අන්වර්ට පිළිතුරක්!

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අන්වර්ට පිළිතුරක්!

    අන්වර් මණතුංග නමින් පෙනී සිටින එක්තරා බ්ලොග් රචකයකු විසින් හලාල් සාධාරණීකරණය කරමින් ලියන ලද ලිපියක් අහම්බෙන් වාගෙ ඇස ගැටුණු අතර එහි දක්වා ඇති යම් කරුණු පිලිබඳ බලවත් විචිකිච්ඡා සහගත හැගීම මෙම ලිපිය ලිවීමේ ප්‍රස්තුතය වේ. අපට කාට වත් පෞද්ගලිකව පහර දීමේ කිසිම අවශ්‍යතාවක් නැතත් මෙවැනි ලිපි මගින් කෙරෙන මොළ ශෝධනයට පිළිතුරු නොදී සිටීම බුද්ධිමත් පාඨක ජනතාවට අප කරන අසාධාරණයකි. එබැවින් වෙලාව කා ගෙන හෝ, අන්තර්ජාල බිල ඉහල නවා ගෙන හෝ මෙය ලිවීම අපේ යුතුකමකැයි අපි සිතමු.
    අන්වර්ගෙන් “කපිල” නමැත්තකු ඇසු ප්‍රශ්න ගැන අපට කිසිදු වගකීමක් දැරිය නොහැකි බැවින් ඒ ගැන සාකච්ඡා නොකිරීමට අපි තීරණය කෙළෙමු. එහෙත් සිය පිළිතුරු වලදී අන්වර් ලබා දී තිබූ අහස පොළොව නූහුලන පච වට්ටෝරු වලට අපෙන් ප්‍රති-උත්තර දීමට අපි අපේක්ෂා කරමු.
    අන්වර්ගේ පළමු පිළිතුර

    ” … ක්‍රිස්තු වර්ෂ 2000ට පෙරද අපේ රටේ හලාල් සහතිකය සම්බන්ධ ආයතනයක් ක්‍රියාත්මක විය. හලාල් ලාංඡනයක්ද තිබුණි. 2000 වසරේදී සිදුවුයේ සමස්ථ ලංකා ආගමික විද්වතුන්ගේ සංගමය විසින් එය පාර්ලිමේන්තු පණතක් මගින් සංස්ථාපනය කිරීමයි. ඉස්ලාමය විසින් හලාල් සහ හරාම් සම්බන්ධව නියමයන් පැනවුණු දා පටන් මුස්ලිම් වරුන් හරාම් හෙවත් අනුමත නොවන දේ සම්බන්ධව අවධානයෙන් සිටින අතර ඉහත සංස්ථාපනය කෙරුණු හලාල් කමිටුව විසින් කරන්නේ හලාල් දේ මොනවාදැයි ජනතාවට පෙන්වා දීම පමණකි. හලාල් නොවන දේ නොගන්නා ලෙස මුස්ලිම් වරුන්ට බලකිරීමට කිසිසේත්ම අවශ්‍ය නැත. හලාල් නොවන දේ නොගතයුතු බව මුස්ලිම් වරුන් තම කුඩා කාලයේ ලද ආගමික ඉගැන්වීම් තුලින්ම දනිති.”..
    ක්‍රි.ව. 2000 ට පෙර ක්‍රියාත්මක වූ ආයතන ගැන හෝ එහි වගතුග ගැන සෙවීම අපට අදාළ නොවේ. අන්වර් අකමැත්තෙන් හෝ එක ඇත්තක් කියා තිබේ. එනම් “ඕල් සිලෝන් ජම්මියතුල් උලාමා”ව පළමු වරට ව්‍යවස්ථාපිත කරන ලද්දේ වර්ෂ 2000 දී බවයි.
    අන්වර් නොකී කතාව

    මේ තරම් දිග විස්තරයක් ජම්මියතුල් උලාමාව ගැන කී අපේ ආදරණීය උගත් මිත්‍ර අන්වර් මහතා හට එකම එක, ඉතාම නොවැදගත්, අබමල් රේණුවක වත් වැදගැම්මකට නැති, කුරා කූඹියකුට වත් වටින්නේ නැති පුංචි කාරණාවක් අමතක වී තිබේ. එනම් ජම්මියතුල් උලාමාව මෙරට ව්‍යවස්ථාපිත කොට ඇත්තේ ලාභ නොලබන ආගමික සංවිධානයක් ලෙස බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් පරිත්‍යාග හෝ ආධාර හැර වෙනත් කිසිම ආකාරයක මුදල් අයකිරීමක් කරන්නට ඔවුන් හට නීතිමය බලයක් නැති බවයි. කවුරුත් දන්නා පරිදි මේ රටේ ආහාර, ඇඳුම්, වැනි වෙනත් සේවා සඳහා ප්‍රමිති සම්පාදනය කරන සහ ඒවා ක්‍රියාත්මක කරන ISO, SLS වැනි ප්‍රමිතිකරණ ආයතන තිබේ. ආගමික සංවිධානයක් ලෙස මුල් ඇදගත් ජම්මියතුල් උලාමාව දැන් කරන්නේ ප්‍රමිතිකරණ ආයතනයකින් කරන වැඩකි. එනම් බල්ලගෙ වැඩේ බූරුවා කිරීමකි. අප කලින්ද කියා ඇති පරිදිමේ සහතිකය නිකම් දෙන්නෙ නම් අපට එහි කිසිම ගැටළුවක් නැත. එහෙත් මෙය ලබා දීමට අය කරන අති විශාල මුදල ට වෙන්නේ මොනවාද? එහෙම මුදල් ගැනීම සඳහා මොවුන් හට තිබෙන අයිතිය කුමක්ද?
    අන්වර්ගේ දෙවන පිළිතුර

    මෙය සහමුලින්ම අමුලික පට්ටපල් බොරුවකි. හලාල් සහතිකය සම්බන්ධව නිශ්චිත එක මිල ගණනක් නොමැත. හලාල් සහතිකය සඳහා අයකිරීම් කෙරෙන්නේ නිශ්පාදනයක ස්වභාවය සහ එහි නිශ්පාදන ධාරිතාව මතයි. එසේ අය කරන මිල ගණන් රේඛනය කරන්නාවු වගුව පහතින් දක්වා ඇත්තෙමු.

    (please see the original source)

    මේ විස්තරය කරන අපේ මිත්‍ර අන්වර් තුමාට මේ වගුව ලබා ගත්තේ කොහෙන්දැයි කීමට කල්පනා නොවේ. වැඩ වැඩි නිසා විය යුතුය. අන්වර්ගේ කතාව ඇත්ත නම් මෙරට කිසිදු ව්‍යාපාරයක් විසින් වසරකට රුපියල් 25,000 කට වඩා මුදලක් උලාමාවට නොලැබිය යුතුය. අතේ පැළ වෙන ජාතියේ පට්ට පල් ගල් කෙබර නොකෙලින ලෙස අපි ඉතා අවධාරණයෙන් කියා සිටිමු. අන්වර් ඉහත වගුවේ දක්වා තිබෙන්නේ හලාල් බද්ද නොවේ. නිෂ්පාදන පරිමාව මත අමතරව එකතු කළ බද්දයි. අපේ කොණ්ඩය ගැටයක් වන්නට උඩින් බැඳ නැත. අපි ඇස් කන් නොපෙනෙන අඳ ගොළු බිහිරෝ නොවෙමු. අන්වර්ගේ 25,000 කෙසේ වෙතත් මෙරට එක කුකුල් මස් නිෂ්පාදක ආයතනයකින් පමණක් මසකට (වසරකට නොවේ) රුපියල් 20,000 ක ඇති දැවැන්ත මුදලක් (වසරකට රුපියල් 240,000 /=) මෙතෙක් අය කළ බවත්, මේ ඉතා මෑතදී එය මසකට රුපියල් 40,000 දක්වා අත්තනෝමතිකව ඉහළ දැමු බවත් අපි ඉතා වගකීමෙන් ඔබට කියා සිටිමු. මසකට රු. 40,000/= ගණනේ වසරකට මෙය රු. 480,000 ක මුදලකි. එය අප කී රු. 175,000 ක වාර්ෂික බද්ද මෙන් දෙගුණයකටද වඩා අධික මුදලකි. එවැනි සහතික ලාභී මස් නිෂ්පාදන ආයතන 4ක් මගින් පමණක් උලාමාව වසරකට සොයන මුදල රුපියල් 1,920,000 කි. (මිලියන 1.9 කි.)!!!
    අන්වර්ගේ තුන්වන පිළිතුර

    හලාල් කමිටුවේ මව් ආයතනය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ස්වකීය අරමුණු සහ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධව මුදල් සොයා ගන්නේ හලාල් කමිටුවෙන් ලැබෙන ආදායමෙන් නොව දීපව්‍යාප්තව ඇති 3000 කට වඩා ඔවුන්ගේ සාමාජිකත්වයෙන් ලැබෙන මුදල් සහ ඔවුන්ට ලැබෙන වෙනත් ආධාර වලිනි. ඒ ගැන කිසිවෙකුට කුකුසක් ඇත්තේ නම් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ විගණන වාර්ථාව සහ හලාල් කමිටුවේ වාර්තාව යන දෙක කියවා බලා සංසංධනය කර වටහා ගත හැකිය.
    අන්වර් නොකී කතාව


    ජම්මියතුල් උලාමාව සහ හලාල් කමිටුව අතර සම්බන්ධය වටහා ගන්නට බැරි වීමට තරම් අපට ඇත්තේ පහත් අපෘෂ්ටවංශී ප්‍රාක්-මස්තිෂ්කයක් (ගැන්ග්ලියා) නොව, වැඩුණු මොලයක් බව මුලින්ම කිව යුතුය. හලාල් කමිටුව උපයන අති දැවැන්ත ආදායම, මවු ආයතනය මගින් කෙරෙන “සුභ සාධක ව්‍යාපෘති” වලට කැන්සල් කරමින්, මේ කරන වත්කම් සැඟවීම අපි හොඳට හඳුනමු. හලාල් සහතිකයෙන් මුදල් සොයමින්, වෙනත් “ව්‍යාපෘති” වලට ඒවා වියදම් කරමින් ජම්මියතුල් උලාමාව මේ ගෙනයන දෙබිඩි පිළිවෙත අපි කෙළින්ම දෝෂ දර්ශනයට ලක් කරමු. හැකි නම් බාර ගන්න මෙන්න අපේ අභියෝගය!
    සමාප්තිය

    මේ ලංකාවේ වෙසෙන කිසිම දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා හෝ වෙනත් කිසිදු ජාතියකට අයත් මිනිසුන් සමග හෝ, බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි (සහ එහි නානාප්‍රකාර නිකාය ද ඇතුළත්ව), රෙපරමාදු, ඉස්ලාම්, පැස්ටෆාරියන් හෝ වෙනත් කිසිදු ආගමකට අයත් මිනිසුන් සමග හෝ අපට ගැටළුවක් නොමැත. ගැටළුව ඇත්තේ ආගමේ, ජාතියේ, ජනවර්ගයේ නාමයෙන් මිනිසුන් රවටන, සූරා කන, පීඩාවට පත් කරන හෝ අන් අයුරකින් වේදනාවට පත් කරන නොමිනිසුන් සමගය.
    අප ජම්මියතුල් උලාමාවට එරෙහිව මිස මුස්ලිම් සහෝදරයන්ට එරෙහිව නොවේ.


    උපුටාගැනීම: http://thahanamwachana.wordpress.com/
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උලමා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ බඩගෝස්තරයෙන් කප්පම් අරන්.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වෙලාව කා ගෙන හෝ, අන්තර්ජාල බිල ඉහල නවා ගෙන හෝ මෙය ලිවීම තම යුතුකමකැයි සිතන, රට ජාතිය ගැන කැක්කුමක් ඇති මෙවන් සැබෑ ශ්‍රී ලාංකීය සිංහල සහෝදරයන් හා මුළුමහත් ජාතිය වෙනුවෙන් මෙය Spread කිරීම අපගේ යුතුකම හා වගකීම වනු ඇත.

    (Rep දෙන්න බැරි ප්‍රශ්නයක් තියනවා කියල කියන්නේ )