අනාගත නිවාස ආරක්ෂාව!!

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අනාගත නිවාස ආරක්ෂාව!!

    අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය.

    article-2568234-1BDA2E8500000578-859_634x380.jpg


    නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ. මෙම ගෘහස්ථ තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට



    Hyper-Secure connected smart homeසංකල්පයට පවා ලඟාවිය හැක. පහත සඳහන් වන්නේ අනාගතයේ අපට දක්නට ලැබෙන එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි,

    Door Fingerprint Reader




    මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාව තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.

    Cross-Checking Facial Recognition

    වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි හරහා සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියාකල හැක.

    Full Smart-Home

    නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.

    Cyber-Security is Improved

    Ag8216X81BXLP-S-9EUoJbri-pqdspOW1C1IsdCY3BVv-SqEllkWyUly0LrIbed9jY2aTp_EfapXMuYX7qk5e25-iwU_46hhrZS696AiiWklqxtwVDGjkoiJf_6CdDOVIIQ8R1uGGJpj

    තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවති, විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.


    ලිපිය ඉස්සුවේ: ගයාන් දිසානායකගෙන්
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    good post මචං.. REP+++

    bump
    adate rep iwarailu


    ela rep machan

    ගොඩක් වැදගත් මචන්

    Lankawata godak wadagath


    Good Post Saho..TFS:yes::yes:

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලටයි ඇන්ඩ් බම්ප් වලටයි :yes: