අටමස් පිරුණු ගැබිනියක වූ චම්පා තමාගේ ඇඟට උඩින් අත දාපු සැමියාට මෙහෙම කීවා....
"සරත් මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි, කරුණාකරලා ගිහින් බිම පැදුරක් එලාගෙන නිදාගන්න..."
ඇඳ අසල එලූ පැදුරේ නිදාගෙන සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන තම සැමියා දුටු චම්පාට දුක හිතුනා...
ඇය තමාගේ කොට්ටෙ යට තිබුණු රුපියල් පන්සීයක් අතට අරගෙන සිය සැමියාට දික් කරලා මෙහෙම කීවා..
"සරත් මේක අරන් ගිහිල්ලා අල්ලපු ගෙදර ජානකී ට දෙන්න...
අද රෑ ඔයා එයා ගාව නිදාගන්න..
ජානකී ට කියන්න මමයි එව්වෙ කියලා...."
සරත් පුදුමයෙන් ඇස් ලොකු කරගෙන තම බිරිඳ දිහා ටික වෙලාවක් බලා හිටියා...
"මතක තියාගන්න....
ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, අදට විතරයි හොඳද.."
චම්පා කීවා..
සරත් වහාම නැගිටලා මේ මොන පුදුමයක්ද කියා හිතමින්ම අල්ලපු ගෙදර පැත්තට ගියා...
විනාඩි දහයක් යන්නත් කලින් ආපහු පැමිණි සරත් තම බිරිඳට මෙහෙම කීවා...
"ජානකී කියනවා පන්සියයක් මදිලු.. අට සියයක් වත් නැතිව බැරිලු...."
"අහුවෙද්දෙන්කෝ මට ඕකිව...,
ඕකිට බබා හම්බවෙන්න හිටපු වෙලාවේ මම ගත්තෙ පන්සීයයි...
මේකි දැන් අටසීයක් ඉල්ලනවා..."
චම්පා තරහින් කීවාය...