අන්දරේ සහ තන 18+

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Repost nam Samawenna....

    අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද?
    දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න...

    රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..

    රජතුමා අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

    අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්ස

    කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
    ගැට වට අලුත් හා කල්ගිය පරණ තන
    මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි අණ
    පොට ඹසරිය මෑත්කර පෙන්වන්න තන

    ඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන....රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න...අන්දරේ එක එක පියවුරේ දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල...ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ.....

    Source