අනුරගෙ පැටිකිරිය මෙන්න

කයිය විතරයි දැන් දාලා යන්න වෙනවා....
කට්ට්ය අහනවනේ මොකද සද්දයක්වත් නැත්තේ.. NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද බං ? කියලා .. කිසිසේත්ම නෑ !!
එහෙම අහන අයට මෙහෙම ලියන්නම්.. NPP රජයේ මාස දෙකට;

Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..

ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..

ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..

එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..

ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..

ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..

ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..

ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..

රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..

අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..

නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..

කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..

පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..

රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..

ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..

ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..

රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..

පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..

ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).

ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..

ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..

ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..

ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..

ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..

රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..

ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..

රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..

කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..
මාස දෙකට මේ මදිද මචං ?
ආර්ථික ප්‍රශ්න විසඳලා.. කම්බ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන එකට යම් කාලයක් වෙයි, තාක්ෂණික දෝෂ ඇති නොවන විදියට නිවැරදිව ඒ නඩු විභාග විය යුතුයි, ඉතිං .. චන්දෙ දීපු අපිට නැති හදිසියක් නොදීපු ඔයාලට කොහොමත් තියන්න විදියක් නෑ ..


මේ අවුරුදු 5ත් ඉන් පසුවත් අපි දේශපාලනිකව අනුර ප්‍රමුඛව මේ ගමන යනවා .. මොකද ! මේ රටට ඔබින සාධනීය විපක්ෂයක් වත් තව පේන තෙක් මානෙකවත් නෑ ! ආණ්ඩුවෙ වැරදි පෙන්වමින්, අවශ්‍ය තැනදි විවේචනය කරමින් විපක්ෂයේ භූමිකාව කරන්නෙත් අපිම තමයි .. ඉතිං අකමැති අය මේ අවුරුදු 5ම අඬන්න , කෙඳිරි ගාන්න


