක්වන ලේඛනයයි.”

    (4) පහත සදහන් තැනැත්තන් හැර වෙනත් ඕනෑම අයෙකුට අන්තිම කැමති පත්‍රයක් මගින් දේපළ පැවරිය හැකිය.

    • බාලවයස්කරුවන් – අන්තිම කැමති පත‍්‍ර ආඥා පනතට සිදු කරන ලද 1993 අංක 05 දරණ සංශෝධනය මගින් අවරුදු 18ට අඩු තැනැත්තන්ට අන්තිම කැමති පත්‍රයක් සකස් කළ නොහැකි බවට දක්වන ලදී.
    • ශාරීරික හෝ මානසික දුබලතා නිසා මතකය නිසි පරිදි ක්‍රියාත්මක නොවන තැනැත්තන්
    • සිහිවිකල තැනැත්තන් ( මොවුන් සිහි විකල නොවන අවස්ථා වල දී අන්තිම කැමති පත්‍රයක් සැකසිය හැක)
    • තමාගේ චේතනාව ප්‍රකාශ කල නොහැකි ආකාරයේ බිහිරි හෝ ගොළු තැනැත්තන්.
    (5) අන්තිම කැමති පත‍්‍රයක් සකස් කිරීමේදී 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව සකස් කල යුතු අතර, එනම්

    • අන්තිම කැමති පත‍්‍රය හෝ කොඩිසිල් පත‍්‍රය ලිඛිතව තිබිය යුතුයි .
    • අන්තිම කැමති පත‍්‍රකරු හෝ ඔහුගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් අන්තිම කැමති පත‍්‍රයේ පිටුපස අත්සන් කල යුතුයි.
    • අවසරලත් නොතාරිස්වරයෙකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට දී හෝ සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරිපිට දි අන්තිම කැමතිපත‍්‍රකරු විසින් අත්සන් කල යුතුයි.
    • නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනා හෝ සාක්ෂිකරුවන් පස්දෙනා යන සියලුම දෙනා එකවර සහභාගි විය යුතුයි.
    • නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනා සමග සහතික කිරීම හෝ සාක්ෂිකරුවන් පස්දෙනා අත්සන් තැබීම අන්තිම කැමති පත‍්‍රකරු ඉදිරියේ සිදුවිය යුතුයි.
    හරමානිස් පෙරේරා එදිරිව ජොහානා පෙරේරා (3 NLR 306) හිදී සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරිමේ විකල්පය ඇති බව අධිකරණය තීරණය කරන ලදී.

    (6) අන්තිම කැමති පත‍්‍රයක් සකස්කර ඇති අවස්ථාවක ඊට ඌනපූරණයක් කිරීම සදහා සකසන ලද ලේඛණය කොඩිසිල් පත‍්‍රය වන අතර එය අන්තිම කැමති පත‍්‍රයේ කොටසක් වශයෙන් සලකයි.

    (7) වංචා වැලැක්වීමේ ආඥා පනතේ 9 වන වගන්තිය අනුව අන්තිම කැමති පත‍්‍රයක් ප‍්‍රසිද්ධ කිරීම අවශ්‍ය නැත.

    (8) අන්තිම කැමති පත‍්‍රයක් අවලංගු වන අවස්ථා පහත පරිදි වේ.

    • අන්තිම කැමති පත්‍රකරු/ කාරිය නැවත විවාහ වීමෙන්.
    • අන්තිම කැමති පත්‍රකරු/ කාරිය විසින් තවත් අන්තිම කැමති පත්‍රයක් හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කිරීම මගින්.
    • අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය අවලංගු කිරීfම් චේතනාව දක්වන ලිපියක් මගින්.
    • අන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය ඉරා දැමීම, පුළුස්සා දැමීම, හෝ විනාශ කිරීම මගින්.
    • එසේම අන්තිම කැමති පත්‍රකරු විසින් බලය දුන් තeනeත්තෙකුට ද එවැනි ක්‍රමයට අවලංගු කිරීම කල හැකිය.


    ගුණවර්ධන එදිරිව බැද්දේවෙල (73 NLR 463) හිදී අවලංගු කිරීමකට නම් ඒ සදහා චේතනාව මෙන්ම සුදුසු අන්දමට නියම වශයෙන්ම විනාශ කිරීමක් ද තිබිය යුතු බව අධිකරණය තීරණය කරන ලදී.

    අතපත්තු එදිරිව ජයවර්ධන (22 NLR 497) හිදී අන්තිම කැමති පත‍්‍රකරු භාරයේ තිබු අන්තිම කැමති පත‍්‍රය මරණයෙන් පසු සොයාගත නොහැකිවීම මත එය විනාශ කරන්නට ඇති යන්න පූර්වානුමාන කල හැකි බව අධිකරණය තීරණය කරන ලදී.

    (9) අන්තිම කැමති පත‍්‍රයක් බලාත්මක කරවා ගන්නා අයුරු පහත පරිදි වෙයි

    මෙය 1993 අංක 14 දරණ සංශෝධිත පනත ප‍්‍රකාර වෙයි

    516 වගන්තිය – අන්තිම කැමති පත්‍රය තැන්පත් කිරීම

    • අන්තිම කැමති පත්‍රයක් තබා පුද්ගලයෙකු මිය ගිය විට එය භාරව සිටි තැනැත්තා හෝ එය සොයා ගත තැනැත්තා විසින් මාස තුනක් ඇතුලත අන්තිම කැමති පත්‍රකරු මියගිය ප්‍රදේශයට අදාළ දිසා අධිකරණය හෝ අන්තිම කැමති පත්‍රය සොයාගත් තැනැත්තා පදිංචි ප්‍රදේශයට අදාළ දිසා අධිකරණය වෙත එම අන්තිම කැමති පත්‍රය ඉදිරිපත් කල යුතුය.
    • ඒ සමග තමන් දන්නා පරිදි අන්තිම කැමති පත්‍රකරු මියගිය දිනය, වේලාව සහ ස්ථානය ද, මියගිය අයගේ දේපලේ ස්වභාවය හා වටිනාකම සහ එය පිහිටි අධිකරණ කලාපය ආදී කරුණු ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය. ( 81 ආකෘති පත්‍රය)


    ගුණවර්ධන එදිරිව කබ්රාල් (1980 – 2 SLR 221) හිදී අන්තිම කැමති පත‍්‍රයක් ඔප්පු කිරීමේ භාරය එය ඉදිරිපත් කරන්නා වෙත ඇති බව අධිකරණය තීරණය කරන ලදී.

    517 වගන්තිය – ප්‍රොබෙට් බලපත්‍රය සදහා ඉල්ලුම් කිරීම

    • අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවා ගැනීම සදහා පොල්ම#කරුට පහත දිසා අධිකරණ වලින් එකකට ඉල්ලීම කල හැකිය .
    • තමා පදිංචි දිස්ත්‍රික්කයේ
    • අන්තිම කැමති පත්‍රකරු මියගිය දිස්ත්‍රික්කයේ
    • අන්තිම කැමති පත්‍රකරුට අයිති ඉඩමක් පිහිටියේ යම් දිස්ත්‍රික්කයකද එම දිස්ත්‍රික්කයේ
    • මෙම ඉල්ලීම කරන්නේ පොල්ම#කරු නොවන දේපලට සම්බන්ධතාවයක් ඇති තැනැත්තෙකු නම් අන්තිම කැමති පත්‍රයේ පිටපතක් අමුණා අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලීමක් කල හැකිය.
    524 වගන්තිය

    මේ සදහා වන සෑම ඉල්ලීමක්ම අන්තිම කැමති පත්‍රය සොයාගත් දින සිට මාස තුනක් ඇතුලත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මගින් පහත කරුණු ඇතුලත් කර ඉල්ලීමක් කල යුතුය.

    • අන්තිම කැමති පත්‍රයක් ලියා තිබු බව
    • දේපල පිළිබද විස්තරයක්
    • උරුමකරුවන් පිළිබද විස්තරයක්
    • අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවාගැනීමට පෙත්සම්කරුට ඇති හිමිකම.
    • අන්තිම කැමති පත්‍රය තැන්පත් කර නොමැති නම් එය පෙත්සමට ඇමිණිය යුතුය.
    අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති විට ප්‍රොබෙට් බලපත්‍රය හෝ අන්තිම කැමති ඇමිණු අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ.

    553 වගන්තිය

    මෙම වගන්තිය මගින් අන්තිම කැමති පත්‍ර සම්බන්ධ වැරදි දක්වන අතර, 553(1) වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් පවතින බව ඕනෑකමින්ම වසං කරන හෝ 516 වන වගන්තිය අනුව කටයුතු කිරීම දැන දැනම පැහැර හරින තැනැත්තෙකු වරදකරුවෙකු වන අතර අන්තිම කැමති පත්‍රයට විෂය වන බුදලයේ වටිනාකමට සමාන දඩයකට ඔහු යටත් වේ.

    (10) විදේශිය ප්‍රොබේට් බලපත්‍ර

    554(ණ) සිට 554 (න) යන වගන්තින්හි හි විදේශීය ප්‍රොබේට් බලපත්‍ර නැවත මුද්‍රා තැබීම පිළිබද නීතිය අන්තර්ගත වේ.

    උපුටාගැනීම පහත වෙබ් පිටුවෙනි
    https://www.capitallawchambers.com/covid-19/last-will/
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න වලතර සොන්නයට ඕනි වෙයිද? එක්කෝ ඕනි වෙන එකක් නැහැ. ඌට මොනව දේපලද තියෙන්නේ?මේකේ උන්ගේ නාකි අම්මලා ඇරෙන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    අපි හිතමු ඕක ලියන්නේ නැතුව එක පාරටම කෙනෙක් මැරුණා කියලා (පවුලක නම් මිනිහා වගේ).. ..එතකොට මොකද වෙන්නේ ඒ දේපල වලට?
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය...
    යම් පුද්ගලයකුගේ මරණින් පසු දේපලක අනුප්‍රාප්තිය සිදුවිය හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙආකාර බවත් එය අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය හා අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය බවත් අපි මීට ඉහත ලිපියේදී සඳහන් කලෙමු. එසේම එම ලිපිය මගින් අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කළෙමු.

    ඒ අනුව මෙම ලිපියේ අරමුණ වන්නේ යම් තැනැත්තෙකු තමන්ගේ මරණින් මතු සිය දේපල අන්තිම කැමති පත්‍රයක් හරහා අන්සතු කිරීමට අදහස් කරනු ලබන විට ඒ සම්බන්ධව ලංකාවේ බලපවත්නා නෛතික තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වේ. මෙහෙදී මා ඉහතින් භාවිතා කල "අන්සතු කිරීමට" යන වචන ඛණ්ඩය මගින් මෙම ලිපිය ආරම්භ කිර්‍ර්මට බලාපොරොත්තු වෙමු. එහි අදහස වන්නේ, යම් තැනැත්තෙකුට තමන්ගේ දේපල අන්තිම කැමති පත්‍රයක හරහා ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මරණින් මතු හිමිකම පැවරෙන ආකාරයකට අන්සතු කල හැකි වීමයි. එහිදී තම ලඟම නෑයන් වෙත පැවරීම (උදාහරණ ලෙස සිය මවට පියාට කලත්‍රයාට දුවට පුතාට) අනිවාර්ය නොවේ. එවැන්නන් බැහැර කරමින් සම්පූර්ණ දේපල ඒ අනුව බාහිර පුද්ගලයකුට ලබා දිය හැකි වේ. ඒ අනුව මෙහෙදී තම්න්ගේ දේපල කාට හිමි විය යුතු ද යන්න පිළිබඳ තීරණය කිරීමට හැකියාවක් අදාල දේපල අයිතිකරු වෙත ලැබෙන බව දැකිය හැකිය.

    අන්තිම කැමති පත්‍රයක් සහිත අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් ලංකාවේ අදාළ වන නෛතික තත්ත්වය 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනත තුළ දක්වා ඇත. එම ආඥ පනතේ ප්‍රතිපාදන අනුව සාමාන්‍ය නීතියෙන් හා මුස්ලිම් නීතිය ඇතුළු සියළු පෞද්ගලික නිතී වලින් පාලනය වන පුද්ගලයන්ට මෙම ආඥා පනත අදාල වන බව දක්වා ඇත. අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ දෙවන වගන්තිය දක්වන පරිදි අවුරුදු 18ට අඩු පුරුෂයෙකුට හෝ කාන්තාවකට වෙනත් ව්‍යවස්ථාපිත අවශ්‍යතා සපුරා ඇති නම් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කිරීම මගින් සිය දේපළ බැහැර කිරීමට අයිතිවාසිකමක් ඇත.
    එසේ ලියන ලද අන්තිම කැමති පත්‍රයක් වුවද (ඕනෑම අන්තිම කැමති පත්‍රයක්) වලංගු වන්නේ එම අන්තිම කැමති පත්‍රය 1840 අංක 7 දරන වංචා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව සකස් කර තිබුණහොත් පමණි.

    1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය දක්වන්නෙ අන්තිම කැමති පත්‍රයක් ක්‍රම 2කට ලියා දැක්විය හැකි බවයි. ඉන් පළමුවැන්න වන්නේ යම් අන්තිම කැමති පත්‍රයක් ප්‍රසිද්ධ නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරීමයි. දෙවැනි ක්‍රමය වන්නේ නොතාරිස්වරයකු සම්බන්ධ කර නොගනිමින් සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ ලියන අත්සන් කිරීමයි. මෙම දෙවන අවස්ථාවේදී සාක්ෂි කරුවන් පස්දෙනාම අන්තිම කැමතිපත්‍රකරු විසින් තමන් ඉදිරියේ ම අන්තිම කැමැති පත්‍රය ලියා අත්සන් කළ බව සහතික කළ යුතුය. නොතාරිස්වරයකු විසින් අන්තිම කැමති පත්‍රය සකස් කරන අවස්ථාවේදී එකී නොතාරිස්වරයා විසින් එය පිටපත් දෙකකින් යුතුව සකස් කළ යුතු අතර මුල්පිටපත අදාල තෙස්තමේන්තුකරුට (දේපල අයිතිකරුට/ අදාල අන්තිම කැමති පත්‍රය ලියන ලබන තැනැත්තා) භාර දිය යුතු අතර දෙවන පිටපත නොතාරිස්වරයා විසින් තමා සන්තකයේ තබා ගත යුතුවේ.

    මෙම අන්තිම කැමති පත්‍ර පිළිබඳ නෛතික තත්වයේ ඉතිහාසය රෝම නීතිය දක්වාම ඈත අතීතයට දිවයන අතර එහිදී කලින් කලට වෙනස් වූ අන්තිම කැමති පත්‍ර ආකෘති ආකාර කිහිපයක් අතුරින් අවසාන වශයෙන් පිළිගනු ලැබූ ත්‍රීමූල අන්තිම කැමති පත්‍ර ආකෘතිය (Testamentum Tripertitum) යටතේ රෝමවරුන්ට තම දේපල වලංගු ලෙස අන්සතු කිරීමේ හැකියාව ලබා දෙන ලදී. කෙසේ නමුත් මෙම අන්තිම කැමතිපත්‍ර දේපල අනුප්‍රාප්තිය හේතුකොටගෙනම පවුල තුළ සිය ලඟම නෑදෑයන් වෙත දේපල කොටසක් හිමි නොවීම හේතුකොටගෙන යම් අසාධාරණයකට මුහුණපෑමට සිදුවන නිසා අදාළ අන්තිම කැමතිපත්‍ර කරු විසින් යම් දේපල කොටසක් තම ලඟම නෑදෑයන් වෙත වෙන් නොකොට අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති විට එම ළඟම නෑයන් හට රෝම නීතිය යටතේ නඩුකරයක් ගෙන ඒමට හැකියාව ලබාදී තිබුණි. එම නඩුකරය Querela Inoficiosi Testamenti හෙවත් අසාධාරණ අන්තිම කැමති පත්‍රයකට විරුද්ධ නඩුකරය ලෙස හඳුන්වනු කබයි. එහි දී නීත්‍යානුකූල පංගුව හෙවත් legitima portio නම් ර්‍රෝම නීති සංකල්පය බිහිවූ අතර ඒ අනුව යම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් මගින් සිය දේපල අන්සතු කිරීමේදී තමන්ගේ ළඟම ඥාතීන් වෙත නීත්‍යානුකූල පංගුව ලෙස මුල් කාලීනව දේපලින් 1/4 කොටසක් වෙන් කොට ඉතිරි කොටස පමණක් බාහිර පුද්ගලයන් වෙත අන්තිම කැමති පත්‍රයක් හරහා ලබා දීමට හැකියාව ලබා දෙන ලදී. නමුත් ජස්ටීනියන්ගේ කාලය වන විට මෙම ප්‍රාමාණය වෙනස් විය.

    කෙසේ නමුත් 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 2වන වගන්තිය අනුව නීත්‍යානුකූල පංගුව නමැති සංකල්පයට ලංකාවේ නීතිය තුළ ඉඩක් නොමැති බව දැකගත හැකිවේ. ඒ අනුව ඉහතින් සඳහන් කල පරිදි තෙස්තමේන්තු කරුවෙකුට අන්තිම කැමති පත්‍රයක් හරහා ඕනෑම පුද්ගලයකුට දේපල බැහැර කල හැකිය. විමලාවතී එ. ඕපනායක (1971) 74 NLR 308 නම් නඩුව ඇතුළු නඩු තීරණ ගණනාවක් මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
    මෙම නඩුවේ දී දක්වනු ලැබූ පරිදි එක්තරා පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කරමින් සිය දේපළ තම පෞද්ගලික නීතිය යටතේ දේපල උරුමය ලැබීමට අයිතියක් නොමැති සිය අවිවාහක දරුවන්ට පවරා දුන් අතර එය වලංගු බවත් තීරණය කිරීම හරහා මෙම නෛතික තත්වය පැහැදිලි කරගත හැකිවේ.එසේම ලීලී පෙරේරා එ. චන්ද්‍රානි පෙරේරා (1990) 1 SLR 246 නැමති නඩුවේ දී විවාහජ හා අවිවාහජ දරුවාට දේපල බැහැර කරමින් ලියා අත්සන් කර තිබූ අන්තිම කැමති පත්‍රය වලංගු අන්තිම කැමති පත්‍රයක් ලෙස අධිකරණය පිළිගන්නා ලදී. නඩු තීරණ නීතිය අනුව තවදුරටත් මේ පිළිබඳව උදාහරණ සලකා බැලීමේදී සිල්වා එ. සෙනෙවිරත්න (1981) 2 SLR 7 නමැති නඩුවේදී දක්වනු ලැබුයේ තම නීත්‍යානුකූල භාර්යාව සහ නීත්‍යානුකූල උරුමකරුවන් බැහැර කරමින් තම සහෝදරයන් හා සහෝදරියන් ට සිය දේපළ පවරා තිබූ අන්තිම කැමති පත්‍රයක් වලංගුවන්නේ කැමති පත්‍රයක් ලෙස පිළිගත් බවයි. ඒ අනුව මින් පැහැදිලි වන්නේ කිසිම අයිතිවාසිකමක් නොමැති පිටස්තර පුද්ගලයකුට අයිතිවාසිකම් ඇති පුද්ගලයන් සිටියදී අන්තිම කැමති පත්‍රයක් හරහා දේපල අන්සතු කල හැකි බවයි.

    සිවිල් නඩු විධාන සංග්‍රහයේ 516-554 E දක්වා වන වගන්ති අනුව යම් පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා තබා මිය ගිය විට එම අන්තිම කැමති පත්‍රය සොයා ගනු ලබන තැනැත්තා හෝ එම අන්තිම කැමති පත්‍රය අත දරන්නා එම අන්තිම කැමති පත්‍රය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට ප්‍රොබේට් බලපත්‍රය තමා වෙත ලබා ගත යුතු වේ. ප්‍රොබේට් බලපත්‍රය ඉල්ලා නඩු පැවරූ විට ඊට විරුද්ධව දේපල සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම තැනැත්තෙකුට විරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලැබේ. එහිදී අන්තිම කමති පත්‍රය අභියෝගයට ලක් කිරීමට එම පුද්ගලයාට හැකියාව ලැබෙන අතර ඊට හේතුන් ලෙස උත්තර්ජනය හෝ තර්ජනය යටතේ අන්තිම කැමති පත්‍රය ලියා ඇති බව, මනා සිහිබුද්ධියෙන් නොසිටීම යන හේතුන් මත හෝ වෙනත් නෛතික අවශ්‍යතා අනුගමනය නොකිරීම යන හේතුව ඉදිරිපත් කල හැකිය.
    අන්තිම කැමති පත්‍රයක් අවලංගු කිරීම පිළිබඳව සලකා බැලීමේදී එය ක්‍රම කිහිපයකට සිදු කළ හැකි බව දැකගත හැකිවේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ අලුත් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කොට පරණ අන්තිම කැමති පත්‍රය අවලංගු වන බවට එහි පැහැදිලිව සඳහන් කිරීමයි. එසේම අන්තිම කැමති පත්‍රය එක් කොටසක් වෙනස් කිරීම සඳහා කොඩිසිල් පත්‍රයක් ලිවිය හැකි වන අතර එම කොඩිසිල් පත්‍රය මගින් අන්තිම කැමති පත්‍රයේ විශාල වෙනසක් සිදු කළ නොහැකි බව මතක තබාගත යුතු වේ. එසේම තවත් ක්‍රමයක් වන්නේ විනාශ කිරීම මගින්ද අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකිවේ. නමුත් අන්තිම කැමති පත්‍රය විනාශ කිරීම මගින් එය අවලංගු කිරීමේ චේතනාවක් තෙස්තමේන්තුකරුට තිබූ බව ඔප්පු කළ යුතු වන අතර එම චෝදනාව ඔප්පු කිරීමට යම් හෙයකින් නොහැකි වුවහොත් නොතාරිස් වරයා සතුව පවතින අන්තිම කැමති පත්‍රයේ දෙවන පිටපත ඉදිරිපත් කිරීම මගින් එය වලංගුව තබා ගැනීමට හැකියාව ඇත.

    උදාහරණයක් ලෙස ගුණවර්ධන එ. බැද්දේවෙල (1970) 73 NLR 463 නැමති නඩුවේ දී තෙස්තමේන්තුකරු සිය අන්තිම කැමති පත්‍රය යතුරු ලියනය කොට මැනැවින් අත්සන් කොට තිබුනි. කෙසේ වුවද ලේඛණයේ වගන්ති බොහොමයක් පෑනකින් කපා දමා වෙනස්කම් කර තිබූ අතර තෙස්තමේන්තුකරු මියගිය විට විආඳිය යුතු ගැටලුව වූයේ මෙම අන්තිම කැමති පත්‍රයේ තිබූ කපා දැමීම් හා පෑනෙන් ලියා තිබීම් නිසා එය අවලංගු වී ඇත්ද යන්නයි. අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමේ චේතනාවක් තෙස්තමේන්තුකරුට තිබූ බව මින් පැහැදිලි වන නමුත් ඔහු එය ක්‍රියාත්මක කර නොතිබූ බව අධිකරණය තීරණය කළ අතර ඔහුගේ චේතනාව චේතනාවක් වශයෙන් තිබූ බවත් එය ක්‍රියාත්මක නොකළ බවත් එය වලංගු අන්තිම කැමති පත්‍රයක් වන බවත් අධිකරණය මෙහිදී තීරණය කරනු ලැබූයේ අදාල අන්තිම කැමති පත්‍රයක් නිසි පරිදි යාවත්කාලීන කිරීම කරමින් වලංගු අන්තිම කැමති පත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන නිසි ක්‍රමවේදය අනුගමනය කොට නොතිබූ නිසාවෙනි.
    ඒ අනුව අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධව ලංකාවේ බලපවත්නා මූලික නෛතික තත්වය ඉහත පරිදි සාකච්ඡා කල හැකිවේ.

    සටහන - මධුප දිසානායක
    12/05/2020
    උපුටාගැනීම
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අපි හිතමු ඕක ලියන්නේ නැතුව එක පාරටම කෙනෙක් මැරුණා කියලා (පවුලක නම් මිනිහා වගේ).. ..එතකොට මොකද වෙන්නේ ඒ දේපල වලට?
    සාමාන්‍ය නිතිය යටතේ 50% බිරිදට ඉතුරු 50% දරුවන් අතර සමසේ
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    අපි හිතමු ඕක ලියන්නේ නැතුව එක පාරටම කෙනෙක් මැරුණා කියලා (පවුලක නම් මිනිහා වගේ).. ..එතකොට මොකද වෙන්නේ ඒ දේපල වලට?
    ඒක තමයි අපිත් අහන්නේ? මොකද වෙන්නේ ?
     
    • Wow
    Reactions: Bitter Truth

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අපි හිතමු ඕක ලියන්නේ නැතුව එක පාරටම කෙනෙක් මැරුණා කියලා (පවුලක නම් මිනිහා වගේ).. ..එතකොට මොකද වෙන්නේ ඒ දේපල වලට?

    සාමාන්‍ය උරුම නිතිය යටතේ 👇
    සාමාන්‍ය නිතිය යටතේ 50% බිරිදට ඉතුරු 50% දරුවන් අතර සමසේ

    තව ඇඩ්කරන්න ඕනා ටිකක්- මෙතනදි දේපලේ වටිනාකමත් බලපානවා. දේපල ලක්ෂ 40කට වැඩිනම් දිසා අධිකරණය හරහා බුදල් කරන් වෙනවා,
    හැබැයි ලක්ෂ 40කට අඩුනම් සියලු පාර්ශව අතර සමගියෙන් එකතාවක් මත උරුම නිතියෙන් බෙදාගන්න පුලුවන්.

    හැබැයි පු⁣තේ, බැදලා හිටියේ උඩරට නිතිය යටතේ නම් වැඩේ සංකිර්ණයි. දීග විවාහයක්ද බින්න විවාහයක්ද බලලා, ඉන්න ⁣දරුවන් ගේ විවාහත් දීග ද බින්නද කියලා බලලා තමා දේපල බෙදෙන්නේ. ඉහත කතා නැ.
    ඒ වගේම මුස්ලිම් නිතිය යටතේ වෙනම බෙදිමක් තියනවා.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    හැබැයි ලක්ෂ 40කට අඩුනම් සියලු පාර්ශව අතර සමගියෙන් එකතාවක් මත උරුම නිතියෙන් බෙදාගන්න පුලුවන්.

    ලක්ෂ 40ට අඩු වුණත් තෙස්තමේන්තු (බූදල්) නඩුවක් පවරන්න පුළුවන් මචං. හැබැයි අනිවාර්ය නැහැ.