සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සිවුවෙනි දිනට අවසන් වෙද්දි තරගයට නැවතත් ප්රවිෂ්ඨ වූ ශ්රී ලංකාව කඩුලු අටකට ලකුණු 334ක් ලබා සිටියි. මේ අනුව ශ්රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 287ක් ඉදිරියෙන් සිටියි.
ශ්රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් මැදපෙල සවිමත් කළ කුසල් මෙන්ඩිස් (87) දිනේෂ් චන්දිමාල් (39), රොෂේන් සිල්වා (48), නිරෝෂන් දික්වැල්ල (62) ශ්රී ලංකා ඉනිම ගොඩ නැගුවේය.
මේ අතර තරගාවලිය පුරාවටම ශ්රී ලංකා කණ්ඩායමට අවාසි සහගත තීරණ ලබා දුන්නේ යැයි රසිකයන්ගේ චෝදනාවන්ට ලක්ව සිටින විනිසුරුවරුන් දෙදෙනාගේ ක්රියාකලාපය ඊයේ (17) දිනයේදී කතාබහට ලක්විය. දෙවන දිනයේ දිවා ආහාරයට පෙර ගැබ්රියෙල්ගේ පන්දුවකට නායක දිනේෂ් චන්දිමාල් ස්ලිප් ක්රීඩකයෙකුට උඩ පන්දුවක් ලබා දි දැවි ගියේය. කෙසේ වෙතත් එම පන්දුව නිපන්දුවක් වූ අතර, එය නිපන්දුවක් බවට විනිසුරුට පෙන්වා දුන්නේ ප්රති අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් විසින් ය.
ඉන්පසුව පන්දුවේ දෝෂයක් යැයි කියමින් කුසල් මෙන්ඩිස්ගේ පිත්ත පරීක්ෂා කළ විනිසුරුවරුන්, කුසල් මෙන්ඩිස්ගේ පිත්ත මාරු කිරීමටද පියවර ගත්තේය.
විනිසුරුවන් දෙපළ විසින් ශ්රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ල කර තිබූ අතර එම චෝදනා වලින් තමන් නිර්දෝෂී බවට චන්දිමාල් කරුණු දක්වා තිබෙන බවට අන්තර්ජාතික ක්රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.